May 15

මම මැරුණයි කියල යවපු කථාව සල්ලි හොයන වැඩක් ශිහාන් මිහිරංග කියන කතාව

සිරස සුපර් ස්ටාර් වේදිකාවේ ඉහළ ප්‍රතිචාරයක් ලබාගත් තරුවක් තමයි ශිහාන් මිහිරංග කියන්නේ. අදටත් ඔහුට තරුණියන්ගෙන් ලැබෙන්නේ ඉහළ ප්‍රතිචාරයක්. පසුගිය දා ඩෙංගු රෝගය වැලඳීම නිසා ඔහු සිටියේ දැඩි සත්කාර ඒකකයේ. බොහෝ පිරිසක් ඔහුට සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරද්දී ඔහු ජීවිතයෙන් සමුගෙන කියලත් සමාජජාලා වබේ අඩවිවල පළ කරලා තිබ්බා. මේ ගැන තොරතුරු දැනගන්න අපි ශිහාන්ට කතා කළා.


කොහොමද සැප සනීප?

හොඳයි. මේ දවස්වල විවේකයෙන් ඉන්නවා. වෛද්‍යවරු කීවේ මාසයක් විතර ගෙදරට වෙලා විවේක ගන්න කියලා. මැයි 15 වැනිදායින් පස්සේ භාරගත්ත ප්‍රසංග කිහිපයක් තියෙනවා. ඒ නිසා වැඩ පටන්ගන්න වෙනවා.

දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළාම මොකද හිතුණේ?

මේක මගේ පළවෙනි අත්දැකීම. දෙවැනි වරට තමයි ඩෙංගු රෝගය වැලඳුණේ. අමාරු වුණ නිසා මාව දැඩි සත්කාර ඒකකයට දැම්මා. දවස් එකොළහක් ගියා සුව වෙන්න.

ඩෙංගු වැලඳිලා කියලා දැනගත්තේ කොහොමද?

මට ලොකු හිසරදයක් හැදිලා සුවවෙන්නෙ නැති ප්‍රශ්නය නිසා මම හදිසියේ රෝහල්ගත වුණා. උන තිබුණා. ඒ තරම් ගණන් ගත්තේ නෑ. හිසරදයට බෙහෙත් ගන්න අතරතුර තමයි මගේ බිරිඳ ‍ලේ පරීක්ෂාවක් කරලා තිබ්බේ. ඒ නිසා දැනගත්තා ඩෙංගු වැලඳිලා කියලා හිසරදයට ප්‍රතිකාර අවසන් වුණහම ඩොක්ටර් ඇවිත් කීවා ඔයාට ඩෙංගු නිසා රෝහ‍ලේ නවතින්න කියලා. මම කැමැත්තෙන් හිටියේ ගෙදර යන්න. ඒත් රෝහ‍ලේ නතර වෙන්න වුණා.

සමාජජාලා වබේ අඩවි ඔස්සේ ඔබට ඩෙංගු රෝගය වැලඳිලා කියලා තිබුණා. ඔබේ රසිකයෝ ඔබට සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා තිබ්බා නේද?

මම දන්නේ රෝහලෙන් ආවට පස්සේ මගේ බිරිඳ තමයි ගොඩක් දේවල්වලට ප්‍රතිචාර දක්වලා තිබුණේ. අදටත් ගොඩක් දෙනා කතා කරලා කොහොමද අහනවා. ඒ අය කළ ප්‍රාර්ථනාත් මාව සුව වෙන්න බලපෑවා. ඒ හැමෝටම ස්තුති කරනවා. අවුරුදු එකොළහක් තිස්සේ මම මෙතැන ඉන්නේ ඒ අයගේ ආදරය නිසයි. ඔවුන් මාව බලන්න රෝහලටත් ඇවිත් තිබුණා. මට තියෙන ආදරය නිසයි මේ වගේ ප්‍රතිචාරයක් ලැබෙන්නේ.

තවත් පිරිසක් ඩෙංගු නිසා ඔබ මියගියා කියලා ප්‍රචාරය කරලා තිබ්බා?

එහෙම දෙයක් වෙලා තිබුණා කියලා මට දැනගන්න ලැබුණා. ඒ පිරිස එහෙම ප්‍රචාරයක් කරලා තියෙන්නේ වාණිජමය අරමුණකින් කියලයි මම හිතන්නේ. අද යූ ටියුබ් කියන දෙයින් මුදල් හම්බකරගන්න පුළුවන් නිසා තමන්ගේ අම්මා තාත්තා මරලා උනත් ඒ දේ කරයි.

ඒ ගැන කලකිරීමක්ද තියෙන්නේ?

