May 21

මුදල් ඇමතිකම හැර වෙනත් ඇමතිකම් බාරගන්නෑ

හෙට (22) සිදුකිරීමට නියමිත කැබිනට් සංශෝධනයේදී තමන් දරන මුදල් ඇමතිධූරය අහිමි වුවහොත්, වෙනත් කිසිදු අමාත්‍යධූරයක් බාර නොගන්නා බව රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි.

'ලංකා නිවුස් වෙබ්' කළ විමසීමකදී ඔහු එබව සඳහන් කර ඇත.


ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වා ඇති රවී කරුණානායක මහතා මෙසේද පවසා තිබේ.

'ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පිළිබඳව මට පූර්ණ විශ්වාසයක් තියනවා. පහුගිය අවුරුදු දෙකේ මට කළහැකි උපරිමය මං කරලා තියෙන්නෙ. 2015 දි අපි රට බාරගන්න වෙලාවෙ තිබුනෙ සම්පූර්ණයෙන්ම හිස්වෙච්ච භාණ්ඩාගාරයක්.

නමුත්, ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් මම කෙරෙහි තැබූ විශ්වාසය පළුදුවෙන්න ඉඩ තිබ්බෙ නෑ. මගේ අතින් යම් වරදක් සිද්ද උනා නම් ජනාධිපතිටත් අගමැතිටත් ඕනෑම වෙලාවක පුලුවන් මාව නිවැරදි කරන්න.

රටේ අවශ්‍යතාවයත් ජාත්‍යන්තර මුල්‍ය සංවිධානවල අවශ්‍යතාවයත් මම ඉතා සමබරව ක්‍රියාත්මක කළා.

මුල්‍ය ක්ෂේත්‍රයේ ලෝකයේ අගනුවර ලෙස සැලකෙන ලන්ඩන් නුවර පළකරන 'The Banker' සඟරාව ලෝකයේ හොඳම මුදල් ඇමතිවරයා විදියට මාව තෝරාගැනීමට හේතුව මගේ ක්‍රමෝපාය මාර්ගයි.....

'මගේ අමාත්‍යධූරය කප්පාදුවට ලක්වෙච්ච මුල් අවස්ථාව මේක නෙවෙයි. මුදල් අමාත්‍යංශය යටතෙ තිබිච්ච ආයතන 50 කට ආසන්න සංඛ්‍යාවක් කප්පාදු කරලා පොදු ව්‍යාපාර හා මහජන ව්‍යවසාය අමාත්‍යංශයට අනුයුක්ත කළා. මට ඉතුරු උනේ මහා භාණ්ඩාගාරය සහ ඊට අනුබද්ධ ආයතන කීපයක් විතරයි.

මං ඒ වෙලාවෙ නිහඬව හිටියෙ යහපාලන ආණ්ඩුවේ අනාගතය ගැන හිතලා.

ජනාධිපතිවරයා යම් තීරණයක් ගත්ත නම් ඒක වැලැක්වීමේ හැකියාව අගමැතිවරයාට තියනවා. ඒක තමයි යහපාලන ආණ්ඩුවේ අවබෝධතා ගිවිසුමේ මූලික හරය.

ජනාධිපතිවරයත් අගමැතිවරයත් හොඳින්ම දන්නවා මේ ආණ්ඩුව බලයට පත්කරන්න මම කරපු කැපකිරීම.

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මට ඇමතිධූරය අහිමි උනොත් වෙනත් කිසිම ඇමතිධූරයක් මම බාරගන්නෑ. මම පසුපෙළ මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරනවා.'' යයි මුදල් ඇමතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.