Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Official Youtubue Account

Gossip - Lanka OTHTHUKARU News

Gossip - Lanka Latest News

ලංකාවට මුලින්ම මල්ටි බැරල් අවිය ගේනකොට ඒක ලංකාවට ආවේ කපලා දාපු වයර් ගොඩක් එක්ක. අපිට පාවිච්චියට ගන්න ඕනි උනා නම් ආයෙත් ඊශ්‍රායලයට යවන්න උනා. එහෙම උනා නම් යාපනය අල්ලන් ඉන්න බැරි වෙනවා. ඒ වෙලාවේ මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය අමිත් මුණින්දද්‍රාස් එම මල්ටි බැරල් අවි දෙක අලුත් වැඩියා කරලා කෝටි ගණනක මුදල් ඉතුරු කරනවා.

එතුමා තමා ලංකාව ආයුධ මිලට ගණ්නකොට තාක්ශණික පරීක්ශාවට යවන පුද්ගලයා. ඔහු මිය ගියෙත් එලෙස ඊශ්‍රායලයට දූත මෙහෙවරකට ගියවෙලාවක නිව්මෝනියාවෙන්. නමුත් යුධ රහස් හෙලි වීම නිසා කුමන්ත්‍රණයක් මගින් ඔහුගේ මරණය වූවා යැයිද කියවෙනවා.

මෙතුමා පරිසරයට ඉතා ආදරය ලංකාවෙ එවක සිටි හොඳම පරිසරවේදියෙක්. මිය යනකොට අලින්ගේ සවිකල හැකි සංඥා උපකර්ණයක් ගැන පරීක්ශණ කරමින් සිටියේ. ඔහු එයින් අලි මිනිස් ගැටුම නවත්වන්න උත්සහ කලේ..

මෙතුමාගේ දක්ශකම් නිසා ඔහුට විදේශ රටවල් රැසකින් ආරාධනා ආවා. නමුත් ඔහු පිලිතුරු දුන්නේ "අර තියන පුංචි රටේ මිනිස්සු තමා වියදම් කර මට ඉගැන්නුවේ ඔවුන්ට සේවය කල යුතුයි" කියායි.

ඒ වගේම මේ සටහන දැකපු අමිත් මුණින්දද්‍රාස් ළඟින්ම ඇසුරු කරපු කිහිපදෙනෙක් ඔහු ගැන කියලා තිබුණේ මේ විදියට.....

1. මම එතුමාව දැන ගත්තෙ හයේපන්තියේදි.නමුත් වඩාත් හොඳින් අඳුන ගත්තෙ හතේ පංතියෙ මගෙ අනිත් පැත්තෙ වාඩි වුන මිතුරා නිසා. මගේ මතකය ඔහු බොහොම නිහඬ වරිතයක් හැටියට.ඔහු කලින් සිටි විදුහලේ පුපුරන ද්‍රව්‍ය හා කල පරීකෂණ නිසා ඔහුට " බෝම්බයා " යයි අන්වර්ථ නාමයක් සැදී තිබුනි.අප සමග සිටි සජිත් ප්‍රේමදාස " fire animal" කියා ඔහුට විහිලු කර දුවපු අයුරැ තාමත් මතකයි.කුඩා කල සිට තිබූ මෙම ඇල්ම පසුකලෙක ඔහුව මෙලෙස දැවැන්ත චරිතයක් බවට පත් කරනු ඇතැයි කවුරැවත් ඒ කාලයේ සිතන්නට නැත.ඔහුගේ හදිසි වියෝව අසන්නට ලැබුනු විට ඔහුගේ සමකාලීන මිතුරන් බොහෝ කම්පා විය.ඔහුට කරන්නට තවත් බොහෝ දේ තිබෙන්නට ඇත.ඔහුගේ වටිනා සේවය ශිෂ්‍යයන්ට පමනක් නොව මුලු රටටම අහිමිවිය. දයාබර මුනියා ඔබට නිවන් සුව.

