Mar
26
යෝනිය නැතිව ඉපදුණු කෙල්ල අන්තිමට කරපු වැඩේ

අවුරුදු 16ක් වෙලත් ජොආනාට ඔසප් වීම සිදු නොවුණු නිසා ඇය දොස්තර කෙනෙක් හමු වෙලා. ඒ දොස්තර තමයි පරීක්ෂා කරලා ඇයට රොකිටන්සි සින්ඩ්‍රෝමය තියෙන බව තීරණය කරලා තියෙන්නේ.
මේ රෝගය තියන බවට හඳුනා ගන්නා අයට උපතින්ම යෝනිය හෝ ගර්භාෂය පිහිටන්නේ නැහැ.
ජොආනාගෙ පළවෙනි අවුරුදු පහේදී ඒ ගැන කවුරුත්ම වැඩිපුර කතා බහ කරේ නෑ.
ජොආනා හැමදාම හිටියේ දුකෙන් වගේම ජීවිතය ගැන කලකිරීමෙන්. ඇයගේ අම්මා හිතා ගෙන හිටියෙ ඇය ගර්භණී කාලේ පරිස්සම් නොවුණු නිසා මෙහෙම දෙයක් වෙන්න ඇති කියලයි.
ජොආනා එයාට පැහැදිලි කරලා දුන්නා ඒක කාගෙවත් වැරද්දක් නිසා සිද්ධ වුනු එකක් නොවන බව. මගේ ජාන වල ප්‍රශ්නයක් තිබුණේ.
මේ රෝගය වැළඳෙන්නේ ගැහැණු ළමයි 4500කින් එක් කෙනෙක්ට වගේ.
මේකෙන් එයාලගේ බාහිර පෙනුමේ කිසිම වෙනසක් ඇති වෙන්නේ නෑ. නමුත් මුත්‍රා කරන්න පුළුවන් විදිහට විතරක් බොහොම පුංචි යෝනි මාර්ගයක් තියෙන නිසා (පිරිමි කෙනෙකුගේ මුත්‍ර මාර්ගය තරමේ) ලිංගික සංසර්ගයේ යෙදෙන්න විදිහක් නැහැ.
බාහිරට යෝනියක් පිහිටන්නෙත් නෑ. නමුත් ජොආනා මේක වෙනස් කර ගන්න ශල්‍යකර්මයකට යොමු වුණා. යෝනි මාර්ගයක් නැතිව උපත ලබලා තිබුණු නිසා වෛද්‍යවරුන් ජොආනාට ලිංගිකව එකතු වෙන්න පුළුවන් විදිහේ යෝනි මාර්ගයක් හදලා දුන්නා.
ගොඩක් කල් ජොආනාට රෝහලේ ඇඳටම වෙලා ඉන්න සිද්ධ වුණා. ඊට පස්සේත් මාස තුනක් විතර හාන්සි වෙලාමයි ඉන්න වුනේ. අලුතෙන් හදපු යෝනි මාර්ගය පුළුල්ව තියා ගන්න ඇය දොස්තරලා කියපු විදිහේ ව්‍යායාම කළා.
ජොආනා එහෙම කියලා කතාව අවසන් කළේ බොහොම දුකෙන් වුණත් ලොකු අධිෂ්ටානයකින්