Jun 12

පහසුකම් රැසක් සමග Bezza මෝටර් රථය ලංකාවට (photo)

Perodua රථ සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් නියෝජිතයන් වන යුනයිටඩ් මෝටර්ස්හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ලිමිටඩ් විසින් සුඛෝපභෝගී Perodua Sedan රථයක් හඳුන්වා දෙන ලදී.

ශ්‍රී ලංකා මැලේසියානු මහා කොමසාරිස් Wan Zaidi Wan Abdullah, Peroduaහි සභාපති හා ප්‍රධාන අධ්‍යක්‍ෂ මහාචාර්‍ය Datuk Aminar Rashid Salleh සහ Peroduaහි විධායක අධ්‍යක්‍ෂ Takamasa Kurinami යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිනමන් ලේක්සයිඩ් හි කිංස් කෝට් පරිශ්‍රයේදී හඳුන්වාදීම සිදුවුණි.


මෙය Perodua හි පළමු සෙඩාන් රථය වන අතර මෙතෙක් ධාවනය කර ඇති සියලුම සෙඩාන් රථ වලට වඩා වෙනස් රථයක් බව පැවසිය යුතු බව යුනයිටඩ් මෝටර්ස්හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී / විධායක අධ්‍යක්‍ෂ චානක යටවර මහතා අප හා කල අදහස් දැක්වීමක දී පැවසීය.

මැලේසියානු සම්භවයක් ඇති “Bezza” නොහොත් “වෙනස්” යන අරුත ඇති මෙම රථය ලොව පුරා වාහන වෙළඳපොලට සැබෑ වෙනසක් වේ. මෙම 1000 cc Bezza රථය 2016 දී වසරේ හොඳම මැලේසියානු මෝටර් රථය, Asean NCAP Grand Prix Award in 2016 සහ හොඳම පවුලේ වාහනය ලෙස Carsifu Editor’s Choice යන සම්මාන ඇතුළු තවත් සම්මාන රාශීයක් දිනා ඇත.

අධිවේගී ස්වයංක්‍රීය පාලන ඉලෙක්ට්‍රොනික් ගියර් පද්ධතිය, ඉන්ධන කාර්යක්‍ෂමතාව සඳහා ඇති වායුගතික හැඩය සහ ඉඩ පහසුව සහිත නිමාව යන මෙම සියලු ගුණාත්මක ලක්ෂණ සමඟ එළිදැක්වෙන Bezza රථය විප්ලවවාදී හඳුන්වා දීමකි. එසේම ලාංකීය මුදලින් රුපියල් මිලියන 3.69 ක් වැනි සිත්ගන්නා මුදලකට මෙය අලෙවි වීමට නියමිතය.

නූතන වාහන හිමියන්ගේ වෙනස් වෙමින් පවතින අවශ්‍යතා අනුව 508Lක ගමන් මලු මැදිරියක්, ද්විත්ව එයාර් බෑග්, ඇතුළු බොහෝ ආරක්‍ෂක විශේෂාංග මෙන්ම අඟල් 14 ඇලෝයි රෝද හා තොරතුරු / මතක දර්ශකයක් ද මෙහි ඇතුලත් වන අතර ආරක්‍ෂාව ශ්‍රේණි ගත කිරීමේදී රේටිං අගය තරු හතරක් ලබා ගෙන ඇත. වටිනාකම, සේවා සහ විශ්වසනීයත්වය මත නිෂ්පාදනය කරන ලද මෙම වාහනය වසර දෙකක හො කිලෝමීටර් 50,000 ක වගකීමක් සමග රතු, සුදු, රිදී සහ කළු යන වර්ණ වලින්  ශ්‍රී ලංකාව තුළ අලෙවි කෙරෙනු ඇත.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.