Dec
19

ඔව්. ඒක කොහොමද ගියේ කියලා මම දන්නේ නැහැ. මගේ රසිකයෙක් තමා ඒක මට කිව්වේ.
තවමත් ජාත්‍යන්තරයට නොගිය නිරූපිකාවක් විදියට ජාතික පුවත්පතක ඔබේ ඡායාරූපයක් පළ කිරීම ගැන මොකද හිතෙන්නේ?
මම නොදැනුවත්ව මගේ ෆොටෝ එකක් දාලා තිබ්බත් මම ඒ ගැන සතුටුයි. ඒ භාෂාව මට තේරෙන්නේ නැහැ. මොන අදහසින් දැම්මද කියලාවත් මම දන්නේ නැහැ.
නිරූපිකාවන් ජාත්‍යන්තරයට යන්න උත්සාහ කරනවා. අමායාට ජාත්‍යන්තරයට යන්න අදහසක් නැද්ද?
එහෙම අදහසක් නැහැ. මට නිරූපණ ක්‍ෂේත්‍රය ගැන පැහැදීමක් නැහැ. මම ඒකෙන් අයින් වෙන්න හිතාගෙන ඉන්නේ.
විවාහක රූ රැජන තරගයට ඉදිරිපත් වුණොත් නරකද?
අදහසක් තියෙනවා. ලබන වසරේදී බොහෝ දුරට මම විවාහක රූ රැජන තරගයට ඉදිරිපත් වෙයි.
අමායා තාමත් අමායා අධිකාරිද?
ඔව්. මම තාමත් අමායා අධිකාරි.
පසුගිය දවස්වල අතුලයි, සමිතයි අමායයි ළමයිනුයි එකට ඉන්න ඡායාරූපයක් FACEBOOK එකේ ෂෙයාර් වුණා. ඒ ගැන ගොඩක් අය කතා කරන්නත් ගත්තා?
ඔව්. ඒක මගේ පෞද්ගලික දෙයක්. අතුලයි, මමයි, සමිතායි ගැන හොයන්න කාටවත් අවශ්‍ය නැහැ. කවුරු වුණත් තරහා වෙනවා, යාළු වෙනවා. ඒක අපටත් අදාළයි.
හර්ෂ ධනුෂ් ගැනයි අමායා ගැනයි එක එක කතා ඇහෙනවා. මොකද්ද මේ කතාවල ඇත්ත නැත්ත?
හර්ෂ මගේ යාළුවෙක්. මට ගොඩක් ඉන්නේ පිරිමි යාළුවෝ. එකට වැඩ කළා එකට එළියේ තැන්වල හිටියා කියලා එතැන සම්බන්ධයක් තියෙන්න විදියක් නැහැනේ.
හර්ෂගේ මියුසික් වීඩියෝවලට ගන්න අය තීරණය කරන්නේ අමායලු. ඇත්තද?
එහෙම දෙයක් නැහැ. මම එයාගේ දේවල් කරනවා නම් මම එයාගේ මියුසික් වීඩියෝවල ඉන්න ඕනෑ. එහෙම දෙයක් නැහැ. එයා එයාගේ ගමන යනවා. මම මගේ ගමන යනවා.
ඔය අතරේ සල්සපුනා ටෙලි නාට්‍යයේ නර්මදා විදියටත්, අමායා ගැන කතා කරන්න අරගෙන?
ඒක මගේ ජීවිතේ ගෙවෙන විදියට ගොඩක් සමානයි. ඒ නිසා ඒ චරිතය කරන්න මට අමාරු නැහැ. ඒ චරිතයට මමත් ගොඩක් ආදරෙයි. නාලන් මෙන්ඩිස් මහත්මයා ඇතුළු මුළු කණ්ඩායමම මගේ පවුලේ අය වගේ.
කලා කටයුතු එක්ක මවකගේ වගකීම් මඟහැරෙන්නේ නැද්ද?
දුවව අම්මා බලා ගන්නවා. මම හැමදාම 6.30 වෙද්දි ගෙදර යනවා. දුව එක්ක ඉන්නවා. එයා ළඟ ඉන්න එක මට ලොකු සතුටක්.
දුවගේ සියලුම බර තියෙන්නේ අමායාගේ කරපිටද?
එහෙම තමා. මම එයාගේ තාත්තිට බරක් දෙන්නේ නැහැ. තාත්තා වියදම් දරනවා තමා. ඒත් දරුවා බලා ගන්න එක තියෙන්නේ අම්මාට. එයාගේ තාත්තා එයා ගැන හොයලා බලනවා. ඇඟිල්ලෙන් ඇන ඇන කියන්න දෙයක් නැහැ.
දුව බලන්න අතුල එනවාද?
ඔව්. එයා වැඩ නැති වෙලාවට එනවා. එළියට එක්කන් යනවා. එයා තාත්තාගේ වගකීම හරියට ඉෂ්ට කරනවා. මගේ දරුවා ගැන වගේම අනිත් දරුවෝ දෙන්නා ගැනත් අතුල බලනවා. දරුවෝ තුන්දෙනාම එයාගෙනේ.
අලුත් වැඩ භාර ගත්තද?
ටෙලි නාට්‍ය ගොඩක් භාරගෙන තියෙනවා. ඒ දේවල්වල වැඩ කරගෙන යනවා. ගොඩක් වැඩ භාර ගත්තා වුණත් තෝරලා බේරලා තමා කරන්නේ.
රංගනයට පිවිසිලා ඉන්න නිසා සම්මාන ගැනත් බලාපොරොත්තු ඇති නේද?
සම්මාන ගැන නම් බලාපොරොත්තු නැහැ. නමුත් මගේ හැකියාව ඇගැයීමට ලක්කරලා සම්මානයක් ලැබෙනවා නම් මම කැමැතියි.
ඉදිරි බලාපොරොත්තු මොනවාද කියලත් කියමු?
කලා ක්‍ෂේත්‍රයේ ඉදිරියට යන්න කැමැතියි. සින්දුවක් කරන්න අදහසක් තියෙනවා. තව සැලුන් එකක් පටන් ගන්නත් අදහසක් තියෙනවා.
- මව්බිම