Nov 04

'ආලියා' චරිතයට හිතුවතටත් වඩා රසික ප්‍රතිචාර ලැබෙනවා - ෂනාලි

මේ දිනවල විකාශය වන ජනප්‍රිය ටෙලි නාට්‍යය අතරේ නාලන් මෙන්ඩිස් විසින් අධ්‍යක්ෂණය කරනු ලබන "සල් සපුනා" ටෙලි නාට්‍යයේ "ආලියා" ලෙස ඔබගේ ආදරය දිනාගත් ෂනාලි වීරසිංහ පසුගිය දිනවල දකුණු කොරියාවේ සංචාරයක නිරතව සිටි බවට තොරතුර වාර්තා විය. ඇය එසේ දකුණු කොරියාවේ සෝල් නගරයේ සංචාරයක නිරතව සිටියේ "මිස් ග්ලෝබල් බියුටි ක්වීන්" තරගය සඳහාය.

අලුත් තොරතුරු මොනවද?

පසුගිය දිනවල මම දකුණු කොරියාවේ සංචාරයක නිරත වුණා. දැන්නම් ලංකාවෙ ඉන්නේ. මේ දිනවල යළිත් %සල් සපුනා^ ටෙලි නාට්‍යයේ රූපගත කිරීම් කටයුතු සඳහා දායක වෙලා ඉන්නවා. ඒ වගේම සුපුරුදු පරිදි නිරූපණ කටයුතුවලටත් සම්බන්ධ වෙලා වැඩ කරනවා.

 කොහොමද ඔබගේ දකුණු කොරියානු ගමන?

මම දකුණු කොරියාවට ගියේ %මිස් ග්ලෝබල් බියුටි ක්වීන්^ කියන තරගයට ඉදිරිපත් වෙන්න. ලංකාව නියෝජනය කරමින් තමයි මම මේ තරගයට ඉදිරිපත් වුණේ. මේ මගේ පළමු ජාත්‍යන්තර රූපරාජිනි තරගය. මීට පෙර මා වතාවන් කිහිපයක් ලංකාවෙ රූපරාජිනි තරග සඳහා ඉදිරිපත් වෙලා තියෙනවා. රටවල් 39ක තරගකාරියන් %මිස් ග්ලෝබල් බියුටි ක්වීන්^ කියන තරගයට ඉදිරිපත් වුණා. එහිදී මට ජාත්‍යන්තර අත්දැකීම් මෙන්ම ජාත්‍යන්තර මිත්‍රත්ව ගොඩනගා ගන්නත් හැකියාව ලැබුණා.

 පසුගිය වසරේ ඔබ ලංකාවේ ප්‍රධාන රූපරාජිනි තරගයකට ඉදිරිපත් වුණා නේද?

ඔව්, "2015 මිස් ශ්‍රී ලංකා මිස් අර්ත්" තරගයට මම ඉදිරිපත් වුණා. එහි අවසන් තරගකාරියන් 05 දෙනා අතරට මට එන්න හැකියාව ලැබුණා.

 "ආලියා" කියන චරිතයට කොහොමද ලැබෙන රසික ප්‍රතිචාර?

හිතුවටත් වඩා හොඳ රසික ප්‍රතිචාර දැනටමත් ලැබෙමින් පවතිනවා. මේ මගේ පළමු රංගනය නිසා තරමක් කුතුහලයෙන් හිටියේ. නමුත්, ලැබෙන රසික ප්‍රතිචාරත් එක්ක හිතෙනවා මම "ආලියා" කියන චරිතයට හොඳ සාධාරණයක් ඉටු කරලා තියෙනවා කියලා.

 "සල් සපුනා" ටෙලි නාට්‍යයෙන් පමණයි අපි තවමත් ඔබව දැක්කේ?

"සල් සපුනා" විකාශය වෙන්න පටන් ගත්ත දවසේ ඉඳලා අද දක්වා මට ටෙලි නාට්‍යය 5කට විතර ආරාධනා නම් ලැබුණා. නමුත්, මම හිතාගත්තා "සල් සපුනා" නාට්‍යය අවසන් වනතෙක් තවත් නිර්මාණයකට සම්බන්ධ වෙන්නේ නැහැ කියලා. ඉතින් %සල් සපුනා^ නාට්‍යය අවසන් වුණ දවසට තමයි මම මගේ අනිත් නිර්මාණයට දායක වෙන්නේ.

අනිත් කාරණය තමයි මම හැමදෙයක්ම එක පාරටම බදාගෙන කරන කෙනෙක් නෙමෙයි. මම රංගනයට පිවිසි මුල්කාලයේදී මුල්තැන දුන්නේ මගේ පළමු නිර්මාණයට. ඒ නිසා අනෙක් නිර්මාණ පිළිබඳව මම ලොකුවට හොයලා බැලුවෙ නැහැ. සමහරක් විට "ආලියා" වගේම මට ගැළපෙන චරිත ඒ ප්‍රතික්ෂේප කළ නාට්‍යය අතරේ තිබෙන්නත් ඇති.

 දැන් නිරූපණයට යොමු වෙනවා අඩුද?

පසුගිය ටිකේ දකුණු කොරියාවේ හිටිය නිසා නිරූපණ කටයුතුවලට යොමු වුණේ අඩුවෙන්. ඒ වගේම තමයි "සල් සපුනා" ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණාමත් මට ටිකක් කාලය අඩු වුණා. තිබුණ කාර්ය බහුලත්වයත් එක්ක මට නිරූපණය ක්ෂේත්‍රය තුළ තිබුණ වැඩ අහිමි වුණා. නමුත්, ඉදිරියේදී මේ හැම වෘත්තියක්ම සමබරව කරගෙන යන්න සැලසුම් කරමින් ඉන්නවා.

 ෂනාලිට උදව් කළ පිරිසකුත් ඇති?

මගේ අම්මා, තාත්තා දෙන්නා නැත්නම් අද මම මෙතැන නැහැ. ඔවුන්ගේ මඟ පෙන්වීම මත තමයි මම මේතරම් දුරක් ආවේ. ඊට අමතරව මගේ නිරූපණ ක්ෂේත්‍රයේ ගුරුවරිය වුණ රොසෑන් ඩයස් මහත්මියව මේ වෙලාවේදී කෘතවේදීව මතක් කරන්න කැමතියි. ඒ වගේම %සල් සපුනා^ ටෙලි නාට්‍යයේ සියලුම ශිල්පීන්ව සහ තුෂාරි අබේසේකර අක්කා දුන් සහයෝගය ගැන විශේෂයෙන්ම මතක් කරන්න ඕන.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.