ඒ ගැන කොහොමත් සතුටු වෙන්න බෑ. මේ සිද්ධිය නිසා ලොකු හානියක් වෙනවා. මේ දේ දෙමව්පියෝ පවු‍ලේ ඥාතීන් දැකලා ඇත්ත දැනගන්නකම් ඉන්නේ ලොකු පීඩනයකින්. ඒ අය මුදල් හම්බ කරගන්න එහෙම කළාට මානසික වශයෙන් කරන හානිය ප්‍රබලයි. මගේ වයිෆ් ඒ දේවල් දරාගෙන හිටියා. මේ දේවල්වලට බලධාරීන් නිසි ප්‍රමිතියක් හදන්න ඕන කියලා හිතනවා.

අප්‍රේල් මාසේ භාරගත්ත සියලුම ප්‍රසංගවලට ඔබට සහභාගි වෙන්න පුළුවන්කමක් නෑ කියලා දැනුවත් කළාද?

ඔව්. අවුරුදු, නත්තල් කියන්නේ කලාකරුවන්ට වැඩ වැඩියෙන් තියෙන මාස. මදුරුවා කන්නේ කාලය බලලා නෙමේනේ. සියලුම ප්‍රසංග කැන්සල් කළේ ඩෙංගු රෝගය උත්සන්න වුණ නිසයි. හැම වෙ‍ලේම සංවිධායකවරු කතා කළා. ඔවුන් නිතරම බැලුවේ මාව ගෙන්න ගන්න. ෂෝ එකට කලින් දවසෙත් ඔවුන් කතා කරලා එන්න බැරිවෙයි නේද කියලා ඇහැව්වා. මුදල් ගෙවපු අය අත්තිකාරම් මුදල් දීපු අය වගේම සම්පූර්ණ මුදල ගෙවපු සංවිධායකවරු හිටියා. ඔවුන් ඒ දේවල් ගැන විමසුවේ නෑ. මමම කතා කරලා ඒ දේවල් හරිගස්සන කම් කරදර කළේ නෑ. ඒ ගැන ඔවුන් තේරුම් ගෙන තිබුණා.

ඉදිරියේ දී අලුත් ගීත නිර්මාණ එළිදක්වන්න අදහසක් තියෙනවද?

තවම පටන්ගත්තේ නෑ. නමුත් අප්‍රේල් මාසයේ ගීතයක් එළිදක්වන්න හිටියේ. රෝගී වුණු නිසා හැමදේම පස්සට ගියා. මේ මාසෙන් පස්සේ තමයි ඒ වැඩ කරන්න වෙන්නේ.

එදා ශිහාන්ට ලැබුණු ප්‍රතිචාර තවම නොවෙනස්ව පවතින එක ගැන මොකද හිතෙන්නේ?

ඒක ලොකු වාසනාවක්. ඒ ප්‍රතිචාර වගේම අවධානය කලාකරුවෙක්ට වටිනවා. මම මගේ වෘත්තියෙන් තවම වින්දනයක් ලබනවා. ඒ දේ නොලැබෙන දවසට මේ වෘත්තිය නවත්වනවා.

එදා වගේම තාමත් තරුණියන්ගෙන් ලියුම් එනවද?

ඔව්. ලියුම් ලැබෙනවා. එදාට වඩා අද පිරිමි ළමයිනුත් ලියුම් එවනවා. මට වුවමනාවක් තිබුණා දෙගොල්ලෝ ටික කොහොමද මගේ වටේ ඉන්නේ කියලා දැනගන්න. මොකද ඔවුන් සින්දු ඇහැව්වත් ඒ ගැන කියන්න කැමැති නෑ. දැන් මම ශිහාන්ට කැමැතියි කියන කොල්ලෝ පිරිසක් හැදිලා නිසා මට ඒ ගැන සතුටක් තියෙන්නේ.

ශිහාන් රෝහල් ගත කළහම පුතාලාගෙන් මොන වගේ ප්‍රතිචාරයක් ද ලැබුණේ?

පුතාලා දෙන්නා දෙපාරයි රෝහලට ගෙනාවේ. ඒ ගැන ඒ අයට තේරුමක් නෑ. තාත්තට සනීප නෑ කියලා දන්නවා. තාත්තා මදුරුවෙක් කාලා එහෙම වුණා කියලයි ඒ දෙන්නට කියලා තියෙන්නේ. රෝහලට ඇවිත් ආපහු අරන් යද්දී ඕන වුණේ සෙල්ලම් කරන්න වගේම ඇඳ උඩ නගින්න. ඒ නිදහස නැතිවුණ එක ගැනයි පුතාලා දෙන්නා හිතන්නේ.

පුතාලා දෙන්නත් එක්ක ගත කරන ජීවිතේ මොනවගේද?

ඉඩ ලැබෙන හැම වෙලාවෙම මම ගෙදර ඉන්න කෙනෙක්. ඒ නිසා පුතාලා දෙන්නා එක්ක වැඩිපුර කාලය ගත කරනවා. කොල්ලො දෙන්නා දඟ නිසා වෙලාවකට අමාරුයි. ඒත් ඒ ජීවිතේ සුන්දරයි.

තිළිණි කරුණාරත්න
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.