May
08
මට වඩා ආරක්‍ෂාවක් මහින්දට මොකටද?
වර්තමානයේ ශ්‍රී ලංකාවේ යුද්ධයක් නොපවතින අතර, යහපත් ආරක්‌ෂක තත්ත්වයක් පවතින බැවින් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාට තමන්ට වඩා ආරක්‌ෂාවක් අවශ්‍ය වන්නේ මන්දැයි තමන්ට නොවැටහෙන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය නිවේදනය කර සිටී.
එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ප්‍රබල තර්ජන මධ්‍යයේ පවා මහින්ද රාජපක්‍ෂ පරිපාලනය 2007 දී සිය ආරක්‌ෂාව සම්පූර්ණයෙන්ම ඉවත් කළ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසීය.
හිටපු ජනාධිපතිනිය ඒ බව පැවසුවේ හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‌ෂාව අඩුකිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂය මතුකරන විරෝධය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමිනි.
2005 නොවැම්බර් මාසයේ තමන් පදවියෙන් විශ්‍රාම ගන්නා අවස්‌ථාවේ තමන්ට ආරක්‌ෂක භටයන් 300 ක්, ඔවුන්ට අවශ්‍ය ආයුධ සහ ආරක්‌ෂක රථ සපයන මෙන් ආරක්‌ෂක මණ්‌ඩලය නිර්දේශ කළ නමුත් තමන් එම ප්‍රමාණය ආරක්‌ෂා භටයන් 150 ක් දක්‌වා අඩු කළ බවද හිටපු ජනපතිනිය සඳහන් කරයි.
එහෙත් රාජපක්‍ෂ පරිපාලනය 2007 සැප්තැම්බර් මාසයේදී එම ආරක්‌ෂාව සම්පූර්ණයෙන්ම ඉවත් කළ බැවින් මාස දෙකක් පුරා තමන්ට කිසිදු ආරක්‌ෂාවක් නොතිබුණ බව ද එම නිවේදනයේ සඳහන් වේ.
ඉන් අනතුරුව එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගේ උද්ඝෝෂණ සහ විදේශීය රටවල් කිහිපයක බලපෑම් හේතුවෙන් රාජපක්‍ෂ පරිපාලනය තමන්ට ආරක්‌ෂක භටයන් 40 සහ ඉතා අයහපත් තත්ත්වයේ පැවැති ආරක්‌ෂක රථ පහක් ලබා දුන් අතර තවමත් තමන්ට ලබාදී තිබෙන්නේ ඒ හා සමාන ආරක්‌ෂාවක් බවත් හිටපු ජනාධිපතිවරිය පැවැසුවාය.