Dec
30
ලොවපුරා රටවල් ගණනාවකින් දැනටමත් වාර්තා වෙමින් ඇති කොරෝනා වෛරසයේ නව ප‍්‍රභේදය ශ‍්‍රි ලංකාවට ද පැමිණ ඇත්දැයි සොයා, විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප‍්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය විසින්. එහි අධ්‍යක්‍ෂ ආචාර්ය චන්දිම ජීවන්දර, නෙත් නිවුස් වෙත කියා සිටියේ මෙරටදී සිදුකරන සාමාන්‍ය PCR පරීක්ෂණයකින් මෙම ප‍්‍රභේදය ද ඇතුළත් විය හැකි කොරෝනා වෛරසය ආසාදිත බවට හඳුනාගත හැකි බවයි.