Oct 25

එජාපයේ ප්‍රභල බෙදීම් එළියට එන්න ඔන්න මෙන්න ඈතුල පත්තු වෙන එක මෙන්න

මේ වන විට එජාපයේ ප්‍රභල බෙදීම් දෙකක් තියනවා එකක් රනිල් හිතවාදී එජාප කණඩායම සහ සජිත් හිතවාදී චම්පික ප්‍රමුඛ කණඩායම ඒ අස්සේ තව කණ්ඩායමක් දැන් බිහිවෙලා ඉන්නවා ඒක වෙලා තියෙන්නේ පහුගිය දවසක ජමියතුල් උලමා සංවිධානයේ ඒ කියන්නේ ඔයේ අර හලාල් ගෙනාපු සංවිධානයේ රැස්වීමකදි යූඇන්පි මන්ත්‍රීවරුන් වන කොළොන්නාවේ වැඩකාරයා වෙන සිරසේ ගේම් ගහපු මරික්කාර්
කොළඹ මුජබර් රහුමාන් වැනි පිරිසිදු යූඇන්පි මන්ත්‍රීවරු කපලා කතා කරනවා ජමියතුල් උලමා සංවිධානය කොහොමත් එදා ඉදන්ම වැඩ කරේ එජාප දිනවන්න නිසාත් අද හකීම් ලා බදුර්දීන් ලා එජාපයේ ශක්තිය නිසාම මුජබර් සහ මරික්කාර් කපලා වෙනම ගමනක් යනවා.

මේ ලියුම්කරුට සමග එකම වේදිකාවේ හිටිය මරික්කාර් වගේ කොළඹ මන්ත්‍රීවරු පැත්තකට කරලා හකීම් ලා බදියුදීන් අද වැඩ කරන්නේ චම්පික ගිය ජනාධිපතිවරණයේදී කෝටි ගානකට මහින්ද ලගට ගියපු තිස්ස අත්තනායක පිරිස් සහ එජාපයේ රනිල් හිතවාදී කණඩායම එක්ක. මරික්කාර් කියන්නේ කොළඹ සිංහල ඡන්ද මුස්ලිම් ඡන්ද දෙමළ ඡන්ද ගත්ත අංක එකේ වැඩකාරයා. හැබැයි අද මරික්කාර් කපලා නෙවෙයිද තියෙන්නේ කොළඹට වැඩ කරපු මිනිස්සු කපලා අද සජිත්ලා කොහේද යන්නේ සමාජයේ විරෝධයක් තියන හකීම් බදුර්දීන් වගේ බෙදුම්වාදී නායකයන් ඔවුන්ට ජමියතුල් උලමා සංවිධානයේ සහයද අඩුවක් නැතිව ලැබෙනවා.

දැන් හකීම්ලාට බදියුදීන්ට දැවැන්ත විරෝධයක් සමාජයෙන් එල්ල වෙනවා. නමුත් අද එජාපයේ වැඩි බලයක් තියන යූඇන්පි මුස්ලිම් මන්ත්‍රීවරයෙක් වූ මාධ්‍යවේදීයෙක් වූ මරික්කාර් පවා අද දැඩි කලකිරිමකට පත් වෙලා ඉන්නේ තමන්ගේ ආසනය උන කොළන්නාවේ වැඩක්වත් හරියට කරන්නේ නෑ තාමත් සජිත් වෙනුවෙන් මරික්කාර් ලොකු දෙයක් කරලා නෑ

පසුගියදා මාධ්‍ය හමුවක් තියපු වසන්ත සේනානායක කියනවා සජිත් ප්‍රේමදාසගේ කැම්පේන් එකේ දැන් ඉන්නෙ දූෂිතයන් කියලා ඒක නිකං ආවාට ගියාට කරපු ප්‍රකාශයක් නෙවෙයි.

අද මරික්කාර් උනත් ඉන්නේ ඒ ගැටළුවේම තමයි උදාහරණයක් විදියට කියන්නේ සිංහල ඡන්දය සජිත් ට ගන්න නම් චෝදනා එල්ල වුන හකීම් බදියුදීන් වේදිකාවෙන් ඈත් කරලා තියන්න කියලා.

පසුගියදා එජාපයේ මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ හමුවක් කොළඹ රහසිගත ස්ථානයක පැවැත්වෙනවා එහිදී හකීම් සහ බදියුදීන්ගේ ක්‍රියා දැඩි විවේනයට ලක් වෙනවා ඔවුන්ගේ අදහස වන්නේ මේ සියල්ලම හකීම්ලා ඉදිරි මහ මැතිවරණයේදී තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කරගන්නත් හූඇන්පි යේ තීරණාත්මක බලය හකීම් බදියුදීන් සතුව තබා ගැනීමත් මෙහිදි දැඩි විවේනයට සහ දෝශ දර්ශනයට ලක් වෙනවා, මෙහිදි උඩරට ප්‍රදේශය නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරයෙක් ඉතා දුකෙන් අදහස් ප්‍රකාශ කරමින් සදහන් කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් චම්පික අකිල හකීම් බදියුදීන් සමග මේ ආකාරයට කටයුතු කරනවා නම් තමන් දැඩි තින්දුවක් ගන්නා බවයි. මෙහිදි හිටපු මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කර ඇත්තේ ඔයා දැන්ම තීරණයක් ගන්න එපා අපි බලමු යනුවෙන් පවසා ඇත.

කෙසේවුවද මේ දේශපාලන අභ්‍යන්තර තොරතුරු අනුව නම් එජාපයේ පාඨලී හකීම් බදියුදීන් තිස්ස යනු එජාපයේ තීරණාත්මක බලවේග බවත් සම්ප්‍රදායික නොම්බර් එකේ යූඇන්පි කාරයෙක් වූ මරික්කාර් ට දැන් ජමියතුල් උලමා සංවිධානයේ සහයත් අහිමි වී ඇති බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.