Oct
05
තම දියණියන් දෙදෙනාට එකවර ලිංගික අතවර කර ළමා දිනය සැමරූ නරුම පියා අල්ලපු හැටි

බොහෝවිට කුඩා කළ ළමා අපචාරවලට ගොදුරු වූ දරුවන් වැඩිහිටියන් වූ විට විවිධ සමාජමය ගැටළු සහ පෞරුෂත්වය සම්බන්ධ ගැටළුවලට මුහුණ දීම පෙන්නුම් කරනවා.
සිය පවුලේ සාමාජිකයින් විසින්ම දරුවන් අපචාරවලට ගොදුරුකරගන්නා පුවත් ද මේවන විට ඉතා සුළබ යි.
විශේෂයෙන් පියා අතින් දැරියන් ලිංගික අතවරයට ලක් වූ සිද්ධි බොහෝ ප්‍රමාණයක් පසුගිය කාලය පුරාම වාර්තා වුණා.
එවන් පියෙකු පිළිබඳ නවතම පුවතක් නාවලපිටිය ප්‍රදේශයෙන් වාර්තා වන්නේ තරමක වෙනස් ආකාරයෙන්.
ඒ, එම පුද්ගලයා තම දියණියන් දෙදෙනාම තම පහත් ආශාවන් සංසිඳුවා ගැනීමට යොදාගත් නිසා යි.
තවත් විශේෂ කාරණාවක් වන්නේ මෙම පුද්ගලයා තම කුඩා දියණියන් දෙදෙනාට මෙම අපරාධය සිදු කර ඇත්තේ ලෝකයම එක්ව ලෝක ළමා දිනය සැමරූ පසුගිය පළමු වෙනිදා වීම යි.
නාවලපිටිය ඉඟුරුඔය ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයාට ගොදුරු වූ ඔහුගේ දියණියන් දෙදෙනා මේවන විට නාවලපිටිය දිස්ත්‍රික් මහරෝහලට ඇතුලත් කර ඇති බව යි පැවසෙන්නේ.
මෙම ළමා අතවරය සිදු කළ පියා නාවලපිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබෙනවා.
ඔහු 52 හැවිරිදි පුද්ගලයෙක්.
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අදාළ පුද්ගලයා නාවලපිටිය මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 14වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.
jayasena · 457 weeks ago
parami · 456 weeks ago
malak tala mu maha ra mana dola piruwa