ෆේස්බුක් ඇතුළු සමාජජාල වෙබ් අඩවි මගින් තම චරිතය ඝාතනය කිරීම හා ප‍්‍රතිරූපයට හානිකරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මේ දිනවල දැඩි කලකිරීමෙන් පසුවන බව අද ලක්බිම පුවත්පතේ වාර්තාවක දැක්වෙයි.
ජනාධිපතිවරයාගේ අදහස වී ඇත්තේ ෆේස්බුක් ඔස්සේ සිදුවන අසත්‍ය ප‍්‍රචාර නිසා රටට හා සමාජයට විශාල හානියක් සිදු විය හැකි බවයි.
මෙනිසා ෆෙස්බුක් ඔස්සේ සිදුකරන මඩ ගැසීම් හා අසත්‍ය ප‍්‍රචාර පාලනය කිරීම සදහා සුදුසුපියවර ගැනීමට ජනධිපතිවරයා විසින් පොලිස් අපරාධ විමර්ශණ ඒකකයේ ප‍්‍රධානින්ට උපදෙස් දී ඇත.
අන්තර්ජලය ඔස්සේ පතුරවන අසත්‍ය ප‍්‍රචාර, මඩ ගැසීම් පාලනය කිරීමට හා මැඩලීමට නීති මගින් පියවර ගත යුතු බවත් නැතහොත් මෙය මහත් සමාජ ව්‍යවසනයක් බවට පත්වන බවත් ජනාධිපතිවරයා එහිදී තදින් පවසා ඇතැයිද වාර්තාවේ දැක්වෙයි.