Apr 30

Apr 30
අතුල - සමිතාගේ දුව කවින්ද්‍යා අධිකාරී අපි දන්න විදිහට ගායනයෙන් තමයි ඉදිරියට එන්නේ. ඇය දැනටමත් ගීත කිහිපයක්‌ නිර්මාණය කරලා තියෙනවා. හැබැයි අපි මේ දැන් කියන්න යන්නේ කවින්ද්‍යාගේ අලුත්ම ගීතය ගැන නෙමෙයි. ඇගේ සිනමා ආගමනය පිළිබඳවයි.

Apr 30
මධ්‍යම කාරක සභා තීන්දුව කඩකරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් ගෝල්ෆේස්‌ පිටියේ පැවැත්වෙන පොදුජන පෙරමුණේ මැයි දින රැලියට සහභාගි වුවහොත් පක්‌ෂ ව්‍යවස්‌ථාව මගින් පැවරී ඇති බලතල අනුව ඔවුන්ට එරෙහිව දැඩි තීන්දුවක්‌ ගන්නා බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ මහා ලේකම් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා පැවැසීය.

Apr 29
වත්සලා ආයෙත් ක්ෂේත්‍රයේ වැඩත් එක්ක කාර්යබහුලවෙලා නේද?

ඔව්. මේ දවස්වල හරිම කාර්යබහුලයි. කාලෙකට පස්සේ ගොඩක් වැඩ කළා. මම අලුතින් සම්බන්ධ වුණ 'ආදර නෙතු' ටෙලි නාට්‍ය මේ දවස්වල විකාශය වෙනවා. අවුරුදු වැඩසටහන්වලටත් සම්බන්ධ වෙනවා. ඉතිං කලා කටයුතුයි පෞද්ගලික ජීවිතේ වැඩකටයුතුයි එක්ක ගොඩක් කාර්යබහුලයි.

Apr 29
මුදල් අමැති ධුරය අහිමි කිරීමේ දැඩි අවධානමට මුහුන දී සිටින ඇමති රවි කරුණානායක මහතා මෙරට මහනායක හිමිවරුන් ඇතුළු ප්‍රධානතම ආගමික නායකයන් කිහිප දෙනෙකුටම අති නවීන සුඛෝපභෝගී මෝටර් රථ තෑගි කර තිබේ.
Apr 29
ඇමති රාජිත සේනාරත්නගේ ප‍්‍රකාශයන් නිසා ආණ්ඩුව අගාධයට යන බව ඇමති ජොන් සෙනෙවිරත්න මහතා පවසයි.

කොලඹ ශ‍්‍රිලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇමතිවරයා මෙසේ කීය.

Apr 28
ජනාධිපතිවරයා විසින් සිදු කරන බව පැවසුන කැබිනට් සංශෝධණයේදී මුදල් ඇමති ධුරයෙන් තමන් ඉවත් කලහොත් සාමාන්‍ය මන්ත‍්‍රීවරයෙක් ලෙස විපක්‍ෂයේ අසුන් ගන්නා බව මුදල් ඇමති රවි කරුණානායක එජාප නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට දන්වා ඇතැයි වාර්තා වෙයි.

Apr 28
ඇය ලස්සනයි. වැඩිපුර වෙළෙඳ දැන්වීම් වල පෙනී ඉන්න නිසා ඇයව බොහෝ දෙනෙක් හඳුනනවා. NSBM අවුරුදු කුමරිය විදිහට අභිෂේක ලබන්න ඇයට පුළුවන් වුණ නිසා ඇගේ රූපය ගැන කවුරුත් කතා කරනවා. ඇය ගැන මේ දවස්වල වැඩිපුර කතා කරන්න තවත් හේතුවක් තියනවා.  ඒ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වුණු පුබුදු චතුරංගගේ පෙම්වතිය නිසයි.

Apr 28
තම සැමියගේ අනියම් පෙම් පලහිලව්වක් හේතුවෙන් කලක් තිස්සේ බලවත් සිත් තැවුලෙන් සිටින ඇමති බිරිදක් තමන් පාර්ලිමේන්තු පිටියට පැමිණි නිරුවත් වී සිරුරට ගිනි තබා ගන්නා බව ඇයගේ ඉතා කිට්ටු මිතුරියක් හා පවසා ඇත.

