Jan
10
දුම් බොන එක අඩු වෙලා..ආණ්ඩුවට ආදායමත් අඩු වෙයි

ඉකුත් වසරේ අවසන් කාර්තුවේදී දුම්වැටි අලෙවිය සියයට 45කින් අඩු වූ බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
දුම්කොළ ගුදම් 4ක් වසා දැමීමට සිදුවූ බවද කොළඹ පිහිටි සිය කර්මාන්තශාලාවේ කාර්යමණ්ඩලය සියයට 20කින් අඩු කිරීමට සිදුවූ බවද ඔවුන් කියා සිටියා.
දුම්වැටිවලින් රජයට ලබාගත හැකිව තිබූ බදු ආදායම ද ඉකුත් වසරේ අවසන් කාර්තුවේදී රුපියල් බිලියන 13කින් අඩු වී ඇති බවයි ලංකා දුම්කොළ සමාගම පවසන්නේ.
එම කාර්තුවේදී දුම්වැටිවලින් රජයට ලබාගත හැකිව තිබූ බදු ආදායම රුපියල් බිලියන 27ක් බවද එහෙත් ලැබුණු බදු ආදායම රුපියල් බිලියන 14ක් පමණක් බවද ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.