Mar
20
ක්‍රීඩා කරන කාලේ ඉඳන් ගොඩක් කට්‌ටිය මාව වට්‌ටන්න බැලුවා
චමින්ද වාස් කියන්නේ ලෝක පූජිත ක්‍රීඩකයෙක්. ඒ වගේම පන්දුවෙන් සුවිශේෂී දක්‍ෂතා දැක්‌වූවෙක්. හැබැයි අද දවසේ ඔහු ගැන කතාබහ වෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන නෙමෙයි. ඔහුගේ පෞද්ගලික කාරණාවක් හින්දා අන්තර්ජාලයේ විවිධ මඩගැසීම් නිතර ඔහුට සිදුවෙනවා.
අද දවස වන විට චමින්ද වාස් දහනවයෙන් පහළ සහාය පුහුණුකරු සහ වේගපන්දු පුහුණුකරු ලෙස කටයුතු කරනවා. ඒ ගැන වගේම ඔහු අද දවසේ මොනවාද කරන්නේ කියලා දැනගන්න අපි ඔහුත් සමග පිළිසඳරක යෙදුණා.
චමින්ද වාස් මේ දවස්‌වල මොනවාද කරන්නේ ?
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තමයි වැඩකරන්නේ. මේ දිනවල වැඩියෙන්ම ශ්‍රී ලංකා දහනවයෙන් පහළ කණ්‌ඩායම සමග වගේම ශ්‍රී ලංකා ඒ කණ්‌ඩායම සමග වැඩකළා. විශේෂයෙන්ම දහනවයෙන් පහළ කණ්‌ඩායම සමග වැඩකරන්නේ.
ගෙවීගිය කාලය මොනවගේ දේවල්ද කළේ ?
ගෙවිගිය කාලයේ අපි දකුණු අප්‍රිකාවට ගියා තුන්කොන් ක්‍රිකට් තරගාවලියකට සහභාගිවෙලා එය ජයග්‍රහණය කරන්න අවස්‌ථාව ලැබුණා. ඒ වගේම ක්‍රිකට්‌වලින් නතර වුණත් පුහුණුකරුවෙක් විදහට මගේ සේවය ක්‍රිකට් පාලක මණ්‌ඩලයට ලබාදීලා තියෙනවා.
චමින්ද වාස් කියන්නේ ඒ දවස්‌වල හරි ජනප්‍රියයි. අද වෙනකොට ඒ අතීතය මතක්‌වෙනකොට මොකද හිතෙන්නේ ?
මම එච්චර ඒ දේවල්වලට එළවන්නේ නැති කෙනෙක්. ක්‍රිකට් ගහන කාලෙත් මම නිහඬ චරිතයක්. මම කඩුලු හාරසීයක් ගද්දී මුරලි කඩුලු අටසීයක් ගද්දී නිහඬභාවයට පත්වුණ ක්‍රීඩකයෙක්. එදා පටන් අද වෙනතුරුම ඒ නිහඬභාවයේ තමයි සිටින්නේ.
මෙවර බංගලාදේශ සංචාරයේදී චන්දික හතුරුසිංහ ලංකාවට ඇවිත් ඉන්නවා. ඔහුව මුණගැසුණේ නැතිද?
මට චන්දික හතුරුසිංහව ඔවුන්ගේ පුහුණුවීම් සැසිවාරයේදී මුණගැසුණා. ඒ වගේම ඔහුත් සමග කතා කළා. ඔහු පුහුණුකරුවෙක් විදිහට ඉදිරියට ඇවිත් තියෙනවා.
අනූව දශකයේ ලෝක පූජිතයන් ගැන අදටත් කතාබහ වෙනවා. මොකද ඒ ගැන හිතෙන්නේ ?
