May 08

කාටවත් කරදරයක්‌ නැතිව පාඩුවේ ජීවත්වෙන මංජුලා

කොහොමද මංජුලා ජීවිතේ

වරදක්‌ නෑ. සතුටින් ගෙවෙනවා.

මේ දවස්‌වල මොකද කරන්නෙ

ලොකු කාර්යබහුලත්වයක්‌ නැහැ. මේ කාලේ ඇත්තටම මට තියෙන ප්‍රධානම රාජකාරිය තමයි මගේ පුතාගේ වැඩකටයුතු. ඒක දේවකාරියක්‌ විදියට කරගෙන යනවා.


ඒ කියන්නේ සැබෑ ජීවිතේ අම්මගෙ චරිතෙට කොටුවෙලා.

ඔව්. මම හරිම කැමැත්තෙන් ඒ චරිතෙට කොටුවෙලා වැඩකරගෙන යන්නේ. දැන් පුතාට අවුරුදු දෙකකට කිට්‌ටුයි. එයාගේ හැමදේම මගේ අතින් කෙරෙන්නයි මට ඕන.

රංගන ජීවිතේ මවකගේ චරිතෙ රඟපාල නැද්ද?

ඒ චරිතෙ මට රඟපාන්න ලැබුණේ මම විවාහ වෙන්නත් කලින්. වරාමලී නාට්‍යයේ අම්මගෙ චරිතය රඟපාල මාව හොඳම නිළිය හැටියටත් නිර්දේශ වුණා.

අපිටනම් පේන්නෙ රංගන කටයුතුවලින් සම්පූර්ණයෙන් ඈත්වෙලා වගේ.

එහෙමමත් නෑ. කාර්ය බහුල වෙන්න බැරිකම හින්ද ආපු වැඩ කීපයක්‌ම භාර ගත්තෙ නෑ.

මෙහෙම ගිහින් ඕලුට ආදරේ කරපු රසිකයන්ට ඕලුව දකින්නම නොලැබෙයිද?

නෑ. ඒක එහෙම වෙන්නෙ නෑ. නිතර නිතර දකින්න නොලැබුණාට ඕලු හැමදාමත් ඔයාලත් එක්‌ක ඉන්නවා.

දැන් ගොඩක්‌ නිළියො නටනව ගයනව ඔබට එවැනි වැඩසටහන්වලට ආරාධනා ලැබෙන්නෙ නැද්ද?

මම හිතෙන්නෙ මට ඒ සඳහා ලැබෙන ආරාධනා වැඩියි කියල. මොකද මම ඒවට සහභාගිවෙලා නැති ගානයි. හේතුව තමයි ඒවට කාලය විශාල වශයෙන් කැපකරන්න බැරිකම.

සමහර ජනප්‍රිය චරිත එවැනි වැඩසටහන් බාලවැඩ විදියට සලකනවා. ඔබත් එහෙමද?

ඒ වගේ වැඩසටහන් තියෙන්න ඕන. මොකද ඒවායින් රසාස්‌වාදය විඳින පිරිස එන්න එන්න වැඩිවෙනව කියලයි මට නම් හිතෙන්නේ. මගේ සහභාගිත්වයේ අඩුවක්‌ තිබුණට මම ඒව ප්‍රතික්‍ෂේප කරන්නෙ නෑ කවදාවත්.

කාලෙකින් සිනමාවෙදී දැක්‌කෙත් නැහැනේ.

මම ඉතින් රඟපෑවෙ ලෙස්‌ටර් මහත්මයගෙ අම්මාවරුනේ සහ හේමසිරි සෙල්ලපෙරුම මහත්මයගෙ සංජනා කියන චිත්‍රපට දෙකේ විතරනේ. මෑතකදී අලුත් චිත්‍රපයකට ආරාධනා ලැබුණා. ඒත් මට ඒක භාරගන්න ලැබුණෙ නෑ පහුගිය කාලේ ලංකාවේ නොහිටපු නිසා.

විවාහයෙන් පස්‌සෙ ලැබෙන ආරාධනාවල අඩුවක්‌ තියෙනවද?

