Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Official Youtubue Account

Gossip - Lanka OTHTHUKARU News

Gossip - Lanka Latest News

තම මව්පියන්ගේ අඩිපාරේ යමින් සංගීත ක්‍ෂේත්‍රයට පිවිසි කවින්ද්‍යා අධිකාරි කියන්නේ ජනප්‍රිය තරුවක්. ඇයට රංගනයට ආරාධනා ලැබිලා කියලා ආරංචි වුණ නිසා ඒ ගැන අහන්න කවින්ද්‍යාට  කතා කළා.

කොහොමද රංගනයට අවස්ථාව ලැබෙන්නේ?

ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා තමයි අපේ අම්මගෙන් මේ ගැන අහලා තිබුණේ. මාව රංගනයට එකතු කරගන්න කැමැතියි කියලා.


ඔබ කැමැති වුණාද?

මුලින්ම රංගනයට මගේ ආසාවක් තිබුණේ නෑ. අම්මි කීවා ඒ වගේ දැවැන්ත අධ්‍යක්ෂවරයෙක් යටතේ වැඩ කිරීමම ලොකු දෙයක්, ජයන්ත මහත්මයත් කීවේ අපි මේක කරලා බලමු කියලා. ඒ නිසා මම කැමැති වුණා රංගනයෙන් දායක වෙන්න.

කවදද චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ වෙන්නේ?

ජුනි මාසයේ තමයි චිත්‍රපටයේ වැඩ පටන් ගන්නේ

ම්මා කැමැතිද ඔබ රංගනයට එකතු වෙනවට?

ඔව්. අම්මි තමයි කීවේ මේ දේ කරන්න කියලා. ඒ නිසයි මාත් කැමැති වුණේ.

දිගටම කාවින්ද්‍යා රංගනයෙන් දකින්න ලැබේවිද?

එහෙම රංගනයේ දිගටම ඉන්න අදහසක් නෑ. මේක මගේ පළවෙනි අත්දැකීම. මේක කළාට පස්සේ බලමු.

කවින්ද්‍යාට කැමරාව නුහුරු දෙයක් නොවන නිසා රංගනය අපහසුවක් වෙන එකක් නෑ නේද?

නිවේදිකාවක් වගේම ගායිකාවක් ලෙස වැඩ කරන නිසා කැමරාව නුහුරු දෙයක් ‍නෙවෙයි. ඒත් රංගනය කියන්නේ වෙනස් දෙයක්. ඒ දේට මම තාම අලුත් ඒ නිසා රංගන හැකියාවක් තියෙනවද කියලා මමවත් දන්නේ නෑ. ලොකු චකිතයක් තියෙන්නේ. පාසලෙදීවත් රංගනයට සහභාගි වෙලා නෑ. ඒ නිසා මම ටිකක් බයෙන් ඉන්නේ.

ඔබේ දෙමව්පියනුත් අතීතයේ රංගනයට එකතු වුණා. ඔබටත් ඒ ආභාෂය ලැබිලා ඇති කියලා හිතෙන්නේ නැද්ද?

අම්මයි තාත්තයි දෙන්නම රඟපෑවා. ඒ අයගේ ආභාෂය ලැබිලා ඇති කියලා මම විශ්වාස කරනවා.

ගායනය, නිවේදනය, රංගනය යන තුනම නියෝජනය කරන කෙනෙක් ලෙස කාලය කළමනාකරණය කරගන්නේ කොහොමද?

රංගනයට ලොකු ඇල්මක් නෑ. ගායනයට වගේම නිවේදනයට මම ගොඩක් කැමැතියි වගේම ආදරෙයි. ඒ දෙකටම කොහොම හරි වෙලාව කළමණාකරනය කරගන්නවා.

කැමැත්තක් නැද්ද තාත්තා, අම්මා එක්ක යුග ගායනයක් ඉදිරිපත් කරන්න?

අම්මා නම් කතා කළා යුග ගායනයකට. ඒ දේ ළඟදිම කරන්න බලා‍පොරොත්තු වෙනවා. තාත්තාගෙන් තමයි ඒ දේ අහන්න වෙන්නේ.

මොනවද අලුත් වැඩකටයුතු?

ඉදිරියට වැඩ කිහිපයක් කරන්න ඉන්නේ. ඒක ඉස්සරහට බලමු.

අධ්‍යාපන කටයුතු අවසන් වෙලාද?

තවම නෑ. මම උසස් අධ්‍යාපනය හදාරනවා. එන්.එස්.බි.ඒම්. ආයතනයේ වෙළෙඳ කළමනාකරණයෙන් තමයි උපාධිය  හදාරන්නේ.

යාළුවන්ගෙන් ලැබෙන ප්‍රතිචාර මොන වගේද?

ඔව්. හැමවෙ‍ලේම එයාලා මට ප්‍රතිචාර දක්වනවා. පළමු වසරේ ඉඳන් හිටපු යාළුවෝ එදා වගේම අදටත් මාත් එක්ක ඉන්නවා. එයාලා මම ගැන ලොකු ආඩම්බරයකින් ඉන්නේ. ඒ ගැන සතුටක් තියෙන්නේ.

ක්‍ෂේත්‍රයේ කාවද කවින්ද්‍යා අනුකරණය කරන්නේ?

කාවවත් මම අනුකරණය කරන්නේ නෑ. මම නිතරම උත්සාහ කරන්නේ කාවින්ද්‍යා අධිකාරි වෙන්නයි.

කවින්ද්‍යා සංගීත ක්‍ෂේත්‍රයේ වැඩියෙන්ම කැමැති කාටද?

භාතිය සන්තුෂ් ටීම් එකට තමයි මම ගොඩක් කැමැති.

තිලිණි කරුණාරත්න
අපගේ ගොසිප් පුවත් එසැණින් දැනගන්න
නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න

Gossip - Lanka Previous News

© 2013-2017 Gossip - Lanka News Email : editor@gossip-lankanews.com
Advertising - Contact Here Editor - Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.

Hot Gossip - Lanka WALPAL News

Gossip - Lanka PHOTO Gallery

Contact Gossip - Lanka EDITOR