Oct
14
ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයට එක් ලකුණකට රු 27000ක් – රටවැසියන්ගේ දැන ගැනීමට ඇමති හෙළිකරයි

පුවත්පතකට අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ රටවැසියන් මේ සියලු දේ දැනගත යුතු බවයි.
“අපේ එක් ක්‍රීඩකයෙක් පසුගිය අවුරුද්දෙ කෝටි පහකට වැඩිය ක්‍රිකට් ආයතනයෙන් උපයාගෙන තියෙනවා. එතකොට එයාගෙ එක් ලකුණකට ගණන් බැලුවහම රුපියල් 56000 ක් විතර වෙනවා. කණ්‌ඩායමේ නායකයා ලබාගෙන තියෙන ගාණ අනුව ඔහුට ලැබිල තියෙන්නෙ එක් ලකුණකට රුපියල් 27000 ක් විතර. ඒ කියන්නෙ අසාර්ථක වුණත් ගාණ සාක්‌කුවට යනවා. මේව අපි විවේචනය කරනවා නෙමෙයි.
රටවැසියන් මේ සියලු දේ දැන ගන්න ඕන. මොකද දේශපාලනඥයා පමණක් නෙමෙයි හැම අංශයකම තියෙන දේවල් මිනිසුන් දැන ගත යුතුයි. මේ නිසා දක්‍ෂතා දක්‌වන විට වැඩි ගාණක් ක්‍රීඩකයන්ට ලබා දෙන්න ක්‍රමවේදයක් සකස් කරල තියෙනවා. එහෙම නැතිව ක්‍රීඩකයන් උනන්දු වෙන්නෙ නැහැ. අසාර්ථක වුණත් මෙච්චර ගාණක් ක්‍රීඩකයන්ට ලැබෙනව කියල දැන ගත්තොත් මිනිස්‌සු අසාර්ථක ක්‍රීඩකයන් එනකොට මොනව කරයිද දන්නෙ නැහැ.” යයි ඇමැතිවරයා එහිදී සඳහන් කර තිබෙනවා.