Apr 27

පුහුල් හොරා කරෙන් දැනේ නවීකරණය වුනේ මේහෙමයි

“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ” යනුවෙන් ඒ කථාව නවීකරණය කළ හැකි සත්‍ය පුවතකි.

වරෙන්තු කරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ගිය පොලිස් නිලධාරින් දෙදෙනකුට ‍ බදුල්ල - අලුගොල්ලේ බස් මාර්ගය අසල බසයක් එනතුරු බලාසිටි සිටි පුද්ගලයෙකු දකින්නට ලැබුණි. ඒ පුද්ගලයා පිළිබඳව සැක සිතී ඔහු සතුව තිබූ පොහොර මලු පරික්ෂා කිරීමට යාමේ දී  ඔහු එම මලු අතහැර දමා පළාගොස් ඇත. පසුව අනාවරණය වූයේ බදුල්ල කොහොවිළකඳුර ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ ගබඩා ගෙය බිඳ සිවුරු 7ක් සහ අටපිරිකර 3 ක් සොරකම් කරගෙන විකිණීම සඳහා යද්දී පොලිසියට හසුවෙතැයි බියෙන් ඔහු පළා ගිය බවය.

කෙසේ නමුත් මේ හොරබඩු  පොලිසියට ගෙන එන තෙක්ම  විහාරස්ථානයෙන් පැමිණිල්ලක් නොලැබුණ  බවද පොලිසිය කියයි.

විහාරස්ථානයේ ගබඩා ගෙයි පිටුපස ජනේලයක් කඩා ඇතුල්වී මෙම සොරකම ම සිදුකර ඇති බව විමර්ශන වලදි අනාවරණය වී ඇත.  දැනට ප්‍රදේශයෙන් පලාගොස් ඇති සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරගෙන යන බවත් පොලිසිය පවසයි.

බදුල්ල  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධම්මික වීරසේකර සහ බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක  බී.යූ.පී. මානියන්ගම යන මහත්වරුන්ගේ උපදෙස් මත බදුල්ල පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

සුලක්ෂ පියතිස්ස බදුල්ල

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.