Sep
28
ලංකාවේදී ලංකාවේම කාන්තාවකට ගල් ගසා ඝාතනය කරලා

මෙසේ මියගොස් ඇත්තේ හබරාදුව හරුමල්ගොඩ පදිංචිව සිටි එම්. ඒ. ප්‍රේමාවතී නමැති හැත්තෑ හතර හැවිරිදි කාන්තාවකි.
මෙම කාන්තාව පදිංචි නිවසට යාබද ඉඩමේ වෙනත් පුද්ගලයකු නිවසක් ඉදි කරමින් පවතින අතර ඔහු සමඟ මියගිය කාන්තාව ආරවුල් කරගෙන ඇති බවත්, පසුගියදා (25 දා) රාත්‍රියේදී එසේ ආරවුල් කර ගිනිමින් සිටියදී නිවස ඉදිකරන පුද්ගලයා සහ තවත් කිහිප දෙනකු නිවස ඉදිකිරීමට ගෙනැවිත් තිබූ ගල්වලින් ඇයට පහරදී තිබේ.
තුවාල ලැබූ කාන්තාව හබරාදුව රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර පෙරේදා (26 දා) අලුයම එහිදී මියගොස් ඇත.
මියගිය කාන්තාවගේ මහෙස්‌ත්‍රාත් පරීක්‌ෂණය සහ පශ්චාත් මරණ පරීක්‌ෂණය කරාපිටිය රෝහලේ දී ඊයේ පැවැත්වීමට නියමිතව තිබිණි.
හබරාදුව පොලිස් ස්‌ථානාධිපති පොලිස් පරීක්‌ෂක උදය කුමාර මහතා ඇතුළු කණ්‌ඩායමක් විසින් වැඩිදුර පරීක්‌ෂණ පවත්වා ගෙන යනු ලැබේ.