Apr 08

මහින්දට ඇඳපු හරීන්ද්‍ර සහ මෛත්‍රීට ඇදපු නදුන් රටට කියපු දේ මෙන්න

හරීන්ද්‍ර අබේවික්‍රම සහ නදුන් විජයවික්‍රම කිව්වම දැන් අපේ රටේ නොදන්න කෙනෙක් නෑ. දවසින් මුළු රටක් නෙවෙයි ලොව ම කතා කරන චරිතයක් බවට හරීන්ද්‍ර සහ නදුන් පත් වුණේ වාර්ෂික පාසල් ක්‍රිකට් සැණකෙළියේ ප්‍රචාරණ රැළියකට හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේත් වර්තමාන ජනපති මෛත්‍රීපාල සිරිසේනගෙත් හැඩරුවට සමාන චරිතයකට පණ පෙවීම නිසා.

බුකියේ දරුණුවට ම විවේචනයට ලක්වුණ හරීන්ද්‍රට මේ නිසා ම මරණ තර්ජන පවා ආවා කියලා අපට දැනගන්න ලැබුණා. ඇත්තට ම මේ හරීන්ද්‍ර කවුද? ඇයි එයා මේ වගේ දෙයක් කළේ? ඔන්න ඒ ගැන හොයන්න අපි තීරණය කළා. හැබැයි ඒ දේශපාලනය කරන්නවත් කාටවත් කඩේ යන්නවත් නෙවෙයි.

කොල්ලෙක් ගත්ත සුපිරි ආතල් එකක් රටක් කළඹවන්න සමත්වීමත් මේ හරීන්ද්‍රට ඒ ගැන රටට කියන්න තියෙන්නෙ මොනවද කියලා දැනගන්න එකයි තමයි අපේ මේ සාකච්ඡාව කරන්න ප්‍රධාන ම හේතුව වුණේ.

බුකිය ගිනිතිබ්බා නේද?
එහෙම වුණා පොඩ්ඩක්

ඇයි මෙහෙම දෙයක් කරන්න හිතුවේ?
වාර්ෂික බිග් මැච් පෙරඩ් එකේ අපි කාලෙන් කාලෙට ඔය වගේ පොඩි පොඩි දේවල් කරනවා. මේ පාරත් කළේ ඒ වගේ වෙනසක් තමයි. නැතුව කිසිම යටි පරමාර්ථයක් මට තිබුණෙ නෑ.

කොහොමද ලැඛෙන ප්‍රතිචාර

වර්ග දෙකක් තියෙනවා. එකක් හොඳයි. එකක් නරකයි.

මරණ තර්ජනත් එහෙම ආවා කියන්නෙ ඇත්තද?
ඔව්.

දුරකතන ඇමතුම් දෙකකින් මට මරණ තර්ජන කළා. ඒ වගේ ම ෆෙස්බුක් හරහාත් ඒ වගේ මරණ තර්ජන කිරීම් කිහිපයක් දැක්කා.

ජීවිතේට තර්ජනයක් ඒවි කියලා බයක් නැද්ද?
දැනට නම් එහෙම බයක් නැහැ. එන දේකට මූණ දෙනවා.

පාරෙ බැහැලා යන්න පුළුවන් තත්ත්වයක් නෑ කියන්නෙ ඇත්තද?
(හිනා) එහෙම නැහැ. ඒත් ඔය වෙඩින්වලට එහෙම ගියාම සමහරු ඇවිත් පොඩි පොඩි විවේචනය කිරීම් නම් කරනවා.

හිටපු ජනාධිපතිතුමා කතා කළේ නැද්ද?
මගේ යාළුවෙක්ට කතා කරලා තිබුණා. එතුමා හිනා වෙවී අහලා තිබුණෙ ලකවුද ඒ කොල්ලා?ල කියලා. ඒ වගේ ම නාමලුත් හිනා වෙවී යාළුවෙක්ගෙන් අහලා තිබුණා ලමචං උඹගෙ යාළුවෙක්ද ඒ?ල කියලා. ඇත්තට ම හිටපු ජනාධිපතිවරයටවත් ඔහුගෙ පවුලෙ අයටවත් මේක බරපතල ප්‍රශ්නයක් නෙවෙයි ඔය අනිත් අයට වගේ.

ඉතින් නදුන් ඔයා හරීන්ද්‍ර එක්ක එකතුවෙලා බුකිය ගිනිතිබ්බා නේද?
පොඩි ඇක්ට් එකක් දැම්ම පත්තු වෙලා ගියානෙ

ඉතින් පත්තුවෙලා යනකොට මොකද හිතුනෙ?
සිනාසෙමින්...  පොඩිඩක් සතුටක් ඇති උනා ස්කොලෙ නමත් එක්කවෙ පත්තු උනේ
ඒ වගේම බයෙන් හිටියෙ

ඇයි ඒ බය හිතුනෙ?
ජොබි එක ගැන තමයි.. ඒත් මෛත්‍රි ජනාධිපති තුමා එහෙම නෑ කියල මගෙ යාළුවො ගොඩක් දෙනෙක් කිවුව.

ඔයාට මරන තර්ජන ඒම ආවෙ නැත්ද?
අපෝ නෑ

ඇයි මෙහෙම කරපු එක අපහාසක් කියල බුකියෙ බැනල තිබුන නේද?
අපි හිතන්නෙ නෑ මේක අපහාසයක් කියල..  අපිය ඕන උනේ හාස්‍යක් උපද්දන්න
අපි හිතනව ඒක සාර්ථකයි කියල

හොදට රග පාන්න පුළුවන් නේද?
ඔවු මට පොඩිකාලෙ ඉදල ඒක පොඩ්ඩක් පුළුවන්

අවස්ථාවක් ඒම හමු උනොත් ?
හිතල බලන්න ඕනෙ අකමැත්තක් නෑ

අවසානෙට කියන්න තියෙන්නෙ මොකද්ද?
අපිට ඕනෙ දේ උනා ස්කොලෙ නම අස්සක් මුල්ලක් නෑර ගියා

 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.