Jul
04
කොහොමද ශේෂාද්‍රි. පසුගිය දවස්වල ලොකු නිවාඩුවක් ගත කළා නේද?
ඔව්. අපි හැමෝටම ලොකු නිවාඩුවක් හම්බවුණානේ. සෑහෙන කාලයකට පස්සේ ගෙදර හැමෝම එක්ක එකට ඉන්න ලැබුණා. එකම ගෙදර හිටියට සමහර දවස්වලට අක්කිව (දිනක්ෂි), නංගිව (ශනුද්‍රි) දකින්නවත් ලැබෙන්නේ නැති දවස් තියෙනවනේ. මොකද එයාලා උදේ ගියාම ආයෙත් රෑ වෙනවනේ ගෙදර එන්න. ඉතින් කාලයකට පස්සේ ගෙදර හැමෝම එක්ක එකට ඉන්න, ඇති වෙනකල් එයාලව දකින්න පුළුවන් වුණා. මේ වගේ පවුලේ අය එක්කම ඉන්න ලැබීම හොඳ අවස්ථාවක්.