Apr 28
මා බාර දුන්නේ 2/3 බලැති ශ‍්‍රීලනිපයක්
මෛත‍්‍රී ශ‍්‍රීලනිපය සහමුලින්ම වැනසුවා

‘ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දෙකඩ කිරීම’ මැයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයකි මේ.

Apr 27
ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් බදු සහනය ලබාදීමට එරෙහිව ඉදිරිපත් වු යෝජනාව බ්‍රසල්ස්හි යුරෝපා පාර්ලිමේන්තුවේ දී පරාජයට පත්ව තිබේ.

 විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා සඳහන් කළේ ජී.එස්.පී ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවට ලබාදීමට එරෙහිව ඉදිරිපත් වු යෝජනාවට පක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 119ක් පමණක් බවයි.

Apr 27
ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව යා කරන අධිවේගී මාර්ගය සම්බන්දයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්චා කල බව නිතින් ගද්කාරී ඉන්දීය මහාමාර්ග හා නාවික කටයුතු අමාත්‍යවරයා පවසයි.

ඇමතිවරයා සිය ට්විටර් ගිණුම මගින් සදහන් කර ඇත්තේ අගමැති වික‍්‍රමසිංහ සමග නවදිල්ලියේදී මෙම සාකච්චා පැවැත්වූ බවයි.

මේ සම්බන්ධයෙන් මෙරට දේශපාලඥයින් අවස්ථා කිහිපයකදී විමසු සාටියද ආණ්ඩුව දිගින් දිගටම එය ප‍්‍රතික්‍ෂෙප කරන ලදී.

මෙම මාර්ගය ඉන්දියවේ දනුෂ්කොඩි හා ශ‍්‍රී ලංකාවේ තලෙයිමන්නාරම යා කරමින් මුහුද මැදින් එන පාලමක් ඉදිකරන බවට එකල වාර්තා පල විය.

Apr 27
දෝහා කටාර්හි මහානාම විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කල  බක්මහ අවුරුදු උළෙලහි ඡායාරූප එකතුව පහතින් නරඹන්න..

 click here to see all photos

Apr 27
බෞද්ධයන්ගේ ඓතිහාසික පූජනීය වස්තුවක් වන ජේතවන දාගැබේ ඡායාරූපයක් විකෘති කර ඒ තුළට කුණු පුරවා ඇති ඡායාරූපයක් සමාජ ජාලවල පල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමය විසින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

Apr 27
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ” යනුවෙන් ඒ කථාව නවීකරණය කළ හැකි සත්‍ය පුවතකි.

වරෙන්තු කරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ගිය පොලිස් නිලධාරින් දෙදෙනකුට ‍ බදුල්ල - අලුගොල්ලේ බස් මාර්ගය අසල බසයක් එනතුරු බලාසිටි සිටි පුද්ගලයෙකු දකින්නට ලැබුණි. ඒ පුද්ගලයා පිළිබඳව සැක සිතී ඔහු සතුව තිබූ පොහොර මලු පරික්ෂා කිරීමට යාමේ දී  ඔහු එම මලු අතහැර දමා පළාගොස් ඇත. පසුව අනාවරණය වූයේ බදුල්ල කොහොවිළකඳුර ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ ගබඩා ගෙය බිඳ සිවුරු 7ක් සහ අටපිරිකර 3 ක් සොරකම් කරගෙන විකිණීම සඳහා යද්දී පොලිසියට හසුවෙතැයි බියෙන් ඔහු පළා ගිය බවය.

කෙසේ නමුත් මේ හොරබඩු  පොලිසියට ගෙන එන තෙක්ම  විහාරස්ථානයෙන් පැමිණිල්ලක් නොලැබුණ  බවද පොලිසිය කියයි.

විහාරස්ථානයේ ගබඩා ගෙයි පිටුපස ජනේලයක් කඩා ඇතුල්වී මෙම සොරකම ම සිදුකර ඇති බව විමර්ශන වලදි අනාවරණය වී ඇත.  දැනට ප්‍රදේශයෙන් පලාගොස් ඇති සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරගෙන යන බවත් පොලිසිය පවසයි.

