Jul
01
ජිවිතයේ ලොකුම නිවාඩුවට ගිය ගම්මන්පිල එන ගමන් කිවුව කතාව

ඔස්ට්‍රේලියානු ව්‍යාපාරික බ්‍රයන් ෂෑඩික් නැමැත්තාගේ ව්‍යාපාරයක කොටස් ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකසා අත්පත් කර ගත් බව කියන සිද්ධියක් සම්බන්ධ චෝදනාවකට ඔහු සහ සිඩ්නි ජයසිංහ නැමැත්තෙකු මේ මස 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණ.
අදාළ චෝදනාව සම්බන්ධයෙන් ඔවුන් පසුගිය මස 18 වැනිදා අත්අඩංගුවට ගත් අතර එදිනම උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් කෙරිණ.
ඒ අනූව ගම්මන්පිල හා සිඩ්නි ජයසිංහ අද උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන්ට ඇප නියම කර තිබේ.
එහිදී ගම්මන්පිල රුපියල් 25,000ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 5 බැගින් ශරීර ඇප 3ක් මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්‍ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළ බව අප වාර්තාකරු පැවසීය.
සිඩ්නි ජයසිංහ රුපියල් 15,000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරි අතර දෙදෙනාගේම විදෙස් ගමන් තහනම් කරන ලදී.
සැකකරුවන්ට ඇප ලබාදීමෙන් පරීක්ෂණවලට බාධා විය හැකි යැයි පොලීසිය ප්‍රකාශ කළත් විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් කියා සිටියේ මෙහි සාක්ෂිකරුවන් විදේශගතව සිටින බැවින් පරීක්ෂණවලට බාධාවක් නැති බවයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බලා මහේස්ත්‍රාත්වරිය ඔවුන්ට ඇප නියම කරන ලදී.