Dec 17

දැම්මොත් ෆේස්බුක් සෙල්ලම් දැන්නම් වෙනවා සල්ලං

ෆේස්බුක් කියන වචනය ශබ්ද කෝෂයට ඇතුළත් වී එතරම් කාලයක් නැති නිසා වැඩිහිටි අපට අලුත් වුණත් කුඩා දරුවකුට එය අලුත් වචනයක් නොවන්නේ ළදරුවකුට තරම් වයසක් ෆේස්බුක් වචනයටද ඇති නිසාවෙනි. වචනය ඉංග්‍රීසියෙන් නිසාත් සිංහල අපට වඩාත් සමීප වුණු නිසාත් 'ෆේස්බුක්' අමුවටම සිංහලට හරවා එයට මුහුණු පොත යන්නෙන් සිංහලෙන් භාවිත කෙරෙයි.

ෆේස්බුක් කියන්නේ සමාජ ජාලයක් ගොඩනඟා ගත හැකි විද්‍යුත් සන්නිවේදන මාධ්‍යයක්. එයින් පහසුකම් ඇති, ලෝකයේ ඕනෑම තැනක ඉන්න කෙනෙක් එක්ක ඒ මොහොතේම ක්‍ෂණිකව සබඳතා ඇති කර ගන්න පුළුවන්.

දැනට වසර 10කට විතර ඉස්සර පරිගණක ඉන්ජිනේරු විද්‍යාව හදාරන ඇමෙරිකානු ජාතික මාර්ක් සකර්බර්ග් කියන විශ්වවිද්‍යාල ශිෂ්‍යයා තම උපාධි නිබන්ධනයට ඉදිරිපත් කරන්නට අමුතු දෙයක් ගැන හිතුවා. ක්‍ෂණිකව තම යහළු හිත මිතුරන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමටත් තොරතුරු සන්නිවේදනය කර ගැනීමේ අදහසින් අමුතු ක්‍රමවේදයක් ගැන හිතපු සකර්බර්ග් බොහොම සීරුවට මේ ෆේස්බුක් කියන සමාජ ජාල වෙබ් අඩවිය නිර්මාණය කළා.

මුලින් තම මිතුරන් අතරේ ප්‍රචලිත වුණු සකර්බර්ග්ගේ මේ අපූරු සොයා ගැනීම පසුව මිතුරන්ගෙන් මිතුරන් අතරට ගියා. කාලයාගේ ඇවෑමෙන් සකර්බර්ග්ගේ මේ නිර්මාණය අද බිලියන ගණනක් අතරේ ලොව පුරා ව්‍යාප්ත වෙලා. පරිගණකයක් හෝ එම පහසුකම් ඇති ස්මාර්ට් ජංගම දුරකතනයක්, ටැබ් එකක් හෝ එවැනි අන්තර්ජාල පහසුකම් ඇති ඕනෑම විද්‍යුත් මෙවලමකින් ක්‍ෂණිකව සකර්බර්ග්ගේ මේ නව සොයා ගැනීම හා සම්බන්ධ වීමේ හැකියාව ඕනෑම කෙනකුට තියෙනවා. සකර්බර්ග්ගේ මේ සොයා ගැනීමට තවමත් ගතවෙලා තිබෙන්නේ වසර 10ක විතර කාලයක්. ඒ කියන්නේ ෆේස්බුක්ට වයස අවුරුදු දහයයි. තවමත් ළදරුවෙක්.
ළදරු වියේ හිටියත් මේ ෆේස්බුක් හරහා සිදුවන සමහර ගනුදෙනු නම් ළදරුවකුට තරම් වටින්නේ නැහැ. එදා සකර්බර්ග් මේ ෆේස්බුක් නිර්මාණය කළේ තම නෑ හිත මිතුරන් සමඟ නැවුම් අදහස්, නොමැකෙන සිහිවටන උණුසුම්ව බෙදා ගනිමින් හොඳහිත බෙදා හදා ගන්නයි. ඒත් කල්යෑමේදී සකර්බර්ග්ල මෙලොවට බිහි කරපු ෆේස්බුක් සකර්බර්ග්ටම එරෙහි වුණු අවස්ථා බොහොමයක්ම තිබුණා. ඒවා වුණේ සිය ෆේස්බුක් වෙබ් අඩවියට විවෘතව ඇතුළත් වීමට ඕනෑම කෙනකුට අවස්ථාව දීල තිබුණු හින්දා. මේ නිසා සකර්බර්ග්ගේද නෑ හිතමිතුරන් නොයෙක් ගැටලුවලට මුහුණ දුන්නා. සමහර ඒවා හිතාගන්නවත් බැරි විදියට. තමා නන් නාඳුනනා ඕනෑම කෙනකුට තම ෆේස්බුක් වෙබ් අඩවියට ඇතුළු වෙන්න ඉඩ ප්‍රස්තාව විවර කිරීම නිසයි සකර්බර්ග් මේ ගැටලුවලට මුහුණ දුන්නෙ. මේක සකර්බර්ග්ට වදයක් වුණා. පසුව සකර්බර්ග් කළේ පිටස්තර අයට ඇතුළු වෙන්න බැරි විදියට තම ෆේස්බුක් ගිණුමට අගුළු දමා වසා දැමිය හැකි ආරක්ෂිත ක්‍රමයක් සොයා ගැනීමයි. ඒකට 'පාස්වර්ඩ්' කියල අපි ඉංග්‍රීසියෙන් කියනවා.

