Oct
13
ගුරුවරිය දණගැස්වූ දේශපාලඥයාට විරෝධය
ආනමඩුව නවගත්තේගම නවෝද්‍යා විද්‍යාලයේ ගුරුවරියක වන සුසිලා හේරත් මහත්මිය විද්‍යාල භුමියේ දණගස්වා තිබීම සම්බන්ධයෙන් පුත්තලම මහාධිකරණයේ පැවැති නඩුවකින් වැරදිකරු බවට පත්ව දෙවසරක අත්හිටවු සිරදඩුවම් සහ දඩ නියම වු ආනන්ද සරත් කුමාර මහතාට ආනමඩුව ශ්‍රීලනිප සංවිධායක පදවිය හිමිවීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ගෙන් දැඩිවිරෝධතා එල්ල වෙමින් තිබේ.
ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු දක්වන මතය වනුයේ සමාජයේ පරමාදර්ශී වෘත්තියක් වන ගුරුවෘත්තියට මෙවැන් නිගරුවක් කළ පුද්ගලයකු හට ශ්‍රීලනිපයේ ආසන සංවිධායක තනතුරක් හිමිකරවීම සඟ,වෙද,ගොවි,ගුරු,කම්කරු යන දිවංගත එස්.ඩබ්.බණ්ඩාරනායක මහතාගේ පංච මහා බලවේග සංකල්පයට එල්ල කළ අතුල් පහරක් බවය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පවසනුයේ ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ විරෝධය මත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවා නාම යෝජනා නොදුන් පුද්ගලයකුට වත්මන් යහපාලන ආණ්ඩුව මඟින් මෙමදු පත්වීම් ලබාදීම විහිළුවක් බවය.
මෙම පත්වීමට එරෙහිව ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම ගුරුවරුන් හා විදුහල්පතිවරුන් පෙළගස්වන බවද හෙතෙම කීය.
editor - Thilina Dhanushka

malcolm · 402 weeks ago
Kurun Gurun · 402 weeks ago
Aimath Chandayak enakam bala enne AMMAPA DEnawa MAHINDATAMA:DxDxDxD
asarathgamini1954sarath 49p · 397 weeks ago
Randy · 391 weeks ago