Apr 03

මරණයට පත් කොරෝනා රෝගීන් ගැන අගැමතිගෙන් දැඩි තීරණයක්

■ සියලු ආගමිකයින්ට වත්මන් ව්‍යවසනකාරී තත්ත්වය හමුවේ ගැටලු ඇතිවිය හැකියි -අගැමති

බෞද්ධ, මුස්ලිම්, කතෝලික සේම අනෙකුත් ආගමිකයන්ටත් පවතින ව්‍යවසනකාරී තත්ත්වය හමුවේ විවිධ ගැටලු ඇති විය හැකි වුවත් සමස්ත සමාජය පිළිබඳ සළකා බලා සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් මත කටයුතු කිරීමට රජය සෑම විටම පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ (2020.04.02) අරලියගහ මන්දිරයේ පැවැති සර්වපාක්ෂික නායකයින්ගේ සහ නියෝජිතවරුන්ගේ හමුව අතරවාරයේ දී කොරෝනා වංසගතයෙන් මරණයට පත්වන මුස්ලිම් පුද්ගලයින්ගේ මෘත දේහ ආගමානුකූලව භූමිදානය කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු මුස්ලිම් පක්ෂ නියෝජිතයින් යොමු කළ ගැටලුවට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
කොරෝනා වෛරසය හඳුනාගෙන තවම මාස තුනයි. මේ වෛරසයේ හැසිරීම පිළිබඳව තවම නිසියාකාර තොරතුරු හඳුනාගෙන නැහැ. එසේම බෝවෙන වෙනත් ක්‍රම පෙන්නුම් කරමින් තිබෙන බවත් කොරෝනා වසංගතය පැතිරීමේ අවදානම වළක්වා ගැනීමට සෞඛ්‍ය අංශ දැඩි උත්සාහයක නිරත වන බවත් එහි දී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය. මෘත දේහ ආදාහනය කිරීමේ දී ලංකාවේ සමස්ත තත්ත්වය සළකා බැලිය යුතුය. මෙය සංවේදී කාරණාවක්. එහෙත් අප කටයුතු කළ යුත්තේ සමස්ත ප්‍රජාව පිළිබඳව අවදානය යොමු කරමින් බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.
මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේත්, රවුෆ් හකීම් මහතාගේත්, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේත්, උදය ගම්මන්පිල මහතාගේත්, විමල් වීරවංශ මහතාගේත්, පවිත්‍රා වන්නි ආරච්චි මහත්මියගේත් කරුණු දැක්වීම පහත දැක්වෙයි.

රවුෆ් හකීම්

මෘත දේහ ආදහනය කිරීම පිලිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ වලට අනුව නිකුත් කර තිබූ නිර්ණායකයන් වෙනස් කරමින් වසංගතයෙන් මරණයට පත්වන පුද්ගලයින්ගේ දේහයන් පිළිබඳව කටයුතු කරන ආකාරය වෙනස් කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව ආදාහනය සහ භූමිදානය කියන දෙකම කරන්න පු`ඵවන්.
මීගමුවේ සිදුවීමත් එක්ක සමාජ මාධ්‍ය මහත් ආන්දෝලනාත්මක විදිහට හැසිරෙනවා. එහිදී මම ඉදිරිපත් කරපු කරුණු වලට අනුව මටත් අවලාද නගමින් ඉන්නවා.

අපි ලෝක ව්‍යසනයකට මුහුණ දී තිබෙන අවස්ථාවේදී මේ වගේ අවශ්‍ය නැති දේවල් වලට තර්ක කරලා වැඩක් නැහැ. මම එහෙම ආන්දොලනයක් ඇතිවෙන්න දෙයක් ප්‍රකාශ කළෙත් නැහැ. අද හැම පක්ෂයක්ම නියෝජනය කරන මන්ත්‍රීවරු මෙතනට ඇවිත් ඉන්නවා. ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිර්ණායකයන් වෙනස් කරමින් චක්‍රලේඛයක් නිකුත් කරලා තිබෙනවා. ඒවගේම මෘත දේහයක් හරහා වෛරසය පැතිරීම මිත්‍යාවක් කියල ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලිව කියලාතියෙනවා.
එසේ තිබියදී මෙරට සෞඛ්‍ය අංශ කොරෝනා වසංගතයෙන් මරණයට පත්වූ පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සිදුකරන ආකාරය පිළිබඳ නව නිර්ණායක නිකුත් කිරීම පිළිබඳව ගැටලුවක් මතුවෙනවා.
පවතින වාතාවරණය අනුව රෝග ලක්ෂණ තිබුණ පුද්ගලයින් වුණත් රෝහල් වලට යන එකක් නැතුව ගෙදරම මැරිලා යන තත්වයක් ඇතිවෙන්න පු`ඵවන් කියන එකයි මගේ අදහස.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා.

අන්තර් ජාලයේ තිබුන නිර්දේශ නීත්‍යානුකූළ ලියවිල්ලක් නොවෙයි. එය බලසහිත වීමට නම් සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂ ජනරාල් විදිහට මගේ අත්සන තිබිය යුතුයි. මගේ අත්සන සහිත නීත්‍යානුකූළ ලියවිල්ල ඊයේ ඉදිරිපත් කරනු ලැබූවා. මෙහි දී හිටපු අග්‍රාමාත්‍යවරයාත් තවත් හිටපු ඇමතිවරු කිහිපදෙනෙකුත් පරීක්ෂණ පිළිබඳව කතා කළා. මුල් අවස්ථාවේ දී අප උත්සාහ කළේ රටට වෛරසය එන එක වළක්වන්නයි. රට ඇතුලට වෛරසය ආ පසු අපි උත්සාහ කළේ රට තුළ ඒක පැතිරෙන එක වළක්වන්නයි. ක්‍රිකට් මැච් එකක් උදාහරණයට ගත්තොත් අපි එකේදි මුලින්ම උත්සාහ කරන්නේ විකට් එක බේරගන්නයි. මුලදිම හයේ ඒවා ගහන්න යන්නේ නැහැ. වැඩිපුර පරීක්ෂණ සිදු කළ යුතුයි කියන ක්‍රියාපටිපාටිය එන්නේ දෙවැනි අවස්ථාවටයි. අපි කොහොමද දැන් වයිරස් එකත් එක්ක සටන් කරන්න කියන එකයි දැන් අපි සලකා බලන්නේ. ඒ සියලු කාරණා ගත්තහම මේ වෛරසය සමාජයේ පැතිරීමට කිසි සේත්ම ඉඩ තියන්න බැහැ.