ලැබීමේ අඩුවක්‌ නෙමෙයි භාර ගැනීමේ අඩුකමකුයි තියෙන්නේ. හොඳම නිර්මාණයක්‌ ලැබුණොත් භාර ගන්නව. මෑතකදී අඳුරු සෙවණැලි නාට්‍යයට සම්බන්ධ වෙලා වැඩ කරා.

දැන් ඔබ උපරිම ලෙස චරිත තෝරන කෙනෙක්‌ වෙලානේ.

අනේ නෑ. මම රූගත කිරීමකට යනවනම් දරුවත් අරන් ඕන එතැනට යන්න. ඒක එයාටත් කරදරයක්‌නේ. ඒ නිසා හැම පැත්තම බැලන්ස්‌ කරගෙන කරන්න පුළුවන් නිර්මාණයක්‌ ආවොත් භාරගෙන සාධාරණයක්‌ ඉෂ්ට කරනවා.

ඔබේ සැමියා චානුක ඔබට ලැබෙන චරිත තෝරා බේරා ගැනීමට උපදෙස්‌ දෙනවද?

මගේ හැම තෝරා ගැනීමක්‌ ගැනම චානුකට හොඳ අවබෝධයක්‌ තියෙනවා. ඒ නිසා එයාට මගේ තේරීම්වලට බලපෑම් කරන්න වෙන්නෙ නෑ.

ඔහු ව්‍යාපාරිකයෙක්‌. එම කටයුතුවලට ඔබ ලබාදෙන සහයෝගය?

පුළුවන් හැම වෙලාවකම පුළුවන් හැම සහයෝගයක්‌ම මම ඔහුට ලබාදෙනවා.

අද බොහෝ රංගන ශිල්පිනියන් රූපලාවන්‍ය ආයතන ඇඳුම් සාප්පු ආරම්භ කිරීම මෝස්‌තරයක්‌ වෙලා. ඔබ එය දකින්නේ?

ඒක මෝස්‌තරයක්‌ කියල කියන්න බැහැ. වෘත්තීය වශයෙන් රංගන ශිල්පිනියක්‌ වෙලා ජීවත් වෙන්න තියෙන අපහසුකම් නිසා තමන්ට ගැලපෙන ව්‍යාපාරයක්‌ ලෙස එවැනි දේවල්වලට යොමු වෙනව කියන එකයි මම දකින්නේ.

ජනප්‍රිය චරිතවලට කටකතා වලින් බේරෙන්න අමාරුයි නේද?

ඒක වෙන්නෙ මෙහෙමනේ. සමාජයේ පොඩ්ඩක්‌ කැපිල පේන කෙනෙක්‌ වුණාම ඒ අය ගැන මිනිස්‌සු හොයනව බලනව වැඩියි. සාමාන්‍ය මිනිස්‌සුන්ටත් ඕන තරම් ප්‍රශ්න තියෙනවා. ඒත් කවුරුත් ඒව එළියට ගන්නෙ නෑ.

එවැනි කතාවලින් බේරෙන්න මංජුලා මොනවගේ පිළිවෙත්ද අනුගමනය කරන්නේ.

ඒවට විශේෂ ක්‍රමවේද මා ළඟ නෑ. මම මගේ පාඩුවේ කාටවත් කරදරයක්‌ නැතුව ජීවත් වෙන සරල චරිතයක්‌. කරන දේ අවංකව හිතට එකඟව කරනවනම් කාගෙවත් කතා අපිට අදාළ වෙන්නෙ නෑ.

ඕලුගේ අනාගත වැඩපිළිවෙළ දැනගන්නත් රසික රසිකාවියෝ කැමති ඇති.

ඉදිරියේදී ව්‍යාපාර කටයුත්තකට යොමු වෙන්න පුංචි අදහසක්‌ තියෙනවා. ඒ එක්‌කම ලැබෙන නිර්මාණවලින් මට යමක්‌ කළ හැකියි කියන ඒව තෝරගෙන සම්බන්ධ වෙන්න තමයි බලාපොරොත්තුව.

ධම්මික හේවාවසම්
ඉරිදා දිවයින පුවත්පත ඈසුරේන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.