2. මට මෙතුමාව මුණගැසුණා මගුල් ගෙදරකදි. මොහු පැමිණ සිටියේ මනමාලියගේ පාර්ශ්වය වෙනුවෙන් සාක්ෂි අත්සන් කිරීමට. මොහු බොහෝම නිහඩව සිටියා. මම මනමාලියගේ මල්ලිගෙන් ඇහුවා ඔහු කවුද කියා. එතකොට ඔහු කිව්වා මොහු විශ්වවිද්‍යාලයක ආචාර්යවරයෙක් කියලා. මට ඔහු ගැන හරි ආඩම්බරයක් දැනුනා.. මෙවැනි නිහතමානී උගතකු මුණ ගැසීම ගැන. අවුරුදු 02ක් ගතවුනා. මම මුලින් කියපු මනාමාලිය හදිසියේ මියගියා. අවමගුල් උත්සවයට මේ අය පැමිණියා. වෛද්‍ය විද්‍යාව මෙතරම් දියුණු යුගයක මේවගේ මරණක් වුණේ ඇයි කියලා ඔහුගේ බිරිද මගෙන් ඇහුවා. විද්‍යාව කොතරම් දියුණු වුනත් ආයුෂ අඩුනම් ජීවිතයෙන් සමුගන්න වෙනවා කියලා මම ඇයට කිව්වා. සති දෙක තුනකින් බලාපොරොත්තු ‍නොවුන ආරංචියක් ආවා. මෙතුමා ඊශ්‍රායලයේදී නියුමෝනියාව වැළදී මිය ගිය බව. මෙය සිත් කම්පා කරවන අකල් මරණයක්. මම ගියා පානදුර පින්වත්තේ අවමංගල කටයුතු සූදානම් කරලා තිබූ නිවසට. ඒ නිවසේ සිටි අවස්ථාවේ තමයි මම දැනගත්තේ මොහු ඉතාමත් වටිනා උගත් රටට ආදරය කරපු රටට විශාල සම්පතක් වූ පුද්ගලයෙක් බව. අපිට වාසනාව නැතිනම් රටටත් වාසනාවක් නැතිනම් අපිට ඒ අය සමග වැඩි කාලයක් ඉන්න ලැබෙන්නේ නැහැ. හොද ‘ වැඩදායී පුද්ගලයෝ මේලෝකෙන් ඉක්මනින්ම නික්මෙනවා. කාටත් වැඩක් නැති පොළොවට රටට ජාතියට ලෝකෙට කරදරයක් බරක් වෙන අය වැඩි කාලයක් ලෝකයේ .ඉතිරිවෙනවා. මොහු අපෙන් වෙන්වෙලා ගිහින් අවුරුදු 10ක කාලයක් ගතවුනා. තවමත් ඹහුව මතකයේ තියෙනවා කියන්නේ ඔහු හැමෝගෙම හදවත්වල ඉන්නවා කියන එකයි. ඔහු සසර පතා ගෙන ආ ආකාරට ඔහු ප්‍රාර්ථනා කල යම්කිසි බෝධියකින් ජීවිතයේ අවසන අමා මහ නිවනට පත්වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.

