Apr 02

ප්‍රශ්නය කොයි විදියට විසඳෙයිද කියලා මට කියන්න බෑ

සාරංගගේ මව
මාධ්‍ය හමුවේ කට අරියි

සිවුවන වරටත් ජනතාවගේ නළුවා වූ සාරංග දිසාසේකරගේ සහ රංගන ශිල්පිණී උමාලි තිලකරත්නගේ විවාහය දෙදරා යාම සම්බන්ධයෙන් පසුගිය දවස්වල බොහෝ සෙයින් කතාබහට ලක්වූ මාතෘකාවක් වුණා.

ඉතින් මේ සම්බන්ධයෙන් සාරංග දිසාසේකරගේ මව වන තිලකා රණසිංහත් මාධ්‍ය හමුවේ කතා කරලා තියෙනවා. තිලකා රණසිංහ කියන්නේ වසර 30ක කාලයක් ගුවන් විදුලිය, රූපවාහිනිය ප්‍රමුඛ මාධ්‍ය ක්ෂේත්‍රෙයේ ප්‍රවීන නිවේදිකාවක් වගේම කලා ක්ෂේත්‍රයේද නිර්මාණයන්ට දායක වුණු රසික ආදරය දිනාගත් රංගන ශිල්පිණියක්.

මේ ඇය හා සාරංග ගේ විවාහය සම්බන්ධයෙන් කළ සාකච්ඡාවක්.

පසුගිය දවස්වල සාරංග උමාලි සම්බන්ධව විවිධ ගොසිප් නිර්මාණය වුණා. මෙහෙම දේවල් නිර්මාණය වන්නේ ඇයි?

අම්මා කෙනෙක් විදියට හැම දරුවෙක් දිහාම මම බලන්නේ එක හිතින්. මමත් අම්මා කෙනෙක් විදියට මගේ දරුවට විතරක් නෙමෙයි පිට දරුවකුට වුනත් අපහාසයක්, ලජ්ජාවක්, කටකතාවක් අහන්න ලැබෙනවාට මම කැමති නැහැ. ලෝක ධර්මතාව අනුව සියල්ල සිද්ධවේවි කියලා තමයි මට කියන්න තියෙන්නේ. මම කවදාවත් කාගෙවත් හිත රිද්දලා නෑ. මම කාටවුනත් වැරදි දේවල් පෙන්නලා දෙනවා. අවවාද කරනවා. ඇත්තට මේ වගේ කටකතා නිර්මාණය වෙන එක ගැන අම්මා කෙනෙක් විදියට මට දරාගන්න අමාරුයි. ඕනෑම ජීවිතයක ප්‍රශ්න ගැටලු මතුවෙනවා. ඒවා ගැන අපහාසයෙන්වත් උපහාසයෙන්වත් අදහස් ප්‍රකාශ කරන්නේ නැතුව ඒ අයට අදාළ විදියට ප්‍රශ්න විසඳගන්න ඉඩදීම තමයි හොඳම දේ. පුංචි දේවල් අල්ලගෙන පවුල් කඩන්න තරම් චරිත ඝාතන කරන්න තරම් සමාජය හිනස්සන වැඩ කරන එක ගැන කනගාටුයි. ප්‍රශ්නයක් ඇති වුණාම ඒ ප්‍රශ්නයේ බරපතලකම අනුව තමයි තීන්දු තීරණ ගන්න ඕන. අපේ ගෙදරවත් නැති ප්‍රශ්න අද සමාජයේ ගොඩක් දෙනෙකුට විශාල ප්‍රශ්නයක් වෙලා. අම්මා කෙනෙක් විදියට කියන්නේ. ගඳ ගස්සන කුණු දේවල් අවුස්සන්න එපා. ඒවා විසඳගන්න පුළුවන් පොඩි ප්‍රශ්න විතරයි. ප්‍රශ්න ආවම අපි ඒවාට මුහුණ දෙන්න ඕන. මඟහරින්න බැහැනේ.

සාරංග මේ කටකතා ගැන ඔබට කලින් කියලා තිබුණද?

කටකතා හැදෙන ඒවා අපට නතර කරන්න බැහැනේ. ඒ හැමදේම උපේක්ෂාවෙන් ඉවසන එක තමයි හොඳම දේ. දරුවෙකුට වුනත් විවාහ වුණාටෙ පස්සේ අම්මට කියන්න බැරි දේවල් තියෙනවා. අම්මාට හැමදේම කියන්න කියලා නීතියක් නැහැනේ. කවදාවත් කිසිම ප්‍රශ්නයක් පුතා මට කියලා නෑ. කියන්නෙත් නෑ. ඒක එයාලගේ ජීවිතේනේ.

උමාලි සාරංග විවාහය දෙදරයි කියලා ගොසිප් නිර්මාණය වෙද්දී ඇයි නිහඬව ඉන්නේ.?

එහෙම කතාවක් පැතිරිලා තියෙනවා. දෙන්නම මගේ දරුවෝ. පවුල් ප්‍රශ්න ඇතිවීම සාමාන්‍ය දෙයක්. ඒ ප්‍රශ්න විසඳගන්න ඕන ඒ දෙන්නා. ඒ ප්‍රශ්නය කොයි විදියට විසඳෙයිද කියලා මට කියන්න බෑ. ඒ දෙන්නා හොඳ විදියට මේ ප්‍රශ්නය විසඳගනීවි කියලා මම හිතනවා. පුංචි පුංචි ප්‍රශ්න තියෙනවා. ඒවා පවුල් ජීවිතේක සාමාන්‍ය දේවල්. අම්මා කෙනෙක් විදියට උඩ බලාගෙන කෙළ ගහාගන්න මම කැමති නෑ. ජනප්‍රිය වුනාම කතා හැදෙන එක සාමාන්‍ය දෙයක්. ඒත් මේවගේ චරිත ඝාතන කරන්න එපා. සාරංග ජනතාවගේ නළුවා වුණාට ඔහුට කියලා පෞද්ගලික ජීවිතයක් තියෙනවා.

ඔවුන් සමගි කරන්න ඔබ සටන් කරනවාද?

මොන අම්මාද කැමති දරුවන්ගේ ජීවිතවල ප්‍රශ්න ඇති වෙනවට
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.