Apr 02

රෑසියාව අමාරුම අවස්ථාවෙ ඈමරිකාවට දිපු සුපිරි උදව්ව

කොවිඩ්-19 වසංගතය හමුවේ දැඩි බලපෑමකට ලක්ව සිටින ඇමෙරිකා එක්සත් ජනපදයට උදව් කිරීම සඳහා රුසියානු වෛද්‍ය සැපයුම් රැගත් ගුවන් යානයක් ඊයේ (01දා) නිව්යෝක් නුවරට පැමිණි බව එක්සත් ජාතීන්ගේ රුසියානු මෙහෙයුම පවසයි.

මෙම මෙහෙයුම කොරොනන් වෛරසය පැතිරීමට එරෙහිව තීරණාත්මක ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රාදේශීය ප්‍රජාවන්ට සහ රෝහල්වලට උපකාරී වනු ඇති බව ඔවුන් ට්විටර් පණිවුඩයකින් කියා සිටියි.යානය JFK ගුවන් තොටුපළට ගොඩබසින විට නිව්යෝක් ගුවන් ගමනාගමන පාලක රුසියානු නියමුවාට ස්තූති කළේය.

"රෝමියෝ ෆොක්ස්ට්‍රෝට් ෆොක්ස්ට්‍රෝට් 8460 බර, ඔබ ගෙන එන සියලු සහයෝගයට අපි අවංකවම ස්තූතිවන්ත වෙනවා.සුබ දවසක් වේවා." ගුවන් පාලකයා පවසා සිටියේය.

මුඛ ආවරණ, වෙන්ටිලේටර්ස්, විෂබීජ නාශක ඇතුළු කොවිඩ්-19 සටනේ ඉදිරි පෙළට අවශ්‍ය වෛද්‍ය සැපයුම් තොගයක් මෙහි අඩංගු බව රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීයෙක් සඳහන් කළේය.

එමෙන්ම මේ වනවිටත් එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනය විසින් අනුමත කරන ලද සියලුම භාණ්ඩ වහාම භාවිතයට ගන්නා බව පරිපාලන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා සිටියේය.

මෙම හදිසි වෛද්‍ය සැපයුම් තොගය මෙසේ පැමිණෙන්නේ ජනාධිපති ට්‍රම්ප් සහ ජනාධිපති ව්ලැදිමීර් පූටින් දුරකථන සංවාදයක් පවත්වා දින කිහිපයකට පසුවය.

ධවල මන්දිරය විසින් මේ සම්බන්ධයෙන් විශේෂ සඳහනක් නොකළත්, මේ සතිය මුලදී ට්‍රම්ප් කියා සිටියේ "රුසියාව අපට ඉතා විශාල ගුවන් යානයක වෛද්‍ය උපකරණ යවා ඇති අතර එය ඉතා හොඳ තත්ත්වයක්." බවයි.

කෙසේ වෙතත් එම දුරකථන ඇමතුමට පෙර, පසුගිය මාසයේදී රාජ්‍ය දෙපාර්තමේන්තුව ලොව පුරා රාජ්‍ය තාන්ත්‍රිකයින්ගෙන් ඉල්ලා සිටියේ ඔවුන්ගේ සත්කාරක රටවලින් වෛද්‍ය සැපයුම් ඉල්ලා සිටින නමුත් ඇමෙරිකාව කිසිවිටෙකත් රුසියාවෙන් ආධාර ඉල්ලන්නේ නැති බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.