Aug
13

ලොව වේගවත් ම චිත්‍රපට නිෂ්පාදනයට හිමි ගිනස් වාර්තාව ශ්‍රී ලාංකිකයෙකු හිමි කර ගෙන තිබේ. චිත්‍රපට අධ්‍යක්ෂ නන්දන හේවාපන්න මහතා එම වාර්තාව හිමි කර ගෙන ඇත්තේ, මංගල ගමන නම් වූ චිත්‍රපටය නිෂ්පාදනය වෙනුවෙනි.
පැය 01යි විනාඩි 25කින් යුත් එම වෘතාන්ත චිත්‍රපටය නිෂ්පාදනය සඳහා ඔහුට ගත වී ඇති කාලය පැය 71යි මිනිත්තු 19කි. 2014 මැයි 21 සිට 25 දක්වා කාලය තුළ නිෂ්පාදනය කර ඇති මෙම චිත්‍රපටය ගිනස් වාර්තාවට හිමිකම් කියන බවට පසුගිය 9 වන දා මධ්‍යම රාත්‍රියේ ගිනස් කමිටුව www.guinnessworldrecords.com වෙබ් අඩවිය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
සිය මධුසමයේදී විවාහක යුවලක් මුහුණපාන මානසික ගැටලු තේමා කර ගනිමින් මෙම චිත්‍රපටය නිෂ්පාදනය කළ බව නන්දන හේවාපන්න මහතා සඳහන් කළේ ය.
කොළඹ, වත්තල ඇතුළු දර්ශන තල අටක රූ ගැන්වුණ මංගල ගමන හි කැමරවට නඟාගත් දර්ශන එම මොහොතෙන්ම සංස්කරණය කොට තිබේ. චාමි සේනානායක, ශෙනාලි පෙරේරා, රෝහිත සමරවීර, ගාමිණී කොස්තා, නිශ්ශංක උදය කුමාර්, ගයාන් මාපලගම, ආශ්චර්යා සමරවීර, තුෂාරි වරාවැව, ශාන්ති පෙරේරා, ජේ. ඒ. අයි. එච්. පෙරේරා, එන්. පී. දයානන්ද, කුමාර නිරෝෂන් අපොන්සු, එම්. එස්. එම්. සෆ්රාස් මෙහි චරිත නිරූපණය කරයි. එස්. උදයසූරියන්ගේ සංස්කරණයකි. මේෂාන් හේවාපන්න අංග රචනා ශිල්පියාය. කලා අධ්‍යක්ෂණයෙන් ලක්ෂාන් හේවාපන්න දායක වී ඇත.
ජාත්‍යන්තර සිනමා උළෙල කිහිපයකට ම මෙම චිත්‍රපටය නිර්දේශ වූ බව ද ඔහු සඳහන් කළේ ය. මීට පෙර ලොව වේගවත් ම චිත්‍රපට නිෂ්පාදනයට හිමි ගිනස් වාර්තාව නැම්බියානු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු හිමි කර ගෙන තිබිණි.
එම නැම්බියානු චිත්‍රපට අධ්‍යක්ෂවරයාට සිය චිත්‍රපටය නිෂ්පාදනය සඳහා ගත වී ඇති කාලය දවස් 10යි පැය 8කි.