May 03

ලැබෙන්නෙ ඉන්නේ පුතෙක් නිසයි සිංදුවක් කලේ සුපිරි තරුවගෙ පිය සෙනෙහස

පසුගිය කාලයේ තීක්ෂණ අනුරාධගේ නවතම ගීතයත් සමගින් විවිධ වූ කටකතා නිර්මාණය විය. එය ඔහුගේ ඉපදීමට සිටින පුතු වෙනුවෙන් නිර්මාණය කෙරුණු බව ඒ කටකතාවයි.

අලුත් ගීතය නිර්මාණය කළේ ලැබෙන්න ඉන්න දරුවා වෙනුවෙන් කියනකටකතාව ඇත්තද?

ඔව්, ඒ හැමදේම ඇත්ත. මගේ වයිෆ් ප්‍රෙග්නනට් මේ දවස්වල. ලැබෙන්න ඉන්න දරුවා පුතෙක් නිසා තමයි මගෙ ‘ආදර පුතේ’ කියලා සිංදුව කළේ.


ගීතයට ලැබෙන ප්‍රතිචාර ගැනත් කියමු?

අලුත් පරපුර අඬන සිංදු පැත්තට බර වැඩියි සහ වචන ගැන වැඩිය හිතන්නෙ නැහැ.ඔය දේවල් ගැන බැනුම් ඇහීමක්තිබුණත්ඇත්තටම මම කොහොමත් පොඩි වෙනසක් කරන්න ඕනෙ කියලා තමයි හිතාගන හිටියේ.ඒ ගැන හිත හිත ඉද්දි තමයි ඇත්තටම මේ අදහස ආවේ. ඒ කියන්නෙ සිංදුවක් කරන්න අපට ඒ ගැන අදහසක් තියෙන්න ඕනනෙ.ලැබෙන්න ඉන්න පුතාගෙ ආශිර්වාදයක් ආවා කියලා හිතාගන්න පුළුවන් මම කරන්න හදපු වෙනසට‍.

නවක පරම්පරාව රැල්ලක් විදියට කරන දේවල්වලට පිළිතුරක් හැටියටද මේ දේ කළේ ?

මට හිතුණා ඊළඟට මම කරන ගීතය පොඩ්ඩක් වචන ගැන වැඩිපුර හිතලා වෙනස් විදියට කරන්න. අපි විසින්ම හදාගත්ත නම පහත හෙළාගන්න ඕනෙ නෑනෙ.ඉතින් රසිකයන්ටත් හොඳ විදියේ වචනත් එක්ක තියෙන ගොඩක්ම සරල නැති දේකට යන්න ඕනෙ කියන අදහසේ මම හිටියා.ඒකට උත්තරයක් විදියට තමයි මේක ආවේ.මට හිතුණා මම වෙනසක් කළානම් හොඳයි කියලා.

ඔබගේ ඇතැම් ගීතවලින්පසු ඒ ආරේ රැලි හැදුණා. ඒ ගැන මොකද හිතන්නේ?

ඇත්තටම මම හිතන්නෙ ‘ඔබ තරම්’ එක පමණක් නොවෙයි ඇත්තටම රොමේෂ්ගේ ‘දිගු දෑස’ මුලින්ම ආවා.මගේ ‘ඔබ තරම්’ එක ආවා.ඊට පස්සෙ රුවන් හෙට්ටිආරච්චිගේ ‘නොදැක ඉන්න බෑ’ එක ආවා.මම හිතන්නෙ ඔය තුනත් එක්ක තමයි රැල්ල එක දිගට හැදුණේ.ඒ ගැන මතක් වෙනකොට නම් හිතේ පොඩි ආඩම්බරයකුත් තියෙනවා. මොකද රුවන්,රොමේෂ්, මම කියන්නෙ හොඳ යාළුවො තුන්දෙනෙක්.අපි කොතනකවත් කියන්නෙ නෑ අපි මෙහෙම රැල්ලක් හැදුවා කියලා.නමුත් ඔබලාඔහොම ප්‍රශ්න කරද්දි හිතට ආඩම්බරයක් එනවා අපි යමක් මේකට කරලා තියනවා කියලා.

එවැනි රැල්ලක් ඕනෑවට වඩා දුරදිග යද්දි ගායකයෙකුට වගකීමක් එනවා නේද ඒ දේ වෙනස් කිරීමට?