බදුල්ල  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධම්මික වීරසේකර සහ බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක  බී.යූ.පී. මානියන්ගම යන මහත්වරුන්ගේ උපදෙස් මත බදුල්ල පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

සුලක්ෂ පියතිස්ස බදුල්ල

Apr 27
තමන්ව සිරගත කිරීම සඳහා උත්සාහයක යෙදෙන පිරිසක් ආණ්ඩුව ඇතුළත සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසන්නීය.

ඇය මේබව කියා සිටියේ පුද්ගලයෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙන් ඇයට එරෙහිව ගොනුකර ඇති නඩු විභාගය සඳහා උසාවියට පැමිණි අවස්ථාවේ දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

“රජයක් පත්වුනා කියල එක එක පුද්ගලයට රජය ඇතුළේ සළකන විදිහ වෙනස්” යැයි පැවසු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය “රජයේ කට්ටිය ඉන්නව මාව හිර කරන්න බලාගෙන” යනුවෙන් ද ප්‍රකාශ කළාය.

පුද්ගලයෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු විත්තිකරුවන් නව දෙනෙකුට එරෙහිව පවරා තිබෙන නඩුව විභාග කිරීම සඳහා අද කොළඹ මහාධිකරණය දින නියම කළේය.

ඒ අනුව නඩුව නොවැම්බර් මස 08වැනිදා විභාග කිරීමට දින නියම කළ අධිකරණය එදිනට සාක්කිකරුවන් කැඳවීමට පියවර ගන්නා මෙන් රජයේ නීතිවේදියාට නියම කළේය.

2015 වසරේ දෙසැම්බර් මස 21 වැනිදා දෙමටගොඩදී ඩිෆෙන්ඩර් වාහනයකින් පුද්ගලයෙකු පැහැරගෙන ගොස් පහර දුන් බවට චෝදනා කරමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු විත්තිකරුවන් නව දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබේ.

– BBC
Apr 27
පාසල් ඇරිලා ගෙදර ආවා 
ලොකු අයියා මට ඇඳට කතා කළා
අපි ගෙදර අයට හොරෙන් වරින් වර එකතු වුණා

අවුරුදු දහතුනක් වයසැති පාසල් දැරියකගේ කුස තුළ වැඩුණු මාස හතක නොමේරූ මළ දරු උපත සම්බන්ධයෙන් සිදුකළ මරණ පරීක්ෂණයේදී සාක්ෂි සැලකිල්ලට ගත් මරණ පරීක්ෂකවරයාගේ තීරණයකට අනුව චෝදනා ලබන එම දැරියගේම 16 හැවිරිදි වැඩිමහල් සොහොයුරා පිළිබඳව නීතිමය පියවර ගැනීමට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හලාවත හදිසි මරණ පරීක්ෂක වසන්ත ගීකියනගේ මහතා පොලිසියට නියෝග කළ බව හලාවත පොලිසිය පවසයි.

Apr 26
ආරක්ෂක අංශ නියෝජනය වන පරිදි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ඉහළ තනතුරක් ලබාදීමේ  හැකියාව  සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩයේ සාකච්ඡාවට ලක් කෙරුණු බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ප්‍රධාන වශයෙන් අංශ කිහිපයක විනය ගොඩනැංවීම අරමුණු කර ගනිමින් සරත් ෆොන්සේකා මහතාට මෙම තනතුර ලබාදම කෙරෙහි අවධානය යොමුවී ඇති බව හෙතෙම කියා සිටියේ අද (26) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.

Apr 26
රට තුල පැවැත්වෙන උද්ඝෝෂණ හා වර්ජන මැඩපැවැත්වීම සදහා විශේෂ බල ඇණියක් හිටපු හමුදාපති වත්මන් ඇමති සරත් ෆොන්සේකා යටතේ පිහිටුවීමට රජය සැලසුම් කර ඇත.

මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදීද සාකච්චාවට ලක්ව ඇති අතර ඇමති ෆොන්සේකාද ඊට අනුමැතිය පල කර ඇත.

