Oct
11
Samsung Galaxy Note7 ආයේ නොඑන්නටම යන්නට යයි

අපි මේ කියන්න යන දේ Samsung Galaxy Note7 පාවිච්ච කරන්න බලාගෙන හිටපු හුගක් අයට ලොකු දුකක් නම් දැනෙයි.
ඒකට හේතුව පහතින් කියන්න….
Samsung Galaxy Note7 දුරකථනයේ බැටරියේ කිසිදු හේතුවක් නොමැතිව එකවරම පිපිරීමට ලක්වුණා.
මේ තත්ත්වය නිසා එහි බැටරිය නැවත සැදීමට අදාළ සමාගම තීරණය කළා.
ඒ අනුව ලොව පුරා අලෙවි කෙරුණු Galaxy Note7 දුරකථනය නැවත කැදවීමට Samsung සමාගම පියවර ගත්තා.
නව බැටරියක් ඇතුළත් කිරීමෙන් පසු පද්ගලයෙක් ලබාගත් අලුත්ම Samsung Galaxy Note7 ජංගම දුරකථනය ඇමෙරිකාවේ අභ්‍යන්තර ගුවන් ගමනකදී පිපිරීමකට ලක්වෙලා තියෙනවා.
මේ හේතුව නිසා Samsung සමාගම තීරණය කරලා තියෙනවා මින් පසුව Samsung Galaxy Note7 දුරකථනය නැවත වරක් නිෂ්පාදනය නොකිරීමට.