Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Official Youtubue Account

Gossip - Lanka OTHTHUKARU News

Loading...

Gossip - Lanka Latest News

ජනතාවගේ ටෙලි නිළිය හැටියට මෑතක සම්මානයකින් පිදුම් ලබපු ශලනි තාරකා සමග කතාබහක්

ජනතාවගේ නිළියට අපෙනුත් සුබපැතුම් එකතු කරන්නද?

බොහෝම ස්තුතියි. ස්ලීම් නෙල්සන් ජනතා සම්මාන උළෙ‍ලේ දී තමයි ඒ ඇගයීම මට ලැබුණේ. ඉතින් මම ඒ ගැන මේ දවස්වල හුඟක් සතුටින් ඉන්නේ.


සම්මානයට තරග කළේ හුඟක් ‍‍‍ජ්‍යෙෂ්ඨ නිළියන් කීප දෙනෙක් එක්ක නේද?

ඔව්. ඒකනම් එහෙම තමයි. දුලීකා මාරපන, යශෝධා විමලධර්ම, දමිතා අබේරත්න එක්ක තමයි මගේ නමත් නිර්දේශ වෙලා තිබුණේ. ඒ අය අතරින් මට සම්මානය ලැබුණාම හිතාගන්නවත් බැරි තරම් සතුටක් දැනුණා.

ප්‍රවීණයන්ගෙන් කැපිලි ඇති දැන් එහෙම නම්?
අ‍පෝ නැහැ. ඒ තුන් දෙනාම හොඳ අවබෝධයක් තියෙන අය. මම සම්මානය අරගෙන වේදිකාවෙන් බිමට බහිනකොටම මට මුලින්ම සුබපැතුවේ දමිතා අක්කා.

කවදා හරි හිතුවද ජනප්‍රිය නිළියක් වෙන්න?
පුංචි කා‍ලේ 3 වසරේ දී මගේ බලා‍පොරොත්තු ගැන රචනාවක් ලියන්න දුන්නම මම ලිව්වලූ‍ මම ලොකු වුණාම නිළියක් වෙනවා කියලා. ඒත් ලොකු පන්තිවලට එනකොට ඒ බලා‍පොරොත්තුව නැතිවෙලාම ගියා.

අපි ඉස්සර හිටියේ මීගමුවේ නිසා මම නිතරම අහසේ ප්‍ලේන් යනවා දැක්කා. එනිසා මම ආස කළේ ගුවන් සේවිකාවක් වෙන්න.

බලා‍පොරොත්තු නොවී ලැබුණු ජනප්‍රියකම ගැන දැන් මොනවද හිතන්නේ?
හරි සතුටුයි. මම හෙමින් ගමනක් ආපු කෙනෙක්. එක රැයින් ජනප්‍රිය වුණේ නැහැ. එක රැයින් නගින අය සාමාන්‍යයෙන් එක රැයින් බහිනවා. ඉතින් හෙමින් ජනප්‍රිය වුණ නිසා මම හිතන්නේ මම ජනප්‍රිය නැති වෙන්නෙත් හෙමින් හෙමින් කියලයි.

ශලිනි කවිකාරියක් වෙලා නේද?
කවි ලියන එක ‍පොඩි කා‍ලේ ඉඳලාම කරනවා. ඒත් ලියන ලියන කවිය කාටවත් නොපෙනෙන්න හංග ගන්නවා. මෑතක මම කවියක් ලියලා අයියා කෙනකුට පෙන්නුවා. එයා තමයි කිව්වේ ලියලා හංගගෙන ඉන්නේ නැතිව ෆේස්බුක් එකේවත් පළ කරන්න කියලා.

එහෙනම් ඒ විශේෂ අයියා ගැන වෙන්න ඇති මේ කවි ලියන්නේ?
අ‍පෝ එහෙම කියන්න බෑ. මම කවි ලියන්නේ මගේ යාළුවන්ගේ ආදර කතා ගැන.

හැමදාමත් අනුන්ගේ ආදර කතා ගැන ලිය ලියා ඉඳලා හරියන්නේ නෑ නේද?
මටත් ආදර කතා නම් තිබිලා තියෙනවා. ආදරේ කළේ නෑ කියනවා නම් මට ලෙඩක් තියෙනවා වෙන්න එපැයි. ඒත් මම හිතන්නේ නොගැළපීම් එක්ක ඉස්සරහට යනවට වඩා හොඳයි ඒ අයගෙන් වෙන් වෙන එක.

විවාහය ගැන තියෙන හීන මොනවද?
හීන නැතුවා නමෛයි. ඒත් නොගැළපෙන මනුස්සයෙක්ව කසාද බැඳලා ඉක්මනට දික්කසාද වෙන්න මම කැමැති නෑ. බැඳලා විඳවන්න බැහැ. ඒ නිසා ගැළපෙනම කෙනා හමුවෙනකල් මෙහෙම තනියම ඉන්නවා.

ලස්සන ගැන ශලිනිට ලැඛෙන ප්‍රතිචාර මොනවද?
සමහරු මම ලස්සනයි කියලා කියනවා. මම කතා කරන විදියට, යන එන, අඳින පලඳින විදියට ආස අය ඉන්නවා. ඒත් මට නම් මම ලස්සන නැහැ.

ලස්සන නැත්නම් සිරස කුමරිය වෙන්න බෑනේ?
ඒක මගේ වාසනාව.

විලාසිතා කරන්නේ පරිස්සමෙන්ද?
ඔව්. සාමාන්‍යයෙන් අපි තැනකට ගියාම මිනිස්සු ටිකක් වැඩිපුර අපි දිහා බලනවා. ඒත් එහෙමයි කියලා වැඩිපුර රඟපාලා කැපී පේන්න මට වුවමනා නෑ. තරුවක් වගේ ලස්සනට පේන්න, ඒත් අසභ්‍ය නොවෙන්න මම ලස්සනට විලාසිතා තෝරා ගන්නවා.

ලස්සන සහ ජනප්‍රියකම නිසා ශලිනිට හුඟක් වැඩ වැඩි ඇති ?
ඔව්. ටෙලි නාට්‍ය කීපයකම වැඩ එකවර භාරගෙන රඟපානවා. ඒත් හෙම්බත් වෙන්නේ නැතිව ඉන්න පරිස්සම් වෙනවා. එකවර වැඩ ගොඩක් කළාට කවදාවත් කිසිම චරිතයකට අසාධාරණයක් කරන්නේ නෑ.

සඳමාලි වර්ණසූරිය
අපගේ ගොසිප් පුවත් එසැණින් දැනගන්න
නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න

Gossip - Lanka Previous News

© 2013-2017 Gossip - Lanka News Email : editor@gossip-lankanews.com
Advertising - Contact Here Editor - Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.

Hot Gossip - Lanka WALPAL News

Gossip - Lanka PHOTO Gallery

Contact Gossip - Lanka EDITOR

Loading...