Aug
28
පක්ෂ සම්මේලනයට හිටපු ජනපති නොඑන බව තහවුරුයි

ඒ, පක්ෂ සම්මේලනය පවත්වන සැප්තැම්බර් මස 02වෙනිදා තමන් විදෙස් ගතවන බවට රාජපක්ෂ මහතා ප්‍රකාශ කිරීමත් සමඟයි.
මීගමුව අගුරුකාරමුල්ල විහාරස්ථානයේ පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියා.
එමෙන්ම ආසන බල මණ්ඩලයේ තීරණය අනුව නිදහස් පක්ෂයේ 65 වන සංවත්සරයට සහභාගිවීම පිළිබඳව අවසන් තීන්දුවකට පැමිණෙන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.