May 24

ලෝකයේ පාස්පෝර්ට් වල පාට තීරණය වෙන හැටි මෙන්න

පාස්පෝර්ට් එක කියන්නේ මොකක්ද කියලා දන්නවනේ.තමන්ගේ රටේ ඉඳලා තවත් රටකට යද්දි වගේම,ආගන්තුක රට ඇතුළේ වැඩ කටයුතු කරද්දි ඔබේ පාස්පෝර්ට් එකට ලොකු වටිනාකමක් ලැබෙනවා.ඒ තරම් වටිනා පාස්පෝර්ට් එක මොන පාටද කියලා ඇහුවොත් ,ඔබ කියාවි රතු පැහැය ,එහෙමත් නැතිනම් රතු පැහැයට හුරු දුඹුරු පාට කියලා.මොකද ලංකාවෙ පාවිච්චි වෙන්නෙ රතු පැහැයට හුරු පාස්පෝර්ට් නිසා.හැබැයි ලෝකයේ රටවල් අනුව පාස්පෝට් වර්ණ හතරකින් තියෙනවා. ඒ තමයි රතු,නිල්,කොළ සහ කළු කියන පාට. හරි එහෙමනම් අපි බලමු මොනවද මේ පාස්පෝට් වර්ග හතරෙ තියෙන වෙනස්කම් කියලා.

රතු පාට පාස්පෝට්


වැඩිම රටවල් ප්‍රමාණයක භාවිතා වන පොදු වර්ණය තමයි රතු පැහැය. ඓතිහාසික හෝ වත්මන් කොමියුනිස්ට් පක්ෂය ක්‍රියාත්මක වන රටවල් විසින් මෙම වර්ණය තෝරාගෙන තියෙනවා. ස්ලෝවේනියාව, චීනය, සර්බියාව, රුසියාව, ලැට්වියාව, රුමේනියාව, පෝලන්තය, සහ ජෝර්ජියාවේ වගේ රටවල් වල රතු පැහැති විදේශ ගමන් බලපත්‍රය භාවිතා වෙනවා.. යුරෝපීය සංගමයේ සාමාජික රටවල් ද රතු වර්ණයේ විදේශ ගමන් බලපත්‍ර භාවිතා කරන්නවා.

නිල් පාට පාස්පෝට්

රතු පාටට පස්සෙ වැඩිපුරම භාවිතා වෙන්නෙ මේ පාට තමයි. “නව ලෝකය“ සංකේතවත් කරන්න මේ විදියට නිල්පාට යොදාගන්නවා කියලා තමයි සඳහන් වෙන්නෙ. මේ විදියට නිල් වර්ණය විදේශ ගමන් බලපත්‍රයට යොදා ගන්න කැරිබියානු රටවල් 15 ක් තියෙනවා. ඒ වගේම දකුණු ඇමරිකානු රටවලත් අතරින් 1976 දි එක්සත් ජනපදය විතරක් තමන්ගේ රටේ පුරවැසියන්ගෙ විදේශ ගමන් බලපත්‍ර නිල් පැහැයට වෙනස් කරගෙන තියෙනවා

කොළ පාට පාස්පෝට්

බොහෝ මුස්ලිම් රටවල් වල කොළ පැහැති විදේශ ගමන් බලපත්‍ර භාවිතා කරනවා. මොරොක්කෝව, සෞදි අරාබිය, පකිස්තානය වගේ රටවල් ඊට ඇතුලත් වෙනවා. මේ විදේශ ගමන් බලපත්‍රවලට කොල පැහැය යොදා ගන්නෙ , මුහම්මත්තුමා කැමතිම වර්ණය කොල පැහැය නිසා කියල තමයි අන්තර්ජාල වාර්තාවල සඳහන් වෙන්නේ. ඒ වගේම බටහිර අප්‍රිකානු රටවල් කිහිපයක් වන, බර්කිනා ෆාසෝ, නයිජීරියාව, නයිජර්, අයිවරි කෝස්ට්, සෙනෙගල් වගේ රටවල් වලත් කොල පැහැති විදේශ ගමන් බලපත්‍ර භාවිතා කරනවා.

කලු පාට පාස්පෝට්

කලු වර්ණයේ විදේශ ගමන් බලපත්‍ර විශේෂයි.. මොකද ඒක ඉතාමත් දුර්ලභ විදේශ ගමන් බලපත්‍රයක්. ගොඩක් දුරට අප්‍රිකානු රටවල් වලින් තමයි මේ විදියෙ විදේශගමන් බලපත්‍ර සොයා ගන්න පුළුවන් වෙන්නෙ. බොට්ස්වානා, සැම්බියාව, බුරුන්ඩි, ගැබොන්, ඇන්ගෝලාව, චැඩ්, කොංගෝ, මලාවි වැනි රටවල් වල විදේශ ගමන් බලපත්‍රය කලු පැහැයක් ගන්නවා. ඒ වගේම රටේ ජාතික වර්ණය කලු නිසා නවසීලන්තයේ විදේශ ගමන් බලපත්‍රයත් කලු පැහැය ගන්නවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.