Jul
12
පෙට් ස්කෑන් යන්ත්‍රය මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

අද(12) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව කියා සිටියේය.
මහරගම පිළිකා රෝහලට ඇතුළත් කෙරෙන රෝගීන්ගේ පිළිකාවේ ස්වභාවය හඳුනා ගැනීමට හා පසුවිපරම් කිරීමට අත්‍යවශ්‍ය පෙට් ස්කෑන් යන්ත්‍රයක් ගැනීම සඳහා මහජනතාවගේ සහය පැතීමට එම රෝහල තීන්දු කළ අතර ඒ සමඟ අත්වැල් බැඳ ගැනීමට මනුසත් දෙරණ ද තීරණය කළේය.
ඒ අනූව මහරගම පිළිකා රෝහල සඳහා පෙට් ස්කෑන් යන්ත්‍රයක් මිලදී ගැනීමේ උදාර අරමුණ වෙනුවෙන් මනුසත් දෙරණ ක්‍රියාන්විතයද උපරිම සහය ලබාදුන් අතර ඒ සඳහා සුවහසත් මෙත් සිත් ඇත්තන් සිය මූල්‍ය පරිත්‍යාගයන් ලබා දුන් අතර එයට රුපියල් කෝටි 20 ක මුදලක් ජනතා ආධාර වශයෙන් එක් කර ගැනීමට හැකි විය.
කෙසේ හෝ අද දිනයේ මෙම යන්ත්‍රය මිලදී ගැනීමට අනුමැතිය හිමි වීම මනුසත් දෙරණේ ද ජයග්‍රහණයක් වන අතර ඒ සඳහා දායකත්වය ලබා දුන් සුවහසක් සහෘද ජනතාවට අපගේ උත්තමාචාරයට හිමිවනු ඇත.
- අද දෙරණ