ත‍්‍රිවිධ හමුදාවද ඇතුලත් කර පිහිටුවන මෙම බලකායේ නායකත්වය සරත් ෆොන්සේකා මහතාට ලබා දීමටද එහිදී එකගතාවය පල වී තිබේ.
Apr 26
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් මහනුවර ගැටඹේදී පැවැත්වීමට සූදානම් කර ඇති මැයි රැුළියට සමගාමීව නුවර ප‍්‍රදේශයේ විනෝද චාරිකා යාමේ බෝනස් අවස්ථාවක්ද උදා වී ඇත.

ඇමති මහින්ද අමරවීරගේ කොට්ඨාශ සංවිධායකයෙකු විසින් ජනතාව අතරේ බෙදා හැර ඇති පත‍්‍රිකාවක දැක්වෙන්නේ දලදා මාලිගාව, මල්වත්ත ඇතුළු ස්ථාන කිහිපයක් මෙම විනෝද චාරිකාවේදී නැරඹිය හැකි බවයි.

ගියවර ගාල්ලේ පැවති ශ‍්‍රිලනිප මැයි රැළියේදී කතරගම විනෝද චාරිකාවක් ලබා දුන් බවට වාර්තා පල විය.


Apr 26
ඵෙතිහාසික ජේතවන දාගැබ් වහන්සේට කළ අවමානයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල යුතු යයි ජාතික හෙල උරුමය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටී.

රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකාගේ ෆේස්බුක් ගිණුමද උපුටා දක්වමින් එම පක්‍සය විසින් පොලිස්පතිවරයා වෙත යොමු කර ඇති ලිපිය මෙසේය.

Apr 25
අනෝමා ජිනාදරී කියන්නේ මෙරට රංගන ක්ෂෙත්‍රයේ ආන්දෝලනාත්මක චරිතයක් කිව්වොත් නිවැරැදියි.

ඇයගේ අඩ නිරුවත් ඡායාරූප කිහිපයක් ඉකුත් දිනවල ඇය සිය ෆේස්බුක් ගිණුමට ඇතුලත් කර තිබුණා.

මේ ඒ සම්බන්ධයෙන් ඇය සති අන්ත පුවත්පතකට ලබාදුන් සාකච්ඡාවක්.

අනෝමා ජිනාදරී නිරුවත පෙන්නලා සමාජයේ කතාබහට ලක්වෙන්න උත්සහ කරනවාද?

වේදිකාවෙදි, ඉංග්‍රීසි නාට්‍යවලදි, ටෙලිනාට්‍යවලදි වගේම සිනමාවෙදි මම උසස් රංගනවලට දායක වුනා. හිට්ලර්, මාඝාත, දුන්හිද අද්දර, දියකැට පහන, තනි තටුවෙන් පියාඹන්න ඉන් කිහිපයක්. ඒ විදිහට ප්‍රතිරූපයක් ගොඩනගාගත් මාව විග්‍රහ කරන්නේ මෙහෙමද

ඔබේ ඒ රංගනය අපි හැමදාම අගයනවා. ඒත් නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරීම ගැනයි අපි විමසන්නේ?

ශෘංගාර රසය කියන්නේ නව රසයෙන් එකක්. ශෘංගාරය තුල ලිංගිකත්වය තියෙනවා. නිළියක් විදිහට මම ඒ ඡායාරූප දැම්මේ ශෘංගාර රසය වෙනුවෙන්.

ඔබ තරුණ දූවරු ඉන්න මවක්. මේ විදිහේ ඡායාරූපවලට එල්ලවන අවමානය ඒ දියණියන්ටත් බලපානවා නේද?

ඇත්ත වශයෙන්ම ඒ දියණියන්ට බලපෑවේ ඔවුන්ගේ පියා විසින් අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටය වෙනුවෙන් ඔවුන්ගේ අම්මා රෙදි ගලවලා නිරුවත් වූ අවස්තාවේදි. ඉන් නොනැවතී එහි ඩී. වී. ඩී පට ලක්ෂගානක අම්මගේ නිරුවත එක්වුනා. ඔහු කරේ මගේ නිරුවත වෙනුවෙන් වේතනයක් නොගෙවා බඩගෝස්තරවාදී ලෙස මුදල් හම්බකිරීම.