සිංහලයෙන් නම් කියන්නෙ මුර පදය කියලා. මේ මුර පදය භාවිත නොකර ලෝකයේ ඉන්න හැම කෙනකුටම තමන්ගේ ෆේස්බුක් පිටුවට ඇතුළත් වෙන්න ඉඩ හැරීමෙන් මහා විශාල හානි සිදුකර ගන්නා අය ගැන හැමදාම අපිට අහන්න ලැබෙනවා. ඒක හරියට මේ වගේ.

මහපාරෙ, බස් එකේ, දුම්රියේ වගේ ප්‍රසිද්ධ ස්ථානවල අපිට හමුවන නන්නාඳුනන පුද්ගලයන් ඉන්නවනෙ. කිසිම හෙවිල්ලක්, බැලිල්ලක් නැහැ. අපි ඔවුන් සමඟ මිතුරු වෙනවා. ඒ වෙලාවේම අපේ පෞද්ගලික තොරතුරු, රහස්‍ය දේවල් ඒ අයට කියනවා. තමන්ට නොගැළපෙන අය සමඟ පෞද්ගලික දේවල් බෙදා හදා ගැනීමෙන් වෙන්නෙ අනවශ්‍ය සබඳතාවන් ගොඩනැඟෙන එක. මේ සබඳතා දුර දිග යනවා. හැම කෙනෙක්ම අවංක නැහැනෙ. මේ නිසා ඇතැම් විට අපි නොහිතන කරදරවලට පත්වෙනවා. එහෙම පත්වුණාම පොලිසි, උසාවි, හිරගෙවල්වල පවා ඉන්න වෙන අවස්ථා අප අහල තියෙනවා. ඒ තමයි අපේ ගෙදරට බලෙන් ඇතුළු වෙච්ච පිරිසක් අපේ දේවල් හොරකම් කරගෙන වෙනත් අයගෙ නමින් තවත් අයට බෙදා දීම.

මේ කීවේ මෙහි පුංචිම නරක පැත්ත. යහපත් පැතිකඩ ඉතා විශාලයි. අමතක කරන්න හොඳ නැහැ මේ ෆේස්බුක් එකෙන් වෙන්නේ වැඩි වශයෙන්ම යහපත් දේවල්. අයහපත් දේවල් වෙන්නෙ සියයට ඉතාම අඩු ගණනක්. ඒ අඩු ගණන වුණත් බිලියන ගණනින් ෆේස්බුක් භාවිත කරන නිසා කරදරේ වැටෙන අයත් ගණනින් විශාලයි.
මේ ගැන මාධ්‍ය වාර්තාවක් පසුගියදා පළවුණා. මාස 11කට ෆේස්බුක් පැමිණිලි 2,100ක්. වැඩිම පැමිණිලි කාන්තා පාර්ශ්වයෙන්.

