Nov
11
සුදු වෑන් එකක් ඇවිත් වඩුකොඩෙයි තරුණියක පැහැරගෙන ගිහින්
එදින පෙරවරු 11.50 ට පමණ එම තරුණිය සිය පියා සමග නිවසේ රැඳී සිටියදී පැමිණි පිරිස ඇගේ පියාට පහරදී ඇය බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ඇති බව වඩුකොඩෙයි පොලිසිය පවසයි.
තම දියණියගේ පෙම්වතා මීට දින කීපයකට පමණ පෙර ඇය තමන්ට විවාහ කර දෙන ලෙසට ඉල්ලා සිටි බවත්, තමන් ඊට විරුද්ධත්වය පළකර සිටි බවත් පැහැරගෙන ගිය තරුණියගේ පියා ඒ පිළිබඳව පැමිණිලි කරමින් වඩුකොඩෙයි පොලිසියට ප්‍රකාශ කොට ඇත.
කෙසේ වුවද පැහැර ගැනීමට ලක්‌වූ තරුණිය පිළිබඳව ඊයේ (10 දා) වන තුරුත් කිසිදු තොරතුරක් වාර්තාවී නොතිබිණි.
උපුටා ගැනීම දිවයින පුවත්පතෙන්