Apr 25
ඡායාරූප ලබාදීම - ලක්ෂාන්,රේණු
Apr 25
මේ දවස්‌වල බන්ධනයකට අහුවෙලා කියල ආරංචියි.

ඔව්. මුලින්ම බන්ධනය වුණේ උදයකාන්ත කියන නමට. ඊළඟට ප්‍රවීණ ජනප්‍රිය මගේ සහෝදර නළු-නිළි පිරිස එක්‌ක වැඩ කිරීමට අවස්‌ථාව ලැබීම සත්තකින්ම මේ චිත්‍රපටය මට සුවිශේෂී බන්ධනයක්‌.

කොහොමද ලැබෙන ප්‍රතිචාර

දැනට හුඟ දෙනෙක්‌ මේ ගැන හොඳ කතා කරන නිසා ඉදිරියේදී තවත් හොඳ ප්‍රතිචාර ලැබෙයි කියල හිතනවා.

Apr 25
තිලකරත්න ඩිල්ෂාන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා විසින් ඊයේ වරෙන්තු නිකුත් කළේය.

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවන නඩත්තු නඩුවකට පෙනි නොසිටිම හේතුවෙන් මහෙස්ත්‍රාත්වරයා මෙසේ වගඋත්තරකාර ක්‍රිකට් ක්‍රිඩක තිලකරත්න ඩිල්ෂාන් මහතාට වරෙන්තු නිකුත් කළේය.

Apr 24
මීතොටමුල්ලේ කුණු කන්ද කඩා වැටීම නිසා මිය ගියේ 33ක් යයි මාධ්‍යවලින් වාර්තා කලද එම ප‍්‍රමාණය සත්‍ය වශයෙන්ම 200ක් පමණ විය හැකි යයි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

මෙම සිදුවීම සමූල ඝාතනයක් යයිද පවසන ඔහු ඊට වගකිව යුතු සියල්ලන්ට මිනීමැරුම් චෝදනා එල්ලවන්නේ යයිද සදහන් කරයි.

කුණු කන්දේ ව්‍යාපෘතිය කල් දමන ලද සියළු දෙනාට හෙන ගහන බවද ඔහු වැඩු දුරටත් පවසයි.
Apr 24
තව පාරක් ඒ වැරුද්ද මම කරන්නේ නෑ 
මගේ ගෑනු ළමයාට මම පුදුම විදිහට ආදරෙයි

අකිල මේ දිනවල කාර්යබහුලයි වගේ. මොකද මේ වැඩ වැඩියිද?

ඔව් වැඩනම් වැඩියි තමයි. පසුගිය දවස් ටිකේම වැඩ බෙදාගෙන තමයි කරන්නේ. වාහනේ යන වෙලාවට කරන වැඩ වාහනෙන් බැහැලා කරන වැඩ කියලා බෙදාගෙන ඉන්නේ. ඒ තරමට වැඩ. මගේ වැඩක් වුණත් කරන්න වෙලාවක් තිබුණේ නෑ.

Apr 24
මෙයා නම් සැබැවින්ම වාසනාවන්තයෙක් කියන එක මුලින්ම කිව යුතුයි…මෙයාට තියුණු වංගුවකදි තම යතුරු පැදිය පාලනය කර ගැනීමට හා නිසි ලෙස හරවා ගැනීමට නොහැකි වෙනවා.

මෙම දර්ශනය පටිගත වෙන්නේ ඔහුට පිටු පසින් පැමිණි ඔහුගේ මිතුරාගේ ගෝ ප්‍රෝ කැමරාවේ..මෙම යතුරුපැදි කරුවා ගුවනට විසිවන අයුරු හොඳින් මෙම විඩියෝ දර්ශනයේ ඇතුලත්..ඇඟ කිළි පොලා යන එම දසුනේ පුදුමයකට මෙන් හා වාසනාවකට මෙන් විශාල තුවාල සිදු නොවි ඔහු බේරේනවා..ඔයාලම බලන්නකෝ.