3. මෙතුමා මෑත කාලයේ බිහිවුන මහා විද්වතෙක්.මොරටුව සරසවියෙ විද්යුත් සහ විදුලි සන්දේශ ඉන්ජිනේරු විද්යා අන්ශයේ ප්‍රධානියා(Head,Department of Electronics & Telecommunication Engineering ) ලෙස කටයුතු කල දක්ශ ඉන්ජිනේරුවෙක්...අනික් පැත්තෙන් යාන්තිරික ඉන්ජිනේරු විද්යාවටත්(Mechanical Eng) දක්ශය්..වනජීවීන් සහ ඡායාරූප(Wildlife conservation & photography) කරනයට පවා අති දක්ශයෙක්..බටහිර වෛද්‍ය විද්‍යාවට එතරම් කැමැත්තක් නොදැක්වු මෙතුමා දේශිය වෙදකම ගැනත් ප්‍රවීනයෙක්..මීට අමතරව ගණිතය,තාරකා විද්යාව සහ තවත් නොයෙක් විශයන්ගෙන් දක්ශයෙක්.....මෙතුමා Liverpool University Convocation එකට Ph D එක ගන්න ගියෙත් ජාතික ඇදුම ඇදලා.....මෙතුමාගේ Extra Ordinary Brain Capacity එක නිසා ඊශ්‍රායලයේ යුධ තාක්ශණය copy කරාවි කියල බයක් මොසාඩ් එකට තිබුන කියලයි කියන්නෙ...ඒත් ඒක සාධාරණ සැක කිරීමක් පමණයි.

4. මෙතුමාගේ නිවස සහ අපගේ මහගෙදර තිබුනේ වැට මයිමකින් වෙන්වය. මෙතුමාගේ පවුල සහ අපගේ පවුල අතර ඉතා සුහද නෑ මිතුරු කමකුත් තිබේ . කුඩා අවදියේ පානදුර ශ්‍රී සුමංගල විද්ද්‍යාලයට ගිය අතර 5 ශ්‍රේණිය කඩයිම් විබාගය හොදින් සමත්වී කොළබ රාජකීය විද්ද්‍යාලයට ඇතුලත් විය. කුඩා කල සිටම නිහතමානි චරිතයක් උ මෙතුමා. ආගම වෙනුවෙන්ද කැපවීමෙන් වැඩකෙරුවේය. මට මතකයි මගේ ලොකු අයියයා සමග මෙතුමා සෙලම් කරනවා. ඒ වගේම සරුංගලයක් හැදුවත් එය නිර්මාණය කරන්නේ වෙනස් ආකාරයකට. කුඩා කාලයේ සිටම යම් යම් මොටේර් බසිකල් කැලි ගෙනවිත් මොටෙර් බයිසිකල් නිර්මාණය කර අපගේ ගෙවල් ඉදරිපිට ඇති පාරේ පදින්නේය. සමහර විට අපිත් එම බයිසිකල් පිටිපස දුවමින් විනෝද විය. මෙතුමාගේ හසල හැකියාවන් කුඩා කල සිට දැක සිටියත් අවසාන කාලයේ මෙතුමා මෙතරම් දැවැන්ත චරිතයක් බව අපවත් නොදනිමි. මොකද ඒ තරමටම සාමාන්‍ය චරිතයක් හෙයිනි.මහාචාර්ය අමිත් මුනින්ද්‍රදාස රටට නිහඩව සේවය කල පුද්ගලයෙක් උවත් එතුමාගේ අබාවයෙන් පසුව එතුමාගේ දරුවන් දෙදෙනා සහ බිරිද වෙනුවෙන් රජයෙන් කිසිදු පහසුකමක් සපයා නැති බවා මහාචාර්ය අමිත් මහතාගේ මව අපගේ නෑදෑයන් විටෙක පවසා ඇත. කණගාටුවට කරුණක් නම් මෙවන් වටිනා පුද්ගලයන් රැක ගැනීමට වගකියයුතු නිලදාරීන් නිසි ලෙස ක්‍රියා කෙරුවේද නැද්ද යන්නය. මොකද එතුමාගේ මරණය අදටත් සැක සහිතයි.

අන්තර්ජාලයේනි
අපගේ ගොසිප් පුවත් එසැණින් දැනගන්න
නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න

Gossip - Lanka Previous News

© 2013-2017 Gossip - Lanka News Email : editor@gossip-lankanews.com
Advertising - Contact Here Editor - Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.

Hot Gossip - Lanka WALPAL News

Gossip - Lanka PHOTO Gallery

Contact Gossip - Lanka EDITOR