Oct
19
මීනිමැරූ සවුදි කුමාරයාට මරණ දඬුවම

සාමාන්‍යයෙන් බොහෝ පුද්ගලයන් ගේ හිසගසා දමනු ලැබුවත් මෙම කුමාරයාට මරණ දඬුවම ලබාදී තිබුණු ආකාරය පිළිබඳව වාර්තා නොවේ.
නිවේදනයක් නිකුත් කරමින් එරට ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසා ඇත්තේ මෙමගින් ආරක්ෂාව හා යුක්තිය රැකගැනීමට රජය කටයුතු කරන බවට සැමට ඒත්තු ගැන්වෙනු ඇති බවයි.
රියාද් අගනුවරදී මෙසේ මරණ දඬුවම ලබාදී ඇත්තේ Turki bin Saud al-Kabir කුමරුටයි.
මීට තෙවසරකට පෙර රියාද් අගනුවර දී ඇති වූ ගැටුමකදී පුද්ගලයෙකුට වෙඩිතබා මරා දැමීම සම්බන්ධයෙන් ඔහු වරද පිළිගෙන තිබුණි.
ප්‍රංශ පුවත් සේවයට අනුව මොහු, මේ වසරේදී මරණ දණ්ඩණයට ලක්වූ 134 වැනි පුද්ගලයා ය.
කෙසේ වෙතත්, රජ පවුලේ සාමාජිකයන් මරණ දණ්ඩණයට ලක්වීම දුර්ලභ අවස්ථාවක් බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.