Apr 01

මේ ඉල්ලුම අපට හැමදාම නෑ ඕෂධී මාකට් එක ගෑන කියන කතාව

සුන්දර නිරූපිකාවක් වන ඕෂධී හිමේෂාගේ රංගනයන් හැමදාමත් රටේ කතාබහට ලක්වෙනවා. ඒ වගේම ඇගේ විලාසිතා දිහා කවුරුත් දෙතුන් වතාවක් උනන්දුවෙන් බලනවා. ඕෂධීගේ අලුත් තොරතුරු ගැන විමසන්න අපි ඉඩක් වෙන්කළා.


ඕෂධී පසුගිය කාලයේ ලංකාවේ හිටියේ නැහැ නේද?

ඔව්. ටික දවසකට තායිලන්තයට ගිහින් ආවා. ඒ තරගාවලියක් වෙනුවෙන්. ලංකාවේ රූපලාවණ්‍ය ශිල්පියෙක් මාව මනාලියක් හැටියට හැඩ ගන්වලා ජාත්‍යන්තර තරගාවලියකට ඉදිරිපත් කළා.

ඒ තරගාවලියේ අපට ජයග්‍රහණයක් ලැබුණද?

නැහැ. ඒ ගැන නම් කනගාටුයි.

ජාත්‍යන්තරයට ගියාම හිතෙන්නේ ලෝකයට සාපේක්ෂව ලංකාවේ පසුගාමියි කියලද?

ලංකාවේ දක්ෂ මිනිස්සු ඉන්නවා. ඒත් ලෝකයේ අනික් රටවල් වගේ අපේ රට ඉක්මනින් අප්ඩේට් වෙන්නෙ නැහැ.

උදාහරණයක් විදිහට ඒ තරගාවලියේ පළමු තැන දිනපු තායිලන්ත නිරූපිකාවගේ ඇඳුම් විලාසිතාව එක්ක අපට හැරෙන්නවත් බැහැ. අපි අලුත්වෙලා නැහැ කියලයි මට හිතෙන්නේ.

ආශාවරී ගීතයේ වීඩියෝවට කළ රංගනය ගැන හුඟක් බැණුම් ඇහුවා නේද?
බැණුම් වගේම හොඳත් ඇහුවා. මම වගේ කාන්තාවක් ලිංගිකත්වය ගැන ප්‍රසිද්ධියේ නිර්මාණයක් තුළ පෙනී ඉඳීම ගැන හුඟක් අය ප්‍රශංසා කළා.

මිනිස්සුන්ගේ බැණුම් ඕෂධීට අදාළ නැද්ද?

අදාළ නැහැ කියන්නත් බැහැ. ඒ වගේ වැඩ කරන්න එපා කියලා කවුරු වුණත් මට කියන්නේ මට තියෙන ආදරේටනේ. ඒ නිසා ඒ ආදරණීය බැණුම් මට වටිනවා. ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යයේ හුඟක් ක්‍රම හරහා මිනිස්සු මට බැණලා තිබුණා. ඒ හැමෝටම මම කියන්නේ ‘thank you’ කියලා.

අඩනිරුවතින් රඟපෑවේ හිට් වෙන්න හිතාගෙනද?

හිට් වෙන්න ඕනකම තිබුණෙ නැහැ. මම ඒ වීඩියෝවේ  constpt එකට ආසයි. ඒකේ රඟපාන්න භාරගත්තේ ඒ නිසා.

ඒ දර්ශනය රඟපෑව එක ගැන අද පසුතැවෙනවාද?

අනේ ඇයි මම පසුතැවෙන්නේ? ලංකාව කියන්නේ ඉඥය කියන වචනය සර්ච් කරලා ලෝකයේ අංක එකට ආපු රට. එහෙව් රටක මිනිස්සුන්ට බිකිණියක් හෝ අඩනිරුවත් රඟපෑමක් ගැන අමුත්තක් තියෙන්න පුළුවන්ද?

අනික මම පුද්ගලිකව දන්නවා ඒ දර්ශනතලයේ මම කවුරුත් එක්කවත් වැරදි හැසිරීමක නිරත වුණේ නෑ කියලා. ඒක කැමරාව ඉදිරිපිට කළ රඟපෑමක් විතරයි. ඒ නිසා කිසිම පසුතැවීමක් නෑ.

ආපහු ඒ වගේ රඟපෑමකට ආරාධනා ලැබුණොත් භාරගන්නවාද?

ඒ නිර්මාණය අධ්‍යක්ෂණය කරන්නේ කවුද, ගෙවීම් කොහොමද සහ මට රඟපාන්න ලැබෙන නළුවා කවුද කියන දේවල් ගැන සතුටු වෙන්න පුළුවන් නම් මම ආපහු ඒ වගේ රඟපෑමක යෙදෙන්න පසුබට වෙන්නේ නැහැ.

නිරූපිකාවන් ගැන සමාජයට තියෙන්නේ වැරදි වැටහීමක් කියලද ඕෂධී කියන්නේ?
ඔව්. රට වටේ වැටක් ගැහුවත් මිනිස්සුන්ගේ කටවල් වටේ වැටවල් ගහන්න අපට බෑ. වැරදි අවබෝධය මත මිනිස්සු නිරූපිකාවන්ට බණිනවා.

හැබැයි ඒකේ තවත් පැත්තක් තියෙනවා. අපේ ක්ෂේත්‍රයේ අයත් බැණුම් අහන්න ඕන විදිහේ වැඩ කරනවා දකිනවා. එතකොට අපි වගේ හොඳ අයටත් සමාජයෙන් බේරිලා ඉන්න ඉඩක් ලැබෙන්නේ නැහැ.

වයසත් එක්ක පෙනුම වෙනස් වෙනකොට නිරූපණ රස්සාව අහිමි වේවිද?

ඒක නිරූපණ ක්ෂේත්‍රයේ නියැළිලා ඉන්න අපි හැමෝම දන්න කාරණයක්. හැමදාම මේ වගේ ලස්සනට ඉන්න ලැබෙන්නේ නෑ. ඒ වගේම හැමදාම අපට ඉල්ලුමක් ලැබෙන්නෙත් නැහැ. ඒ නිසා නිරූපණයෙන් දුරස් වෙන දවසක ආර්ථිකය ගැන හිතලා මම දැන්මම ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්නේ.

මගේ උපන් ගම හික්කඩුව. හික්කඩුව නගරයේ විශේෂතාවට ගැළපෙන ව්‍යාපාරයක් පටන් ගන්නවා ළඟදීම.

ඊළඟ නිර්මාණයත් බැණුම් අහන එකක් වේවිද?

ඊළඟ නිර්මාණය චිත්‍රපටයක්. තිරගත වෙන දවසට ප්‍රතිචාර ගැන බලමුකෝ.
අනාගතය ගැන?

ලොකු සැලසුමක් නැහැ. කොහොමත් මම එදිනෙදා සැලසුම් එක්ක සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක්. මම නිතර පාටිවලට යන, නිතර ක්ලබ් ගිහිල්ලා නටන, දඟලන විදිහේ කෙනෙක් ‍නෙවෙයි. හෙමින් හෙමින් මගේ ගමන යනවා.

සාවිත්‍රි විතානගේ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.