Jan
21
මැදවච්චියේ තියෙන කොබටියගොල්ලෑව කියන අතිදුෂ්කර ගමේ ඉපදිලා පිහිඹියගොල්ලෑව පාසලෙන් ශිෂ්‍යත්වය සමත්වුණු තමන්ගේ පුංචි කොළු ගැටයට එයාගේ විදුහල්පති තාත්තා ලොකු බලාපොරොත්තුවක් දෙනවා. පවුලේ වැඩිමලා වුණු මේ කොළු ගැටයා එක්ක මැදවච්චියේ ඉඳන් තකහනියේ පේරාදෙණිය සරසවිය ළඟට එක්ක එන මේ තාත්තා කියන්නේ ‘පුතා ලොකු වෙලා මෙතැනට එන්න ඕන‘ කියලයි. අනුරාධපුර නිවන්තකචේතිය විද්‍යාලයේ ඉගෙනගත්තු මේ කොළු ගැටයා සාමාන්‍ය පෙළ විභාගයත් සමත් වෙනවා. එදත් පේරාදෙණිය සරසවිය පෙන්නපු මේ තාත්තා කලින් කිව්ව කතාවම කියනවා. ඊට පස්සේ අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් පෙළ ගණිත අංශයෙන් ඉගෙනගත්තු මේ ඉලන්දාරියා එක් වතාවක් විතරක් විභාගයට පෙනී ඉඳලා කොළඹ එනවා. එන්.ඩී.ටී කිරීමේ හීනය පැත්තක දාලා සාමාන්‍ය පෙළ ළමයිට ටියුෂන් දීලා, මහරගම හයිඩ්‍රාමනී ආයතනයේ වැඩකරලා අවුරුදු 19 දී ඔහු ඩුබායි යන්නේ පැරඩයිස් සමාගමේ රැකියාවට.





