Feb
06
හනිමුන් එකට අකිල මාව සිංහරාජ කැලෑවට එක්කරගෙන ගියා
පසුගිය අවුරුද්දේ අපේ කලාකරුවන් කලාකාරියන් කීපදෙනෙක්ගේම ජීවිතවල මංගල සීනු හැඩුවුණා. ඒ අවුරුද්දේ උඳුවප් මාසයේ මංගල සීනු හැඩුවූ කලාකාරිය ඇයයි. ඒ රයිනි. ඉතින් රයිනිගේත් අකිලගේත් දැන් ජීවිතය ගැන කතා කරන්න අපට හිතුණා.
මුලින්ම කියමුකෝ බලන්න... කොහොමද අකිලව මුලින්ම මුණගැහුණේ?
අකිලත් හිටියේ අමෙරිකාවේ. අකිලයි මායි මුලින්ම මුණගැහෙද්දී මට අවුරුදු දාහතරක් විතර ඇති. එතකොට අකිල අපේ තාත්තිගේ බෑණ්ඩ් එකේ ඩ්‍රම්ස් ගැහුවා. එයාව මම මුලින්ම දන්නේ තාත්තිගේ බෑණ්ඩ් එකේ සාමාජිකයෙක් විදිහට.
ඒ කියන්නෙ ඔය දෙන්නා මුලින් හොඳ යාළුවෝ?
නෑ... මුල් දවස්වල එහෙම මම කා එක්කවත් වැඩිය කතාබහ කළේ නෑ. කාමරේට ගිහින් මගේ පාඩුවේ හිටියා. තාත්ති බෑණ්ඩ් එක කරගෙන ගියා. අපේ මූණු පේන්නේ ඔය ෂෝ එකක් දවසකට. නැත්නම් ඔය විශේෂ අවස්ථාවකට විතරයි. කොහොම හරි ඔහොම ඉඳලා අවුරුදු දෙකකට විතර පස්සේ අපි දෙන්නගේ යාළුවෙක්ගේ මාර්ගයෙන් අපි හඳුනාගත්තා. ඊට පස්සේ අපි කට්ටිය එකතුවෙලා ඩිනර් අවුට් ගියා. ඊට පස්සේ අකිල සාමාන්‍යයෙන් හොඳ යාළුවෙක් වුණා.
ඒ යාළුකම ආදරයක් වුණේ කොහොමද?
අපි දෙන්නටම ඔය කාලදි චූටි චූටි ප්‍රශ්න තිබ්බා. කොලේජ් එකේ ප්‍රශ්න... එතකොට ඔය චූටි චූටි ප්‍රශ්න අපි දෙන්නාට දෙන්නා කතාබහ කළා. එයා හොඳ දුක්ගන්නාරාළ කෙනෙක්. ඒ නිසා ඒ ප්‍රශ්න ඛෙදාගැනීමෙන් තමයි අපි දෙන්නා අතරේ සම්බන්ධයක් ඇතිවුණේ.
කවුද මුලින්ම ආදරෙයි කියලා කිව්වේ... ඇත්ත කියන්න?
ඇත්තම ඇත්ත කියන්නද.. අපි දෙන්නගෙන් කවුරුවත් එහෙම කියලා නෑ. අදටත් අපි කවුරුවත් කැමැත්ත කියලා නෑ. ඒක ඉබේම සිදුවුණු දෙයක්... අඩුම ගාණේ ඔයා මාව බඳින්න කැමතිද කියලවත් දෙන්නගෙන් කවුරුත් අහලා නෑ.
ඔය දෙන්නගේ ආදරයට ඔයාගෙ අම්මා තාත්තා මුලින්ම කැමති වුණාද?
නෑ... අම්මයි තාත්තයි මුලින්ම අකමැති වුණා. මගේ අම්මට දරුවන් ගැන හොඳ ඉවක් තියෙනවා. ඒ නිසා අපේ සම්බන්ධය මුලින්ම අම්මා දැනගත්තා. අපේ පොඩි වෙනසක් වුණත් එයාට ටක්ගාලා තේරෙනවා. හැබැයි අකිලට මම කැමැති වෙන්න ලොකුම හේතුවක් තමයි අකිල ගැන ඒ කාලේ ඉඳන්ම මගේ අම්මා තාත්තා හොඳ කියනවා. කොහොම හරි අකිලට මුලින් අකමැති වුණත් පස්සෙ ටික කාලයකදී ඒ දෙන්නත් කැමති වුණා.
ඔය දෙන්නාගේ සම්බන්ධයට ඔයාගේ නංගී උදව් කළාද?
නෑ... එයා මට වඩා අවුරුදු හයක් බාලයි. ඉතින්.. ඔය දේවල් නංගී අම්මලාට කලින් දැනගෙන ඉන්නත් ඇති. හැබැයි එයා කිව්වෙ නෑ. එයාට ගාණක් නෑ. එයත් අකිලට හරි කැමතියි.
යාළුවුණාට පස්සේ දෙන්නා තනියම ගියේ කොහේද?
ඔන්න අකිල දවසක් කිව්වා ඩිනර් එකකට යමු කියලා. මම කොලේජ් ගියාට මම එහෙම එළියට යන කෙනෙක් නෙමේ. ඒ පැත්ත මට අලූත්. ඉතින්.. අපි දෙන්නා නිව්යෝර්ක්වල තියෙන පුරුද්දට රෑ නමයහමාරට දහයට විතර එළියට බැස්සා. ඒත්.. එක කඩයක්වත් ඇරලා නෑ. අන්තිමට අපි පුංචි තැනකින් සැන්ඩ්විච් එකක් කාලා ආයේ ආවා.
අකිල හිටියේ ඔයා හිටිය තැනට ගොඩාක් ඈතින්ද?
ඔව්... මගේ කොලේජ් එකට අකිල ඉන්න තැන ඉඳන් එන්න පැය අටක් යනවා. ඉතින්... හැම මාසෙකම අකිල පැය අටක් ඩ්‍රයිව් කරගෙන ඇවිත් මාව බලලා ආයේ පැය අටක් ඩ්‍රයිව් කරන් යනවා. අවුරුදු පහක් තිස්සෙ අකිල මේ කැපකිරීම කළානේ..