Aug
11

මෙම හේතුවෙන් හැකර් වරුන්ට(දත්ත සොරුන්) මෙම රෝගය සැදුනු ජංගම දුරකථනයේ අඩංගු සියලු තොරතුරු සොරාගැනීමට හැකිය. ජංගම දුරකථනයේ නව ඇප් එකක් ඉන්ස්ටෝල් කිරීම මගින් හැකර් වරුන්ට මෙම දත්ත සොරාගත හැක.
දැනට ලොව ඇති නවීනතම ජංගම දුරකථනයක් වන සැම්සුන්ග් S7 දුරකථනයට මෙන්ම ලොව ආරක්ෂිතම ඇන්ඩොයිඩ් දුරකථනය වන බ්ලැක්බෙරි DTEK50 දුරකථකයට මෙම අවධානම එකසේ බලපා ඇත. මෙම රාේගය හදුන්වා ඇත්තේ QuadRooter ලෙසයි එනම් මෙය බලපාන්නේ Qualcomm චිප් සහිත ජංගම උපකරණ වලට මෙය බලපාන බැවිනි. මෙම චිප් පද්ධතිය නිපදවන සමාගම මීට දැනටමත් පිලියම් යොදා ඇති බව පවසයි.
එම සමාගම ම්‍ෙ වනවිට මෙම සිද්ධියෙන් දුරකථනයට හානිවී ඇතිදැයි සෙවීමට ගූගල් ප්ලේ ස්ටෝර් වෙත ඇප් එකක් නිකුත් කර ඇත. මෙම සමාගම පවසන්නේ මෙම හානියට ලක් නොවූ දුරකථන ඇන්ඩොයිඩ් මාසික ආරක්ෂණ පද්ධතිය යාවත්කාලීන කරගැනීමෙන් මෙම අවධානමෙන් මිදිය හැකි බවයි.