අනූව දශකයේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ එතරම් දැනගෙන හිටියේ නැහැ. මම හිතන්නේ ලෝක කුසලානයෙන් පසුව තමයි අපේ ක්‍රිකට් ආරම්භය කිව්වොත් නිවැරදියි. මම හිතන්නේ ජනතාව ක්‍රිකට් ක්‍රීඩාව නරඹන්න ගත්තේ අනූහයේ ලෝක කුසලානයෙන් පසුවයි. ඒ ගැන ලොකු සතුටක් තියෙනවා.
ඔබ එහි සාමාජිකයෙක් නේද?
ඇත්තටම ඒ දාහතරදෙනාට අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනස් කරන්න පුළුවන්වීම ගැන ඇත්තටම සතුටුවෙනවා.
අද වෙනකොට අපේ ක්‍රිකට් කණ්‌ඩායම ගැන මොකද හිතෙන්නේ ?
ඇත්තටම ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ දියුණුවෙන ක්‍රීඩාවක්. එන්න හොඳ වෙනවා මිසක් ක්‍රීකට් සවුත්තුවෙන්නේ නැහැ. ක්‍රීඩකයන්ට අවස්‌ථාවක් තියෙනවා ඔවුන්ගේ සහජ හැකියාවන් පෙන්වන්න. ඒ වගේම හොඳ හැකියාව තියෙන තරුණ ක්‍රීඩකයන් ඉන්නවා.
පසුගිය කාලයේ අපේ කණ්‌ඩායම දිගින් දිගටම පරාජයට පත්වුණා. ඒ ගැන මොකද හිතන්නේ ?
විශේෂයෙන්ම කුමාර සංගක්‌කාර සහ මහේල ජයවර්ධන නැතිවීම අපිට ලොකු පාඩුවක් වුණා. ඔවුන් දෙන්නා වෙනුවට ක්‍රීඩාකරන්න ක්‍රීඩකයෝ හිටියේ නැහැ. ක්‍රීඩකයෝ හැදුවේ නැහැ. ඉතිං ඒ හිඩැසත් එක්‌ක අපේ ක්‍රීඩාව ටිකක් පස්‌සට ගියා. නවක ක්‍රීඩකයන්ගෙන් කුමාර සංගක්‌කාරගේ සහ මහේලගේ හැකියාවක් ඉක්‌මණින් ලබාගන්න බැහැ. මම හිතන්නේ නවක ක්‍රීඩකයන්ට වැඩි කාලයක් දෙන්න ඕනෑ. මහේල - සංගා අවුරුදු පහළොවක් දහසයක් රට වෙනුවෙන් ක්‍රීඩාකළා.
යළිත් ලෝක කුසලානයක් අපේ රටට ගේන්න නම් මොනවගේ සැලසුම්ද අපිට ඕනෑ ?
මම හිතන්නේ අපිට හැකියාවන් තියෙනවා. අපේ ක්‍රීඩකයෝ දක්‍ෂයි. 19 න් පහළ කණ්‌ඩායමේ හොඳ ක්‍රීඩකයන් අටදෙනෙක් නවදෙනෙක් විතර ඉන්නවා. මම හිතන්නේ අපි 19 න් පහළින් තමයි ක්‍රීඩකයන් හදන්න ඕනෑ. එතැන තමයි අත්තිවාරම වෙන්නේ. පාසල් ක්‍රීඩාවෙන් පස්‌සේ එතැනින් තමයි ක්‍රීඩාව පටන්ගන්නේ. ඔවුන්ගේ අඩිතාලම එතැනින් දැම්මොත් මම හිතනනේ නැවතත් ලෝක කුසලානයක් දිනාගන්න අපිට හැකියාවක් තියෙනවා.
ඔබ දැන් ක්‍රීඩා කරන්නේ නැතිද?
