Jan
12
කොරෝනා උවදුරින් පීඩා විඳි අපේ සහෝදර ජනතාව ඉන් මුදාගන්නට තම උපරිම ශක්තියෙන් සේවය කළ ගිලන් රථ රියැදුරු මහතකු ගැනයි මේ කතාව. දකුණු පළාතේ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ගෙන ගොස් ඇති උණවටුන දිසා රෝහලේ ගිලන් රථ රියැදුරු සුදේශ් වරුණ සාන්ත සුවවිරු ප්‍රණාම සම්මානයෙන් පිදුම් ලැබීය. ඔහුගේ සේවය අගයා පවුලේ අය සමග යාල සිනමන් බීච් සංචාරක හෝටලයේ දින දෙකක නිවාඩුවක් ගත කිරීමටද අවස්ථාව ලැබිණ.