ඉතින් ඒකට පිළිතුරක් විදියට තමයි මම බෝඩිම කියන ගීතය හැදුවේ.ඊට පස්සෙ සායම් කිරිල්ලී කියන ගීතය හැදුවේ. ඊටපස්සෙ ආදර පුතේ ගීතය හැදුවේ ඒවට පිළිතුරක් විදියට තමයි.ඒවට එන ප්‍රතිචාරත් එක්ක ඒ ගීතවලට නැඹුරුවෙන ගතියක් බලාගන්න පුළුවන් ඔබට.

ලංකාවෙ අද බිහිවන වීඩියෝ ගැන තෘප්තිමත් වෙන්න පුළුවන්ද?

මම ගොඩක් තෘප්තිමත් වෙනවා ඒ ගැන. ගීතයට ගැළපෙන්න ඒ සංකල්පයට වීඩියෝ එකක් කළොත් හරියටම ඒක මින්ස්සු අතරට යනවා. මම ගොඩක් තෘප්තිමත් වෙන්න හේතුව තමයි මේ ක්ෂේත්‍රයට අලුතින් එන්න ඉන්න අයට ගොඩක් රැකියා අවස්ථා බිහිවෙලා තියෙනවා.ගීතයට ගැළපෙන්න වීඩයෝ එකක් කරන්න ගායකයා හෝ ලියන කෙනා බලාගන්න ඕනෙ.ඒක අපේ අතේ තියෙන වැඩක්. මම ගොඩක් තෘප්තිමත් වෙලා ඉන්නෙ වීඩියෝ සංකල්පෙ ගැන. අලුත් කට්ටිය ක්ෂේත්‍රයට ඇවිත් තියෙනවා අලුත් අධ්‍යක්ෂවරු විදියට, වීඩියෝ එඩිටර්ස්ලා විදියට. ඒක නිසා මම වීඩියෝ සංස්කෘතිය ගැන උපරිම සතුටින් ඉන්නේ.

පසුගිය කාලෙ ගීත එක්ක බලද්දි වෙනස්ම විදියට අද ගීත නිර්මාණය වෙන්නෙ. මේ ගැන මොකද හිතන්නේ?

අපට කවදාවත් කොහොමත් කියන්න බෑ මේ යන ට්‍රෙන්ඩ් එක මේ කාලෙදි වෙනස් විය යුතුයි කියලා.මොකද ඒක තීරණය වෙන්නේ අහන කෙනා මත.මගේ ප්‍රේක්ෂක ජනතාවතමයි තීරණය කරන්න ඕනෙ ඒගොල්ලන්ට මොකක්ද දිය යුත්තේ කියලා. ඒ හින්දා තමයි මම හැම වෙලාවෙම මගේ ෆෑන්ස්ලාට කියන්නෙ, ඕනෙ වෙලාවක මගෙ සිංදු දැක්ක ගමන් කමෙන්ට් කරන්න කියලා.ඒ නිසා ඒ ගොල්ලො මම කරපු වෙනසට ගොඩක් කැමතියි.මොකද ඒකට හේතුව මගේ එකම විදියේ ගීත නැහැනේ.බූට් කාපු අයට අහන්න ගීතත් තියනවා.ඩාන්ස් කරන්න පුළුවන් ගීතත් තියනවා.මට මඟුල් ගෙදරක ගිහින් කියන්න සිංදුත් තියනවා. ඒ නිසා මගෙ ගීතවලට මම ගරු කරනවා.මේ රැල්ල වෙනස් කළ යුතුද නැද්ද කියලා තීරණය කරන්න ඕනෙ ගීත අහන කට්ටිය.

ඉදිරි කටයුතු හා බලාපොරොත්තු මොනවාද කියලා?

අලුතින් එන්න තියනවා වෙනස් විදියේ ගීත දෙකක්.ඒ දෙක හරිහැටි රසිකයන්ට දෙන්න ඕනේ.මගේ ඉදිරියට බිහිවෙන්න ඉන්න දරුවා රටට වැඩදායී පුද්ගලයෙක් කරන්නයි, කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්නයි තමයි බලාපොරොත්තුව.

ඩිලාන් ක්‍රිෂාන්ත
මුලාශ්‍ර - සාරවිට

pix By - STUDIO UK







ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.