මම ගොඩක්‌වෙලාවට පුහුණුකරුවෙක් විදිහට තමයි වැඩකරන්නේ. නමුත් සමහර අවස්‌ථාවලදී සමාජ සත්කාර වෙනුවෙන් ක්‍රීඩා කරන්න ලැබුණොත් ඒ වෙනුවෙන් ක්‍රීඩා කරනවා. අවුරුදු විස්‌සක් තිස්‌සේ කරපු දේවල් එකපාරට අමතක කරන්න බැහැ. ඒවා තාම මගේ ඇඟ ඇතුලේ තියෙනවා. ඒ වගේම නිරන්තරයෙන් පුහුණුවීම් කටයුතු කරනවා.
අතීතයේ ඔබ පන්දුවෙන් දැක්‌වූ දස්‌කම් ගැන මතක්‌වෙනකොට මොකද හිතෙන්නේ ?
ගොඩක් සතුටුයි. මම අතීතය ගැන වැඩිය කතා කරන්නේ නැති පුද්ගලයෙක්. නවකයෝ එනවා. ඔවුන්ට උදව් කරන්න ඕනෑ.
නවකයෝ ඔබෙන් උදව් ඉල්ලන අවස්‌ථා නැතිද?
මම දැනට වැඩකරන්නේ 19 න් පහළ කණ්‌ඩායත් සමගත. එතැන හොඳ කණ්‌ඩායමක් ඉන්නවා. ඔවුන් මාත් සමග නිතර කතාබහ කරනවා. මම හිතන්නේ ක්‍රීඩාව කියන්නේ පන්දුවටත් පිත්තටත් සීමාවුණ දෙයක් නෙමෙයි. ගොඩක්‌දේවල් තියෙනවා ඉගෙනගන්න. නවකයන්ට දෙන්න පුළුවන් උපරිමය දෙනවා.
ජීවිතය ගැන ආපස්‌සට හැරිලා බැලුවොත් ?
රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න ලැබීම ගැන ගොඩක් සන්තෝසයි.
ජීවිතයේ දුක්‌වුණ අවස්‌ථා කලකිරීම් එහෙම තියෙනවාද?
දුක්‌වුණ අවස්‌ථා අප්‍රමාණයි. නමුත් ක්‍රීඩකයෙක් හැටියට ඒ දේවල් ගැන නොසැලී, පසුතැවෙන්නේ නැතිව ඉන්නවා. ඕනෑම ක්‍රීඩකයෙක්‌ට ප්‍රශ්න එන්න පුළුවන්. ප්‍රශ්නවලින් පලායන එක නෙමෙයි හරිදේ. ඒ දේවල්වලට මුහුණදීලා උත්තරදීලා ජීවිතය ජයග්‍රහණය කරන්න ඕනෑ.
පසුගිය කාලයේ ඔබට අන්තර්ජාලයේ හරියට මඩගැසීම් සිද්ධවුණා. ඒ දේවල් ගැන මොකද හිතන්නේ ?
ගොඩක් දේවල් ගැන මම වැඩිය හිතන්නේ නැහැ. චමින්ද වාස් කියන්නේ වැඩිය උඩ පනින චරිතයක් නෙමෙයි. නමුත් ක්‍රීඩා කරන කාලයේදී වගේම ක්‍රීඩාවෙන් සමුගත්තත් ඒ චමින්ද වාස්‌ම තමයි අදටත් ඉන්නේ. මම ජනතාවත් සමග හිටියා. කිසිම කරදරයක් නැතිව මගේ සාමාන්‍ය ජීවිතය ඒ ආකාරයෙන්ම ගතකරගෙන යනවා.
මඩගැසීම් ගැන මොකද හිතන්නේ. ඔබට තරහකාරයෝ ඉන්නවාද?
