Dec
09
ගුණරත්න සහ දික්‌වැල්ල නැති හේතුව සනත් හෙළි කරයි

“කණ්‌ඩායමට පිතිකරුවන් නම් කරන්න පුළුවන් අට දෙනයි. ඒ නිසා අසේල ගුණරත්න සහ නිරෝෂන් දික්‌වැල්ලව නම් කරන්න බැරිවුණා. කොහොමත් කණ්‌ඩායමක ඔහොම තරගයක් එන එක හොඳයි. අපි බලාපොරොත්තු වුණෙත් මෙවැනි තරගයක්. නමුත් මටත් කණගාටුයි අසේලව සහ දික්‌වැල්ල නම් කරන්න බැරිවීම ගැන.” යෑයි ජයසුරිය පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස්‌ද පවසන්නේ මෙම තරගාවලිය සඳහා කණ්‌ඩායම නම් කිරීමේදී ක්‍රිකට් තේරීම් කමිටුවද අමාරුවේ වැටුන බවයි. “ක්‍රිකට් තේරීම් කමිටුවත් ලොකු ප්‍රශ්නයකට මුහුණ දුන්නා කණ්‌ඩායම තේරීමේදී. මොකද පිතිකරුවන් නම් කරන්න පුළුවන් අට දෙනයි. අසේල ගුණරත්න සහ නිරෝෂන් දික්‌වැල්ල හොඳින් ක්‍රීඩා කරනවා. නමුත් මේ කණ්‌ඩායමට ඔවුන්ට ඇතුළත්වීමට වාසනාව තිබ්බෙ නැහැ.” යෑයි පැවසීය.
නවක වේග පන්දු යවන්නකු වන විකුම් සංජය ශ්‍රී ලංකා සංචිතයට එක් කිරීම පිළිබඳවද ක්‍රිකට් සභාපතිවරයා අදහස් දැක්‌වීය. “විකුම් සංජය තමයි පසුගිය කාලයේ ඉතාමත් හොඳින්ම වේග පන්දු යවන්නෙක් ලෙස ක්‍රීඩා කළේ. වෙළෙඳසේවා තරගාවලියේදී මෙන්ම පළමු පෙළ තරගාවලියේදීත් ඔහු හොඳින් ක්‍රීඩා කළා. ඒ වගේම ශ්‍රී ලංකාවේ සිටින විසි දෙනකුගෙන් සමන්විත වේග පන්දු යවන්නන්ගෙ සංචිතයෙන් ඔහු ඉන්නවා. මේක හොඳ අවස්‌ථාවක් විකුම්ට. මොකද අපේ පසුගිය කාලයේ වේග පන්දු යවන්නන්ගෙ අඩුවක් තිබ්බා. ඒ නිසා අපිට තව වේග පන්දු යවන්නෙක් සොයා ගන්න අවශ්‍ය වුනා.”
දකුණු අප්‍රිකානු තණතීරු ඉපිලීමක් සහ දෝලනයක් සහිත තණතීරු බවත් කෙසේ වෙතත් හොඳ සටනක් දීමට තමා ඇතුළු කණ්‌ඩායම සූදානම් බවත් ශ්‍රී ලංකා නායකයකා තවදුරටත් පැවසීය.
“කණ්‌ඩායමක ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම්වලදී කොතැනද ඉන්නෙ කියන එක වැදගත් නැහැ තරග දිනන්න. විශේෂයෙන් දකුණු අප්‍රිකානු කණ්‌ඩායම මේ දවස්‌වල ඉතාමත් හොඳින් ක්‍රීඩා කරනවා. අපි ඒ ගැන අවධානය යොමු කරන්නෙ නැහැ. අපේ ඉලක්‌කය හොඳින් ක්‍රීඩා කිරීම විතරයි.”
- දිවයින