ආරක්ෂිතව ෆේස්බුක් භාවිතය නිසි අයුරින් සිදු නොකිරීම අව භාවිතය කියලයි කියන්නෙ. පළවූ මාධ්‍ය වාර්තාවේ සඳහන් පැමිණිලි 2,100ම මේ අවභාවිතය නිසා සිදුවුණු දේවල්. තමන්ගෙ ෆේස්බුක් එකට ඇතුළත් වෙන්නට ඉල්ලන හැම කෙනෙක්ටම අවසර දීම නිසා සිද්ධ වුණු දේවල්. මුර පදයක් යෙදීම ගෙදර ආරක්ෂාවට ආරක්ෂක මුර භටයෙක් යොදනවා වගේ. එයාගේ අවසරයක් නැතිව කාටවත් මේ ගෙදරට ඇතුළු වෙන්න බැහැ.

අපි දන්නවනෙ, දන්නා හඳුනන මුර භටයෙක් හිටියොත් එයාගෙන් පොඩි බුරුලක් ලැබෙන බව. කොහොම හරි එයාව යාළු කරගෙන මේ ගෙදරට ඇතුළු වෙන්න බැරිකමක් නැහැ. ඒ විදියට ඇතුළු වෙලා ගෙදර තියෙන දේවල් විටින් විට හොර රහසේ ගෙනියන්නත් බැරිකමක් නැහැ. එහෙම අරන් ගියාම අර මාධ්‍ය වාර්තාවේ වගේ කරදර අපිට ඇති වෙනවා. තමන්ගේ පෞද්ගලික තොරතුරු රහස්‍ය දේවල් තමන්ගේ නමින් වෙනත් අයට යවන නොමනා අයගෙන් අපට කරදර වෙනවා. නමුත් අපි නොදන්නා බොහොම ශක්තිමත් ප්‍රතාපවත් පුරුෂයෙක් මුරට යෙදුවොත් කාටවත් ඔහුගෙන් ගැලවිලා මේ ගෙදරට රිංගන්න බැහැ.

අපි දන්නා හඳුනන මුර භටයෙක් කීවෙ තමන්ගෙ දුරකතන අංකය, උපන් දිනය, කෙටි නම, ගම මේ වගේ අපේ ප්‍රසිද්ධ තොරතුරු මේ මුර පදයට යොදා ගන්න හොඳ නැහැ. එහෙම යොදා ගත්තොත් වෙන්නෙ අපේ ගෙදරට කවුරුත් දන්නා හඳුනන මුර භටයෙක් යොදලා කර ගත්ත හානියට සමාන දෙයක්.

මාධ්‍ය වාර්තාවෙ තිබුණු විදියට ෆේස්බුක් පැමිණිලිවලින් වැඩිම පැමිණිලි කාන්තාවන්ගෙන් වීමත් විශේෂයි. ජන්මයෙන්ම කාන්තාවන් අන් අයගෙ රහස්‍ය තොරතුරු සෙවීමට කැමැත්තක් දක්වනවා. මේ නිසා බොහෝ විට එයාල අන් අයගේ උගුල්වලට අහුවෙලා අමාරුවෙ වැටෙනවා. වැඩිපුරම සිද්ධ වෙන්නෙ රැවටීම්වලට අහුවෙලා මුළාවෙන එක. තමන්ගෙ නමින් වෙනත් ෆේස්බුක් ගිණුමට ඇතුළුවෙලා හොර රහසේ අන් අය සමඟ ගනුදෙනු කිරීම තමයි මෙහිදී සිද්ධ වෙන්නෙ. ඇත්තටම පස්සෙ තමයි දැනගන්නෙ තමන් උගුලට අහුවෙලා කියලා.

මෙහෙම උගුලකට අහුවුණොත් මොකද කරන්නෙ. තමන්ව අමාරුවෙ දාපු කෙනා හොයා ගන්න උදවු කරන නවතම කාර්යාංශයක් දැන් පිහිටුවලා තියෙනවා. ඒ තමයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය. මෙය පිහිටුවලා තියෙන්නෙ සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ කරදරයකට පත් වන අයගේ ආරක්ෂාවට. දුරකතන අංක 0112 691 692 ආරක්ෂක ප්‍රධාන ඉන්ජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතාට කතා කළොත් මෙවැනි කරදරයකට පත්වුණු ඔබටත් පිහිටක් ලබා ගන්න පුළුවන්. මේ තොරතුරු කිව්වෙත් රොෂාන් චන්ද්‍රගුප්ත මහත්මයා.

- මව්බිම

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.