Oct
13

පසුගිය වර්ෂයේ දෙසැම්බර් මාසයේදී ලොව පුරා මහත් ආන්දෝලනයට ලක්වූ තවමත් පාලනය කර ගැනීමට හෝ මර්දනය කර ගැනීමට නොහැකි වූ භයානකම සතුරා බවට දැන් පත්ව ඇත්තේ නව කොරෝනා වයිරසයයි. වසරකට ආසන්න කාලයක් ගතවීමට ඉතා කෙටි දින ගණනක් තිබිය දී ද මෙම වයිරස රෝගකාරකය මේ වන විට ලෝක ජනගහනයෙන් ලක්ෂ දහයකට ආසන්න ප්‍රමාණයක් මරා දැමීමටත් තවත් ලක්ෂ තුන්සියයකට අධික ප්‍රමාණයකට ආසාදනයට පත් කිරීමටත් හේතුවක් වී ඇත. සියවසකට ආසන්න කාල සීමාවකට පසුව ලොව වඩාත්ම තැති ගැන්මකට ලක් කළ රෝගී තත්ත්වය ලෙසද නව කොරෝනා වයිරසය මේ වන විට හඳුනාගෙන ඇත.