Apr 24
Pix By - STUDIO3000DF
Apr 23
• කොහොමද ජීවිතේ?

හොඳයි. හුඟක් හොඳින් ඉන්නවා.

• උපේඛා ස්ටාර් සිටි එක්කත් කාර්යබහුලයි වගේ?

ඔව්. මේ දවස්වල ඒ වැඩ එක්කත් කාර්යබහුලයි. මම නර්තනය හැදෑරුවේ අවුරුදු 7 දී 8 දී විතර. ඒත් උඩරට නර්තනය විතරයි. මේක මට නර්තනයටත් හොඳ අත්දැකීමක්.

• උපේඛා එකම නාළිකාවකට විතරක් හිර වෙලාද?

එහෙම නැහැ. මම මේ ළඟදි ජාතික රූපවාහිනියේ ලොකු වැඩසටහන් දෙකකට එකතු වුණා. ඒකට හොඳ ප්‍රතිචාර තියෙනවා.

• ඒත් නිතරම දකින්නෙ එකම නාළිකාවක නේ....?

වෙනත් නාළිකාවල වැඩසටහන්වලට මම සහභාගි වුණාට දෙරණ තමයි පවුල වගේ ඉන්නෙ. දෙරණෙ තමයි ගොඩක් වෙලාවට මම ඉන්නෙ.

• උපේඛා තනි මතයට වැඩ කරන කෙනෙක්ද?

නෑ එහෙම නෑ.

• අමාරුවෙ වැටෙයි කියන බයටද අනික් අයගෙ

මතයට ඉඩ දෙන්නෙ?

මෙහෙමයි. මම අනික් අයගෙ අදහස් බලනවා. විශේෂයෙන් අම්මා, තාත්තා සහ යාළුවො කියන දේවල් අහනවා.

• ජීවිතයේ ලැබුණ දේවල් ගැන මොකද හිතන්නෙ?

ලැබුණ දේවල් නම් ගොඩක් සතුටින් භාර ගන්නවා. මට ලැබුණ දේවල් අනුව මම ගොඩක් වාසනාවන්තයි කියලා හිතෙනවා.

• ඒ වගේම ජීවිතේ මඟ හැරුණ දේවල් ගැනත් සතුටු වෙනවද?

සතුටු වෙනවා ගොඩක්. මඟ හැරුණ දේවල් ගැන දුක් වෙන්නෙ නම් නැහැ.

• පහුගිය කාලේ රට අතහැරලා යනවා කියලා හිටියනෙ.

ඒ අදහස වෙනස් කර ගත්තද?

රට අතහැරලා යනවා නෙමෙයි. අධ්‍යාපනය සඳහා ලංකාවෙන් පිටත් වෙන්න හිටියේ අවුරුදු දෙකකට වගේ. ලංකාව අතහැරලා යන්නෙ නැහැ.

• ප්‍රසංග වේදිකාවේ ගීත ගායනයේදී ප්‍රේක්ෂකයන් එක්ක ගනුදෙනු කරන ආකාරයට කාගෙන්වත් දෝෂාරෝපණ ඇවිත් නැද්ද?

අනේ නැහැ. එදා වගේම අදටත් මම ඵබචඨඥ එකට නැග්ගම ප්‍රේක්ෂකයන්ගේ චියර් එක තියෙනවා.

• රසිකයන් අතරට ගීතයක් ගේන්න උපේඛා ගොඩක් කල් ගන්නවා නේද?

මෙහෙමයි. අපි ඇත්තටම සින්දු ගොඩක් කරනවා. ඒවයින් මිනිස්සු අතරට යන්නෙ ස්වල්පයයි. ඒක ඉතින් සින්දුවේ වාසනාව අනුව තමයි තීරණය වෙන්නෙ. අනික හොඳම දෙයක් එන්න ටිකක් කල් යනවනෙ.

• ගීතයක් කරද්දි ගොඩක් හිතලා බලනවද?

