Jul
07
ලොක්කන්ගේ නියොගයෙන් වූ යුධ අපරාධ පරීක්ෂණයට

පසුගියදා පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 32 වන සැසිවාරයට සහභාගී වීමෙන් අනතුරුව එහි තොරතුරු දැන්වීම සදහා ඊයේ (6) පැවති මාධ්‍යය හමුව්‍ෙදී පැවසූව්‍ෙ කහට පැල්ලම් කිහිපයක් හේතුවෙන් සමස්ථ හමුදාව්‍ෙ කීර්තිනාමය පලුදු වීමට ඉඩතැබිය නොහැකි බවයි.
අහින්සක සාමාන්‍යය ජනයා මරා දමන විකෘත්ති හමුදාවක් අපට නොමැති බවද කිසියම් අයෙකු අපරාධයක් කර ඇතිනම් එම නියෝගය කල ඉහල නිලධාරීන්ගේ නියෝගයකින් විය හැකි බවත් එබැවින් ම්‍ෙ පිලිබද නිසි පරීක්ෂණ සිදුකිරීම ඉතා වැදගත් බවත් වැඩිදුරටත් පැවසීය.
ම්‍ෙ අවස්ථාව්‍ෙ අමාත්‍යය වරයා ප්‍රේමවතී මනම්පේරි සිද්ධියේද වරදකරුවනට ම්‍ෙ අයුරින් දඩුවම් ලබාදුන් බව පැවසීය. අතුරුදන් වූවන් අතුරුදන් වූයේ උතුරේ පමණක් නොව දකුනේද එම සිද්ධි සිදුවූ බැවින් ම්‍ෙ සිද්ධි වල සත්‍යය දැන ගැනීම සදහා අතුරුදන් වූවන් පිලිබද සෙවීමට කමිටුවක් පත්කිරීම සදහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවටත් එය පාර්ලිම්‍ෙන්තුවට ඉදිරිපත් කර එලබෙන සැප්තැම්බරයේ මෙම කොමිසම පිහිටුවීමෙන් සිදුවූ සිද්ධි පිලිබද සත්‍යය ජනතාවට දැනගත හැකි බවත් පැවසීය.
සත්‍යය දැනගැනීම,සාධාරණත්වය,හානිපූරණය යන ප්‍රධාන කුලුණු තුන මත මෙම කටයුතු සිදුවිය යුතු බවත්,එසේ නොමැතිව රටට අනාගත දැක්මක් සහිතව ඉදිරියට යා නොහැකි බවත්,එසේ නොවුනහොත් හැමදාමත් කොරියාව-සිංගප්පූරුව වැනි රටවල් ගැන කතු වැකි ලිය ලියා සිටීමට සිදුවනු ඇති බවද හෙතෙම පැවසීය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 32වන සැසිවාරය තුළින් තවදුරටත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ කීර්තිමත් රටක් ලෙස සලකුණු කළ හැකිවුණු බවත්,පසුගිය රජය සමයේ මෙම සමුළුවට ගියේ ගමේ ගොඩේ චන්ඩින්,මැරයින් නිසා ඒ අයට අවවාද කරන්නට පවා ජගත් මානව හිමිකම් මහකොමසාරිස්ට සිදුවුණු බවත් අමාත්‍යවරයා කියා සිටියේය.වසර 68ට පසු මේ උදාවී ඇත්තේ රටේ ගමන්මග හොඳ දිශානතියකට තල්ලු කළ හැකි මහඟු අවස්ථාවක් බවත්,උතුරේ අන්තවාදය පරාජය වී මධ්‍යස්ථවාදීන් ජයග්‍රහණය කර ඇති බවත්,දකුණේ රාජපක්ෂලා ප්‍රමුඛ කොටගත් අන්තවාදීන් පරාජය කොට මධ්‍යස්ථාවාදීන් ජයග්‍රහණය කර ඇති බවත් එම නිසාම මේ මොහොතේ සංහිඳියාව හා ප්‍රතිසන්ධානය වෙනුවෙන් තැබිය හැකි පියවර අන් කවර අවස්ථාවකවත් උදානොවනු ඇත.
ඔක්තෝම්බර් මස 1 වන දින ගෙන ජගත් මානව හිමිකම් කවුන්සිලයට ගෙන ආ යෝජනාවට සම අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකාවට සිදුවූයේද එම නිසා බව පෙන්වා දුන් අමාත්‍යවරයා මෙවර අධිකරණ අමාත්‍යවරයා හා තමන් රටේ සිදුකරමින් පවත්නා සුබවාදී කටයුතු පිළිබඳ විධිමත් ලෙස ජාත්‍යන්තරය දැනුවත් කළ බවත්,එමගින් ජාත්‍යන්තරයේ ප්‍රසාදය හිමිවූ බවත් පැවසීය.මෙවර සැසිවාරයේදී ඩයස්පෝරාවේ අන්තවාදී අදහස් දරන අයටද අදහස් දැක්වීමට අවස්ථාව ලබාදුන් බවත්,ඒ තුළින් ඔවුන්ගේ හඬටද ප්‍රජාතන්ත්‍රීය ලෙස ඇහුන්කන්දීමෙන් ලෝකයට ආදර්ශයක් පෙන්නු බවත්,ගෝලීය ද්‍රවිඩ සංසදය වැනි සංවිධාන පවා මේවන විට ලංකාවේ සිදුකර ඇති සාධනීය වෙනස්කම් සම්බන්ධයෙන් ප්‍රසාදය පළකර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.