May 12

ගීතාගේ මන්ත‍්‍රී ධුරය අහෝසි කිරීම ශ්‍රේෂඨාධිකරණයෙන් අත්හිටුවයි

ගාල්ල දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහෝසි කරන ලෙස අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීන්දුව ලබන 15 දා තෙක් අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

ඒ අදාළ තීන්දුවට එරෙහිව මන්ත්‍රීවරිය ගොනු කළ පෙත්සමක් අද(12) ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවු අවස්ථාවේදී මෙම නියෝගය ලබා දුන් බව අප අධිකරණ වාර්තාකරු පවසයි.


එමෙන්ම මන්ත්‍රීවරිය ගොනු කළ පෙත්සම ද ලබන 15 වනදා සලකා බැලීමටයි තීරණය වී ඇත.

ගාල්ල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ (එජනිස) මහත්මියගේ මන්ත්‍රී ධූරය අහෝසිවී ඇති බව පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට දැනුම්දී තිබුණි.

මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත ලිඛිතව අදාළ දැනුම් දීම සිදුකළ බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් දැරීමට සුදුසුකමක් නොමැති බවට පසුගියදා අභියාචනාධිකරණය තීන්දුවක් ලබා දුන්නේය.

ගීතා කුමාරසිංහ මහත්මියට ස්විට්සර්ලන්තයේ සහ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය පවතින අතර 19 වන සංශෝධනයට අනුව ද්විත්ව පුරවැසිභාවය හිමි තැනැත්තෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් දැරිය නොහැකි බව සඳහන් කරමින් ගාල්ල දිස්ත්‍රීක්කයේ ඡන්ද දායකයින් පිරිසක් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය එම නියෝගය ප්‍රකාශයට පත් කළේය.

2015 වසරේ පැවති මහ මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ගාල්ල දිස්ත්‍රීක්කය සඳහා තරඟ වැදුණු ගීතා කුමාරසිංහ මහත්මිය මනාප ඡන්ද 63,955ක් ලබාගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්විය.

එම මැතිවරණයේ දී ගාල්ල දිස්ත්‍රීක්කයෙන්  එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රී ආසන 6ක් හිමි වු අතර ගීතා කුමාරසිංහ මහත්මියට මනාප ලැයිස්තුවේ පස් වන ස්ථානය හිමිවිය.

කෙසේවෙතත් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ අතර එම පෙත්සම අද(12) ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවු අවස්ථාවේදී මෙම තීරණය ලබා දී තිබේ.

මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසන් තීන්දුව ලැබෙන තුරු ගීතා කුමාරසිංහ මහත්මියගෙන් පුරප්පාඩු වන මන්ත්‍රීධූරය සඳහා වෙනත් කෙනෙකු පත් නොකරන බවට  මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.