අද ලෝකයේ ගත්තොත් තරහකාරයෝ වැඩිවෙන්න පුළුවන්. යාළුවෝ වැඩිවෙන්න පුළුවන්. කොච්චර හොඳ යාළුවෝ හිටියත් ඔවුන් අන්තිමේ තරහකාරයෝ බවට පත්වෙනවා. එක් එක් සිදුවීම් අනුව. මුලින් කිව්වා වගේ මම කිසිම දේකට සැලෙන්නේ නැහැ. මම ක්‍රීඩා කරන කාලේ ඉඳන් ගොඩක් කට්‌ටිය මාව වට්‌ටන්න බලාගෙන ඉන්නවා. මට ඒ කාලෙත් අනන්ත අප්‍රමාණදේවල් වුණා. ඉතිං චමින්ද වාස් කියන්නේ එහෙම වට්‌ටන්න පුළුවන් චරිතයක් නෙමෙයි. මම ගහපු ක්‍රීඩාවත් එක්‌ක පුද්ගලයෙක් හැටියට මම හරි ශක්‌තිමත්. මගේ මානසිකත්වය තවමත් ඉහළ තියෙනවා. ඔය කිසිමදෙයක් මම අවුලක් කියලා හිතන්නේ නැහැ. ඒ දේවල් බැලුවහම කාටවත් කරදරයක් නැතිව ජීවත්වෙන්න තමයි මගේ එකම බලාපොරොත්තුව. දෙවියන්වහන්සේටත් හතුරෝ හිටියා. නමුත් ජීවත්වීම තමයි මූලික පරමාර්ථය.
මාධ්‍යයෙන් ඔබට මොනවගේ සහයෝගයක්‌ද ලැබෙන්නේ ?
එදා ඉඳන් අද වෙනකම් මාධ්‍ය සමග මම සුහදව වැඩකළා. නමුත් මාධ්‍ය කියන්නේ වැරැද්දක් දැක්‌කහම පෙන්වන්න පුළුවන් ආයතනක්. මගේ ක්‍රීඩාව තුළ මාධ්‍ය තුළින් විවිධ දේවල් මට පෙන්වා දුන්නා. මම ඒ දේවල් හරි විදිහට ගත්තා. ඔවුන්ට නැවතත් පෙන්නුවා ක්‍රීඩකයෙක් හැටියට මට කොතැනටද යන්න පුළුවන් කියලා. ඒ හින්දා මාධ්‍ය සමග අදටත් අදටත් හෙටත් සුහදව කටයුතු කරනවා.
පුද්ගලික ජීවිතයේ දේවල් අන්තර්ජාලයේ මේ විදිහට පළකළහම ඒ දේවල්වලින් සැලෙනවාද?
ඇත්තටම දුක්‌වෙන්නේ නැහැ. පෞද්ගලික ජීවිතය පිළිබඳව කාටහරි එළියට දාන්න ඕනෑ නම් ලෝකයට පෙන්වන්න ඕනෑ නම් මම ඒ දේවල් වලින් සැලෙන්නේ නැහැ. එහෙම කළහම වෙන්නේ ක්‍රීඩකයෙකුගේ චරිතය ඝාතනය කිරීමක්. මම මුලින්ම කිව්වා වගේ නැවතත් කියන්නේ ඔය දේවල්වලින් මම සැලෙන්නේ නැහැ. ඒ දේවල්වල ඔබ්බට ගියොත් තමයි ප්‍රශ්න මතුවෙන්නේ. මම එදිනෙදා මගේ වැඩකටයුතු කරගෙන ඉන්නවා.
චමින්ද වාස්‌ගේ අනාගත සැලසුම් මොනවාද?
මගේ තියෙන එකම අනාගත සැලසුම තමයි මම ඉගෙන ගත්ත දේ ක්‍රීඩාවට ලබාදෙන්න. ඒ වගේම මගේ ජීවිතයේ මට දරුවන් තුන්දෙනෙක් ඉන්නවා. ඔවුන්ට හොඳින් ජීවත්වෙන්න ඔවුන්ට හොඳ දේවල් කියාදීලා ඔවුන්ගේ හැකියාවන් දක්‍ෂතා ඉදිරියට ගෙනඑන්න තමයි මගේ උත්සාහය.
දිනේෂ් විතාන