May 15

මම හා කිව්වා නම් මේ වෙද්දි ගොඩක් දේවලට ඉඳලා

නිරූපණ ක්ෂේත්‍රයේ ඉහළ ජනප්‍රියත්වයක් හිමිකර ගත් යුවතියක් ලෙස අමන්දා සිල්වා හඳුන්වන්න පුළුවන්. නමුත් මේ දිනවල අමන්දා ගැන කතා වෙන්නේ නිරූපණයට වඩා ඇගේ රංගනය ගැනයි. ඒ නිසාම මේ ගැන අහන්න අපි ඇයට කතා කළා.

වස්සාන හීනේ ගීතය නිසා අමන්දා ගැන වැඩිපුර කතා වෙනවා කීවොත්?

ගොඩක් අය කතා වෙනවා. මේ ගීතයේ වීඩියෝව එළියට එන්නත් කලින් ගොඩක් දෙනා බනින්න බලාගෙන හිටියේ. සින්දුව ආවාට පස්සේ නම් ඒ අයට බනින්න දෙයක් මේ සින්දුවේ තිබුණේ නෑ.


ඒ කියන්නේ අමන්දට යහපත් ප්‍රතිචාර ලැබුණ කියලද?

ඔව්. එහෙම නරක ප්‍රතිචාර නම් ලැබුණේ නෑ. මේ සින්දුව අවසානයේ සමාජයට දෙන්නේ ආදර්ශයක්. ඒ නිසා බනින්න හිටපු අයගේ කටවල් වැහුණා. මට ලැබෙන ප්‍රතිචාර ඔක්කොම හොඳයි. ඒ නිසා මම ගොඩක් සතුටින් ඉන්නේ.

මෙම ගීතයේ ලිංගික දර්ශනයක් ඇතුළත් වෙන නිසා රංගනයෙන් දායක වෙන්න චකිතයක් දැනුණේ නැද්ද?

මියුසික් වීඩියෝව බලද්දී එතැන එහෙම දර්ශනයක් තියෙනවා කියලා පෙනුණත් එතැන එහෙම දෙයක් වෙන්නේ නෑ. මිනිස්සුන්ට කුතුහලයක් පමණයි එතැන ඇතිවෙන්නේ. එම දර්ශනය බොඳ කරලා තියෙන්නේ. ඒ නිසා කතා කරන්න තරම් දෙයක් නෑ කියලයි මම හිතන්නේ.

ඇඟ නිරාවරණය වන ලෙස රංගනයේ යෙදීම ගැන අමන්දට ගැටලුවක් නැද්ද?

මට ලස්සන ඇඟක් තියෙනවා. විලාසිතා කරද්දි මම කොටට අඳිනවා. ඇඳුම් නැතුව නම් මම ජීවිතේට රඟපාන්නේ නෑ. ඒ වගේ දේවල්වලට ඕන තරම් කතා කරලා තියෙනවා. කවදාවත් ඒ වගේ ඒවට හා කියන්නේ නෑ. මම හා කීවා නම් ගොඩක් දේවල්වලට මට මේ වෙද්දි ඉන්න තිබුණා.

වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපටවලටත් අමන්දට ආරාධනා ලැබිලා තියෙනවාද?

එහෙම ආරාධනා නම් ලැබිලා නෑ. නමුත් වැඩිපුර ඇඟ නිරාවරණය වෙන්න ඕන කියන අවස්ථාවලට කතා කරලා තියෙනවා. මම කොටට ඇන්දට ඒ වගේ දේවල්වලට මගේ කිසි කැමැත්තක් නෑ.

පෙම්වතා කැමැත්ත දුන්නද මේ මියුසික් වීඩියෝවේ රංගනයේ යෙදෙනවට?

ඔව්. එයා අකමැති වුණේ නෑ. මේ තරම් කාලයක් මම මගේ නම අරගෙන ආපු විදිහක් තියෙනවා. ඒ විදිහටම ඒ නම ඉස්සරහටත් අරගෙන යනවා. මම කිසිම දවසක නිරුවත් වෙලා සල්ලි හම්බ කරන්නෙ නෑ කියන දේ මගේ පෙම්වතා දන්නවා. මට කියන්න තියෙන්නේ නිරුවත් වෙලා නම් මම විකිණෙන්නේ නෑ කියලයි.

වීඩියෝව නැරඹුවට පස්සේ මොන වගේ ප්‍රතිචාරයක්ද ඔහුගෙන් ලැබුණේ?

එයා මියුසික් වීඩියෝව බලලා නරකක් කීවේ නෑ. හොඳ ප්‍රතිචාරයක් ඔහුගෙන් ලැබුණා.

ගෙදරින් ප්‍රශ්නයක් වුණේ නැද්ද මෙහි රංගනයේ යෙදෙනවාට?

ගෙදරින් නම් මේ දේ ප්‍රශ්නයක් කරගත්තේ නෑ. මනුස්සයෙක්ට රඟපාන්න බැරි දෙයක් මෙතැන නෑ කියලයි මම හිතන්නේ.

රංගනයට නම් ආරාධනා ලැබෙනවා ඇති නේද?

ආරාධනා නම් ලැබෙනවා. තෝරලා බේරලා හෙමින් තමයි මම මේ ගමන යන්න හිතාගෙන ඉන්නේ.

ඉදිරියේදී වෘත්තීමය රංගන ශිල්පිනියක් වෙන්න අදහසක් තියෙනවාද?

එහෙම නම් නෑ. මම කැමති මාව වෘත්තීය නිරූපණ ශිල්පිනියක් ලෙස හඳුන්වනවාට. හොඳ දෙයක් ලැබුණොත් මම රඟපායි. නමුත් වෘත්තීමය රංගන ශිල්පිනියක් ලෙස ඉදිරියට යන්න බලා‍පොරොත්තුවක් නම් නෑ.

තවමත් පෙම්වතාගේ මුහුණ පෙන්වන්නේ නැද්ද?

තාම නෑ. ඔහොම තියෙන එක හොඳයි. මම හිතන්නේ මම බැන්දට පස්සේ එයාගේ මූණ පෙන්වන්න වෙනවනේ. ඒ වෙනකම් කවුරුත් ඒ දේ ප්‍රශ්නයක් කරගන්න ඕන නෑ.

ළඟදීම විවාහ වෙන්න අදහසක් තියෙනවාද?

විවාහය ගැන සැලසුම් නම් තියෙනවා. වෙලාව ආවහම හරියට ඒ දේවල් වේවි කියලා මම විශ්වාස කරනවා.

විවාහයෙන් පස්සේ ක්ෂේත්‍රයෙන් ඈත් වේවිද?

ඒ වෙලාවට මම ඒ දේ තීරණය කරයි. විවාහ වුණාට පස්සේ මම නම් කැමති මගේ පවුල් ජීවිතේට වැඩි තැනක් දෙන්න. ඒ අතරේ මට හිතුණොත් ක්ෂේත්‍රයෙත් රැඳෙන්න ඕන කියලා දිගටම රැඳේවි.

තිළිණි කරුණාරත්න
මුලාශ්‍ර - රිවිර
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.