කොරෝනා වෛරසය හඳුනාගෙන තවම මාස තුනයි. මේ වෛරසයේ හැසිරීම පිළිබඳ තවමත් නිසියාකාර තොරතුරු ඉදිරිපත් වෙලා නැහැ. මේ වෛරසය බෝවීම පිළිබඳ තවත් ක්‍රම පෙන්නුම් කරමින් තිබෙනවා. වෛරසය පිලිබඳ ඇතැම් තොරතුරු අසත්‍ය බව පේනවා. අවාසනාවන්ත ලෙස වසංගතයෙන් මරණයක් වූ විට අපේ මූලික පරමාර්ථය ඉතාම ඉක්මනින් වසංගතයෙන් මරණයට පත්වූ පුද්ගලයින්ගේ අවසාන කටයුතු සිදු කිරීමයි. එවැනි විටෙක කටයුතු කලයුතු ආකාරය ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්දේශ දක්වා තිබෙනවා. ඒ තුළින් වසංගතය පැතිරී යාමේ අවදානමක් තිබේ නම් එය වලක්වා ගන්නා අපි උත්සාහ කරනවා.
මෙවැනි මෘතදේහ භූමිදානය කිරීමේදී වැඩි කාලයක් ගත වෙනවා සහ ඊට වැඩි පිරිසක් යොදා ගැනීමට සිදුවෙනවා. අද තිබෙන තත්ත්වය අපට පාලනය කරගන්න පු`ඵවන්. නමුත් අපි නොහිතන විදිහට මරණ සංඛ්‍යාව වැඩිවුනොත් අපට කළමනාකරණය කරගන්න බැරිවෙනවා.

මෘත දේහ ආදාහනය කිරීමේදී ලංකාවේ සමස්ථ තත්වය සලකාබැලිය යුතු
යි. ලංකාවේ එක එක ප්‍රදේශ වල තත්වය වෙනස්. අපිට කියන්න පුළුවන් යම්කිසි තැනක සුදුසු විදිහට කරන්න කියලා. සමස්ථ රටටම ක්‍රීයාවලියක් හදන්න අමාරුයි. ඒවගේම ඇමතිතුමිය කිව්වා වගේ ලංකාවේ වතුර මට්ටම තියෙන්නේ ඉහළින්. ඊට අමතරව අපේ පස කබොක් සහ පොහොර පසයි. මේ වෛරසය ඒ පස් ස්ථර හරහා යෑමේ තත්වයක් ඇතිවෙන්න පු`ඵවන්. ඒ වුනත් මීගමුවේ තත්ත්වය නෙවෙයි මඩකලපුවේ තියෙන්නෙ. මඩකලපුවෙ තත්වය නෙවෙයි මාතර තියෙන්නෙ. අපිට මේ කටයුතු කරන්න සිද්ධ වෙන්නේ ප්‍රජාවත් එක්ක. මේක සංවේදී කාරණාවක්.

මීගමුවේ ඇතිවූ තත්වය ගත්තොත් මීගමුවේ පොළොවේ වතුර මට්ටම ඉහළ නිසා මෘතදේහය මාලිගාවත්තට ගේන්න උත්සහ කරා නමුත් එතකොට දුර ප්‍රමාණය වැඩියි. අපේ අරමුණ වෙන්නෙ රෝගියා මොන රෝහලේ මියගියත් ඒ ලඟම තියෙන ආදාහනාගාරය තුළ අවසන් කටයුතු සිදු කිරීමයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ 
 
මම විද්‍යාඥයෙක් නෙවෙයි. ඒ නිසා සෑම විටම අප වෛද්‍ය විශේෂඥවරුන්ගේ උපදෙස් අනුව කටයුතු කළ යුතුයි. අපි විශේෂඥයෝ නොවන නිසා ඒ අයට ඉඩ දෙන්න අවශ්‍යයි. ඇදිරිනීතිය දාන අවස්ථාවේ වුණත් අපි ඒ අයගේ උපදෙස් පිළිබඳ සලකා බැලුවා. අද බෞද්ධයන්ටත් මේ තත්ත්වයම ඇතිවෙලා තිබෙනවා. සමහර බෞද්ධයොත් මට කතා කරලා මේ ගැන කියනවා.

ඒ වගේම මුස්ලිම් අයටත් තමන්ගේ ආගමික විදිහට මෘතදේහය අවසන් කටයුතු කරන්න බැරි වෙන එක ගැන ගැටලුවක් තිබෙනවා. නමුත් අපි සෑම විටම සමාජය ගැන සිතිය යුතුයි. මේ තත්වය සමාජයට බලපාන්නේ කොයි ආකාරයෙන් ද කියන එක ගැන අපි අවධානය යොමු කළ යුතුයි. මේ ගැන වෛද්‍ය විශේෂඥයින්ගෙන් විමසල බලල ඒ අනුව කටයුතු කරමු.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.