ඔව්, මට සින්දුවක් ආවම මෙලඩි, ලිරික්ස් බලනවා. ථභඵඪජ කොහොමද, ඒ වගේම කවුද කරන්නෙ කියලා හොයලා බලලා තමයි සම්බන්ධ වෙන්නෙ. මට ඒවා හරි ගියේ නැත්නම් ඒ ලැබෙන වැඩ මඟ හැරලත් තියෙනවා.

• සමහරු කියනවා උපේඛා දැන් වෙනස් වෙලා කියලා. ඇත්තටම උපේඛා වෙනස් වෙලාද?

එහෙම නම් විශේෂ වෙනසක් වෙලා නැහැ. හැබැයි මම සතුටින් ඉන්නවා.

• දැන් උපේඛාට විශේෂ වුණ කෙනෙකුත් ඉන්නවා කියලා තමයි ආරංචිය?

ජීවිතයට විශේෂ අය ඕන තරම් ඉන්නවනෙ. පවුලේ අය. යාළුවො වගේ.

• ඒ ඇරෙන්න වෙන විශේෂ කෙනෙක් ඇත්තෙම නැද්ද?

ඉස්සරහට බලමු නේද ඒ ගැන. අලුතෙන් කෙනෙක් එකතු වෙනවද නැද්ද කියලා. එහෙම විශේෂ කෙනෙක් ඉන්නවද නැද්ද කියලා පස්සේ කාලෙක කියන්නම්. දැන්ම ළඟ වැඩියිනේ.

ලක්ෂිකා දිව්‍යාංජලී වීරකෝන්
Apr 23
NSBM ආයතනයේ වාර්ෂික අවුරුදු උත්සවයේ මෙවර අවුරුදු කුමරිය වූ මාෂි සිරිවර්ධන පිළිබදව මේ වන විට ෆේස්බුක් සමාජජාල තුල දැඩි කතාබහට ලක්වනවා.

ඇය නවක සිනමා නලූ පුබුදු චතුරංගගේ පෙම්වතිය බව අප වෙත වාර්තා වී තිබෙනවා. පසුගිය දිනක ඇගේ උපන්දින සාදයටද පුබුදු සහභාගී වී ඇති අතර එහි ජායාරූප කිහිපයක් ඇය සිය ෆේස්බුක් ගිණුමේද පළකර තිබේ.

මාෂිගේ සහ පුබුදුගේ ආදරයේ සුන්දර ජායාරූප කිහිපයක්.
















Apr 23
මෙවර මැයි දිනයට තමන් ස්ථිර වශයෙන්ම සහභාගී වන්නේ ගාළු මුවදොර පවත්වන ආණ්ඩු විරෝධී මැයි රැළියට බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

Apr 23
අපි පුත්තලමට කුණු ගෙනියන්න
හැදුවේ ඉතාමත් විද්‍යානුකූල විදියටයි

මීතොටමුල්ල කුණු කන්ද නායයාමත් සමගම පසුගිය දශක දෙක තුන තිස්සේ මෙරට පාලනය කළ සියලුම රජයන් දෙසට දෝෂාරෝපනයේ ඇඟිල්ල දිගුවෙන්නට විය. පසුගිය රජය සමයේ දී මෙකී කුණු ප්‍රශ්නයට විසඳුම් යොදන්නට තිබුණත් එම රජයද එය පැහැර හැරිය බවට චෝදනාවක් ද එල්ල විය.

Apr 22
Pix By- IsurumaanWeerawardana
Apr 22
ජනාධිපතිවරයා පසුගිය කාලයේදි මුණ ගැසුණු සෑම පාර්ශ්වයක් සමඟම පැවසුවේ ඉදිරි දින කිහිපය තුල රජයේ විශාල වෙනස්කම් කිහිපයක්ම සිදු කරන බවයි. මේ ආකාරයෙන් පසුගිය මාස 3 ක් වෙලේ සිට එසේ පැවසු ජනාධිපතිවරයා පසුගිය පෙබරවාරි මාසයේදී හම්බන්තොට පැවති උත්සවයක් අමතා පැහැදිලිවම ප්‍රකාශ කර සිටියේ ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ඉදිරි දින කිහිපය තුල මුලු රටටම වැඩකල හැකි මීට වඩා වැඩි වගකීමක් සහිත තනතුරක් ලබාදෙන බවයි.

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.