Sep
22
නුවන්ගේ කාර් එකට හැප්පුන තරුණයගේ මව කිව්ව සංවේදී කතාවක් හෙළිවෙයි

එමෙන්ම මෙම අනතුරේදී කුලසේකරගේ අතේ වරදක් නැති බවත් විරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදිකරු විසිවී Nuwan Kulasekara පැදවූ මෝටර් රථයේ ගැටී ඇති බවත් පරීක්ෂණ වලින් හෙළිව තිබෙනවා.
එමෙන්ම සිද්ධිය වූ පසුව කුලසේකරගේ පියා විසින් මියගිය තරුණයාගේ මවට දුරකථනයෙන් කතාකොට ඇති අතර ඔහු එහිදී අනතුර සම්බන්දයෙන් ශෝකය පලකර තිබෙනවා.
එහිදී මියගිය තරුණයාගේ මව පවසා ඇත්තේ ”මගේ පුතා දැන් මැරිලා ඉවරනේ, ඔයාගේ පුතාව බේරගන්න” ලෙසිනුයි. ඇය වැඩිදුරටත් සිද්ධිය සම්බන්ධයෙන් පවසා තිබුණු මේ අයුරිනුයි.
“පුතා ඉස්කෝලේ ගියේ රන් පොකුණගම මහා විද්‍යාලයට. එයා ක්‍රීඩාවට ගොඩක් දක්ෂයි. ඒ කාලේ පුතාට ක්‍රිකට් පිස්සුව තිබුණා. ඒ නිසා තමයි නුවන් කුලසේකරවත් අඳුනන්නේ. නුවන් ගියෙත් අපේ පුතා ගිය ඉස්කෝලෙටමයි. පුතා නුවන් ගැන නිතරම කියවනවා. පසු කාලේදී පුතා සංඝබෝධි විද්‍යාලෙට දැම්මා. එහෙදී වොලිබෝල් ටීම් එකෙත් හිටියා. පුතාට මේ සිද්ධ වුණ දේ ගැන මට තවමත් හිතා ගන්න බැහැ. අනතුරින් පස්සේ නුවන් කුලසේකරගේ තාත්තත් මා එක්ක දුරකථනයෙන් කතා කළා. අනේ මම කිව්වා නුවන්ගේ පියාට මගේ පුතා දැන් මැරිලා ඉවරනේ. එයාගේ වැරැද්දක් තිබුණත් නැතත් දැන් ඔයාගේ පුතාව බේරගන්න කියලා”
මේ අතර තම මෝටර් රථයෙන් කොළඹ දෙසට යමින් සිටියදී විරුද්ධ දිශාවෙන් පැමිණි යතුරු පැදිකරුවකු මාර්ගය වෙන් කරන බැම්මෙහි වැදී එකවර තමා ඉදිරියට යමින් සිටි මාර්ගයට වැටුණු බවත් එම අවස්ථාවේදී ඔහු තම මෝටර් රථයේ වැදුණු බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර පොලිසිය හමුවේ පවසා තිබෙනවා.
කෙසේ වෙතත් කුලසේකර සඳහන් කර ඇති ආකාරයට පරීක්ෂා කර බැලීමේදී යතුරු පැදිකරු පැමිණි දිශාවෙන් වූ මාර්ගය වෙන්කරන කොටසෙහි යතුරු පැදියේ පාදය තිබෙන කොටස ඇතිල්ලී මීටර් කිහිපයක් ගොස් ඇති බවට සාක්ෂි සහිතව දැකගන්නට හැකිවී ඇත. ඒ නිසා මෙම සිද්ධියේදී කුලසේකරගේ වැරැද්දක් මේ වන තෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය සඳහන් කරයි. නුවන් කුලසේකර බීමත්ව ඇතිදැයි පරීක්ෂ කර ඇති අතර එහිදීද ඔහු මත්පැන් නොබී සිටි බවට තහවුරු වී ඇති අතර තරුණයාගේ අවසන් කටයුතු සිදුකිරීමට දේහය මේ වන විට ඥාතීන්ට භාර දී ඇති බවද දැනගන්නට ලැබෙනවා.