Jun 03

සිවිල් සංවිධානවල බලපෑම මත කැබිනට් සංශෝධනය කල බව ජනාධිපති පිලිගනී

තමා අමාත්‍ය මණ්ඩලය සංශෝධනය සිදුකලේ තමන් බලයට ගෙන ඒමට මුල් වු සිවිල් සංවිධානවල හා පොදු ඉල්ලීමක් මත බවත් ඇතමුන් කරන ප්‍රකාශ ගැන තමා කණගාටු වන බවත් ආණ්ඩු පක්ෂ රැස්වීමෙදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කල බව ලංකාදීප පුවත්පත වාර්තා කොට ඇත.


පසුගිය දින කිහිපයේදිම රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ පුත් චතුර සේනාරත්න මන්ත්‍රීවරයා දිගින් දිගටම පැවසුවේ තමන් ඇතුළු සිවිල් සංවිධාන එක්ව දූෂිත අමාත්‍යවරුන් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි අතර ඒ අනුව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා මුදල් අමාත්‍ය ධූරයෙන් ඉවත් කල බවයි.

එහෙත් ඔහුන් නම් කල තවත් දූෂිත අමාත්‍යවරු දෙදෙනෙකු වන අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ සහ නීතිය සාමය පිලිබඳ අමාත්‍ය සාගල රත්නායක යන මහත්වරුන් මෙතෙක් ඉවත් කොට නැති අතර වහාම ඔහුන් දෙදෙනා ඉවත් කලයුතු බවත් එය ජනාධිපතිවරයා ඉදිරි දිනකදි හමුවන විගස ඉල්ලා සිටින බවයි.

එමෙන්ම මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධනය සම්බන්ධව නිදහස් හා සාධාරණ සාමජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ සභාපති මහාචාර්ය සරත් විජේසුරිය සිවිල් සංවිධාන වෙනුවෙන් මේ හා සමාන අදහසක් ප්‍රකාශ කලේය.

ඒ අනුව ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් තහවුරු වන්නේ චතුර සේනාරත්න මන්ත්‍රීවරයා සහ සිවිල් සංවිධාන වෙනුවෙන් මහාචාර්ය සරත් විජේසුරිය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි පරිදි ආණ්ඩුවේ සිටි දූෂිත අමාත්‍යවරයෙකු වූ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඉවත් කොට ඇති බවත්, එමෙන්ම සිවිල් සංවිධාන සහ පොදු ඉල්ලිම් මත දැනට දූෂිතයින් ලෙස නම් කොට ඇති අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ සහ නීතිය සාමය පිලිබඳ අමාත්‍ය සාගල රත්නායක යන මහත්වරුන් ජනාධිපතිවරයා විසින් වහාම අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් කිරීමට ඉදිරි දින කිහිපයේදි බොහො දුරට ඉඩ ඇති බවකි. ජනාධිපතිවරයා විසින් වහාම අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් කිරීමට ඉදිරි දින කිහිපයේදි බොහො දුරට ඉඩ ඇති බවකි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.