Apr 27

නංගිට එක කුස උපන් අයියා කළ අපරාධයේ සුලමුල

පාසල් ඇරිලා ගෙදර ආවා 
ලොකු අයියා මට ඇඳට කතා කළා
අපි ගෙදර අයට හොරෙන් වරින් වර එකතු වුණා

අවුරුදු දහතුනක් වයසැති පාසල් දැරියකගේ කුස තුළ වැඩුණු මාස හතක නොමේරූ මළ දරු උපත සම්බන්ධයෙන් සිදුකළ මරණ පරීක්ෂණයේදී සාක්ෂි සැලකිල්ලට ගත් මරණ පරීක්ෂකවරයාගේ තීරණයකට අනුව චෝදනා ලබන එම දැරියගේම 16 හැවිරිදි වැඩිමහල් සොහොයුරා පිළිබඳව නීතිමය පියවර ගැනීමට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හලාවත හදිසි මරණ පරීක්ෂක වසන්ත ගීකියනගේ මහතා පොලිසියට නියෝග කළ බව හලාවත පොලිසිය පවසයි.

පසුගිය දින උදරාබාධයක් හේතුවෙන් හලාවත රෝහලට ඇතුළත් කළ 13 හැවිරිදි දැරියක කළ මළ දරු උපත සම්බන්ධයෙන් මේ මරණ පරීක්ෂණය හලාවත රෝහලේදී පැවැත්වීය. මෙම මරණ පරීක්ෂණයේදී සාක්ෂි දුන් සිද්ධියට සම්බන්ධ හලාවත ප්‍රදේශයේ පාසල් දැරිය මෙසේ පැවැසුවාය.

මම හලාවත පාසලක නවය ශ්‍රේ‚යේ අධ්‍යාපනය ලබනවා. මට අවුරුදු 12යි. ගිය අවුරුද්දේ දවසක් මම පාසල ඇරිලා සවස ගෙදර ආවා. මම පාසල් ඇඳුම් මාරු කරලා කෑම කාලා ටීවී බැලූ‍වා. එතකොටම ලොකු අයියත් පාසල් ඇරිලා ගෙදර ආවා. ගෙදර කවුරුත් සිටියේ නැ. එයා මට ඇඳට කතා කළා. මම අකැමැති වුණා. ඒත් මට අයියගෙන් බේරෙන්න හම්බ වුණේ නෑ. එදා ඉඳලා මේ වෙනකන් අපි ගෙදර අයට හොරෙන් වරින් වර එකතු වුණා. අම්මට මේ සිද්ධිය කියන්න බය හිතුණා. මගේ බඩ හොඳටම කොරවෙන්න ගත්තා. හොඳටම අමාරු වුණ නිසා අම්මලා මාව හලාවත ඉස්පිරිතාලෙට එක්කගෙන ආවා. මට ‍දොස්තර මහත්වරු බේත් කළත් මම මොනවත් දැක්කේ නෑ.

සිද්ධිය සම්බන්ධයෙන් මෙම දරුවන් දෙදෙනාගේ මව මෙසේ පැවසුවාය.

දරුවන් පිළිබඳව අපට කිසිම සැකයක් හිතුණේ නෑ. අපිට ජීවත් වෙන්න ක්‍රමයක් තිබුණේ නැති නිසා කුලී වැඩට ගියා. මෙයාලා සහෝදරයෝ නිසා දාලා ගියේ. ඒත් මෙවැනි අපරාධයක් ගැන හීනයකින්වත් හිතුවේ නෑ. අපට සමාජයට මුහුණ දෙන්න බෑ. අපිටත් වහ ටිකක් කන්න හිතිලා තියෙන්නේ. මළ දරු උපත සම්බන්ධයෙන් මරණ පරීක්ෂණය හලාවත රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ඩී. කේ. විෙජ්වර්ධන මහතා විසින් සිදු කරන ලදී. වෛද්‍ය වාර්තාව සහ සාක්ෂි සැලකිල්ලට ගත් හලාවත හදිසි මරණ පරීක්ෂක වසන්ත ගීකියනගේ මහතා මෙම සිදු වී ඇති මරණය බාලවයස්කාර දැරියකගේ කුස තුළ කලලයක් අසම්පූර්ණව වැඩීමත් ආරක්ෂා නොවීමත් හේතුවෙන් සිදුවී ඇති මරණයක් බවට තීරණය කරන ලදී.

තවද දෑ සමස්ත සමාජය තුළම අනුමත කළ නොහැකි මෙවන් අපරාධවලට මවුපියන් වැඩිහිටියන් හා ගුරුවරුනුත් නව අධ්‍යාපන ක්‍රමයත් වගකිය යුතු බවත් විශේෂයෙන් නවීන තාක්ෂණික මෙවලම් පරිහරණයේදී තවමත් අපේ රටේ ක්‍රමවේදයක් හෝ නීති පද්ධතියක් නොමැති වීමත් මෙවැනි අපරාධවලට ප්‍රධාන හේතු කාරක වන බව පවසන ඒ මහතා අනිවාර්යයෙන් දරුවන්ගේ විෂය නිර්දේශයට ලිංගික අධ්‍යාපනය ඇතුළත් කිරීමේ කාලය එළැඹ ඇති බව ප්‍රකාශ කර සිටියි.

සිද්ධියට සම්බන්ධ බාලවයස්කාර සහෝදරයා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් හදිසි මරණ පරීක්ෂකවරයා වැඩිදුරටත් පොලිසියට දැන්වීය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.